18/06/2026
මොකද්ද මේ අන්ධ කලාපය (Blind Spot) කියන්නේ? මේ පිළිබඳව දැනුවත් වීම, මාර්ග ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කරුණක්
රිය පැදවීමේදී තමන් පසු පස පැමිණෙන අනෙකුත් වාහන නිරීක්ෂණය සඳහා Side Mirrors එහෙමත් නැත්තන් පසුපස බලන පැති කණ්නාඩි දෙක පමණක් භාවිතා කරගෙන වාහනයක් පදවීම සම්පූර්ණ ආරක්ෂිත බව බොහෝ රියදුරන් විශ්වාසකරන කරුණක්. එහෙත්, වාහනය වටා ඇති සියලුම අවකාශය side mirrors මඟින් හෝ rearview mirror එක මඟින් සම්පූර්ණයෙන්ම ආවරණය නොවන බව තාක්ෂණික සත්‍යයක්.
මෙම නොපෙනෙන අවකාශය “අන්ධ කලාපය” (Blind Spot) ලෙස හඳුන්වයි. මාර්ග අනතුරු බොහොමයකට මූලික හේතුවක් වන්නේද මෙම කලාපය පිළිබඳ අවබෝධය නොමැතිව වාහන ධාවනය කිරීමයි.
Blind Spot යනු රියදුරු ආසනයේ සාමාන්‍ය වාඩිවී සිටින ඉරියවුවෙන්:
Side mirrors මඟින් නොපෙනෙන
Rear-view mirror මඟින් නොපෙනෙන
Peripheral vision (අක්ෂි පාර්ශ්වික දෘෂ්ටිය) මඟින්ද සම්පූර්ණයෙන් නොග්‍රහණය වන
වාහනය වටා ඇති විශේෂිත අවකාශයන් වේ.
මෙම කලාප සාමාන්‍යයෙන් වාහනයේ පිටුපස දොරවල් අසල සහ B-Pillar / C-Pillar ආශ්‍රිත ප්‍රදේශවල දක්නට ලැබේ.
Blind Spots පිළිබඳව ඇති අවධානය අඩුවීම මාර්ග අනතුරු සඳහා ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.
Lane change හෝ overtaking සිදු කරන අවස්ථාවලදී Blind Spot තුළ සිටින යතුරුපැදි හෝ අනෙකුත් වාහන සමඟ ගැටීම් සිදුවිය හැක.
විශේෂයෙන්ම අධිවේගී මාර්ග (Expressways) තුළ මෙම අවදානම ඉතා ඉහළ වේ.
Blind Spot අවදානම අවම කිරීම සඳහා රියදුරන් විසින් අනුගමනය කලයුතු නිවැරදි ක්‍රමවේද මොනවාද?
1. SAE BGE ක්‍රමයට mirrors සකස් කිරීම
බොහෝ රියදුරන් mirror සකස් කරන්නේ තම වාහනයේ දොර කොටස පෙනෙන ආකාරයටය. මෙය නිවැරදි ක්‍රමවේදය නොවේ.
නිවැරදි ක්‍රමය වන්නේ වාහනයේ body එක පැති කණ්නාඩි වලින් නොපෙනෙන ලෙස වඩා වැඩි පරාසයක් අසුවනසේ බඳෙන් පිටතට සිටිනසේ සකස් කිරීමයි. Rear-view mirror දර්ශනය සහ side mirrors දර්ශනය අතර හිස් අවකාශයක් නොතිබීම
මෙම ක්‍රමය මඟින් බයික් සහ ත්‍රීවිල් වැනි වාහන පිවිසෙන කුඩා අවකාශ පවා හඳුනාගත හැක.
2. Shoulder Checking
Lane change කිරීමකට හෝ හැරවීමකට පෙර:
පති කණ්නාඩි පරීක්ෂාවෙන් පසු හිස සහ උරහිස පසුපසට හැරවීමෙන් Blind Spot physically පරීක්ෂා කිරීම. මෙය අත්‍යවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් වන අතර විශේෂයෙන්ම අඳුරු කල වීදුරු (tinted windows) ඇති වාහන සඳහා යෝග්‍යවේ.
3. Blind Spot Monitoring (BSM) පද්ධතිය නිවැරදිව භාවිතා කිරීම
නවීන වාහනවල ඇති BSM පද්ධතිය නිසි අයුරින් භාවිතා කිරීම තුලින් Blind Spot තුල ඇති දෑ හඳුනාගැනීම දැන් වඩාත් පහසුයි. මෙහි ඇති අනතුරු හැඟවීමේ ශබ්ධ සංඥාවන් රිය පැදවීමේදී බාධාගෙන දේ නම් visual indicator පමණක් ක්‍රියාත්මක වන ලෙස system settings සකස් කළ හැක.
4. Spot Mirrors භාවිතය
පැරණි වාහන සඳහා ඉතාමත් අඩු වියදමකින් ලබාගත හැකි convex spot mirrors භාවිතය Blind Spot අවදානම අඩු කිරීමට ප්‍රායෝගික විසඳුමක් වේ. මෙම උපාංගය පැති කණ්නාඩිය මතම ඇලවීම කලහැක.
ආරක්‍ෂිත රියපැදවීමක් මගින් වටිනා ජීවිතත්, මුදලුත්, කාලයත් බේරාගැනීම සඳහා Motopet මතක් කිරීමක්.
More Miles. More Smiles.