04/12/2022
උඹ උඹෙන්ම අහපං !
* උඹට කහ ඉරකින් පාර පනින්න බැරිනම්
* කාපු ටොපියෙ කොලේ නිසි තැනකට දාන්න බැරිනම්
* බීපු වතුර බෝතලේ පාරට විසි කරනවනම්
* බස් එකේ යද්දි කාපු දොඩම් ගෙඩියෙ ලෙල්ල පාරට
දානවනම්
* වාහනයක් එලවද්දි හෝන් එක නොගහ යන්න බැරිනම්
* ඉස්සරහ වාහනෙ පොඩ්ඩක් බ්රේක් ගැහුවම උඹ හෝන්
එක උඩ නගිනවනම්
* ලොකු හන්දියකදි අනිත් උන් උඹට ඉඩ දෙන්න ඕනෙ
කියල උඹට හිතෙනවනම්
* උඹට ගෙදර යන්න පරක්කුයි කියල උඹ ඉරි කපං මාර්ග
නීති පිලිපදින්නෙ නැතුව ලෙල්ලට පාගනවනම්
* ට්රැෆික් එකේ ඉද්දි තමන්ගෙ ලේන් එකේ ඉන්නෙ නැතුව
අනිත් උන්වත් පහු කරන් ඉස්සරහටම යන්න හදනවනම්
* කොටින්ම කිව්වොත් කොච්චර ඉඩ තිබ්බත් උඹට
parking එකක slot එකේ හරියට park කරන්න
හිතෙන්නෙ නැත්නම්
* සරලවම දන් සැලකවත් පෝලිමේ ඉන්නෙ නැතුව
යලුවෙක් ටෝක් කරල ඇතුලට පැනල කන්න try එකක්
දෙනවනම්
* උඹේ කටේ තියන කෙල ටික උඹම ගිලින්නෙ නැතුව
ඒකත් පාරට ගහනවනම්
* වෙන එකෙක් දියුනු වෙනව බලං ඉන්න බැරිනම්
* වෙන එකෙක්ගෙ අදහස් වලට ආකල්ප වලට උඹට ගරු
කරන්න බැරිනම්
* උඹ ඡන්දෙ දාපු එකාටම උඹේ අනිත් උනුත් ඡන්දෙ දාන්න
ඕනෙ කියල හිතනවනම්
* ජනාධිපති මාරු උනහම ඌ රට හදයි කියල හිතනවනම්
* නාග ලෝකෙන් ආපු ධාතුවට සාදු කියල කන්යාවියො 72
ලබාගන්න ගිය සහරාන්ට උඹ හිනාවෙනවනම්
උඹ වැරදී මිත්රය !
මේක කියවද්දි උඹට උඹ ගැන සතුටු හිතුනනම් උඹ වෙනස් එකෙක්. ❤
උඹට තරහක් ආවනම් මම ගැන මචං උඹයි පිලිලෙ.
උඹ වගේ 100ක් හිටියොත් ඇති මේ රට මේ වලේම තියෙන්න.
වෙනස් වෙන්න ඕනෙ ආණ්ඩුව නෙවෙයි උඹ !
මේ රටේ මේව කරන්න බෑ කියල හිතනවනම් උඹ හද්ද ගොනෙක්. උඹ වෙනස් වෙයන්. එතකොට උඹ වගෙ තව එකෙක් වෙනස් වෙයි. රට නිකන්ම හැදිල තියෙයි.
රටක් හැදෙන්නනම් විනයගරුක මිනිස්සු ඉන්න ඕනෙ.
රටට ආදරෙයිනම් අද ඉදන්වත් ස්වයං විනය, දන්න සිංහලෙන් කියනවනම් self disciplines හදාගනිං.
අඩුම තරමෙ උඹේ දරුවෙක්ටවත් ලස්සන දියුණු රටක ජීවත් වෙන්න ලැබෙයි.
Share කරපං. මේක බලල එකෙක් හරි වෙනස් වෙයි
ඉතිරි ටික සංවාදයට ...........
*Copied*