Team IRONMAN 4x4 Sri Lanka

Team IRONMAN 4x4 Sri Lanka Welcome to the official Team IRONMAN 4x4 Sri lanka page!

28/11/2025

🛑‼️ නිවේදනයයි ‼️🛑
දිවයිනේ සෑම ප්‍රදේශයකට පාහේ බලපා ඇති හදිසි තත්ත්වය හේතුවෙන් දින කිහිපයක් පුරාම රෝහල් වලට අවශ්‍ය රුධිරය අදාල ලේ බැංකු වලට ලැබීම අඩාල විය. ඊට හේතු වූයේ රට තුළ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජංගම රුධිර කඳවුරු සංවිධානය කිරීම අපහසු වීම හා පෙර සංවිධානය කරන ලද ජංගම කඳවුරු වලට රුධිර දායකයින්ට පැමිණීම අපහසු වීමත් ය.

මේ හේතූවෙන් ජාතික රුධිර සංචිතය ඉතා අවධානම් ලෙස පහත වැටීමෙන් රුධිරය අත්‍යාවශ්‍ය රෝහල්ගත රෝගීන්ට රුධිරය ලබා දීම ඉතා අපහසු තත්ත්වයකට පත්වෙමින් පවතී. ඉදිරි දින කිහිපය තුළදී අවශ්‍ය රුධිරය එකතුකර ගැනීම තවදුරටත් අඩාල වුවහොත් රුධිරය අවශ්‍ය වන රෝගීන්ට රුධිරය ලබා දීමට ඉතාම අසීරු තත්ත්වයකට පත් විය හැක. එම නිසා හැකි දිවයින පුරා සිටින අමිල වූ ජාතික මෙහෙවරක් සිදු කරන රුධිර දායක මහත්ම මහත්මීන් හැකි සියලු දෙනාම ලඟම ඇති ලේ බැංකුව වෙත තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් ගොස් තමන්ගේ රුධිරය පරිත්‍යාග කරන මෙන් ජාතික රුධිර පාරවිලයන සේවය විසින් ඉතා කාරුණිකව ඉල්ලා සිටී. අපේම සහෝදර රෝගී ජනතාව අපගේ උපකාරය අවශ්‍යම මොහොතක තනි නොකරමු.

ලේ බිඳක් දන් දී ගංවතුරට හෝ ගසාගෙන යාමට නොහැකි වූ මනුෂ්‍යත්වය ප්‍රදර්ශණය කරමු. 🙏🦸‍♂️🩸

🛑 විශේෂයෙන්ම නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට මෙන්ම වැඩි රුධිර අවශ්‍යතාවයක් පවතින පහත සදහන් ලේ බැංකුවලට පැමිණ රුධිරය පරිත්‍යාග කරන මෙන් අපි ඉල්ලා සිටිමු.

⭕️පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම ( 011 236 9931, 011 722 0677 )
⭕️පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා

📌රාගම ශික්ෂණ රෝහල - 011 296 0535/ 011 2959261
📌මහරගම අපේක්ෂා රෝහල - 011 284 9525/ 011 289 7377
📌යාපනය - 021 2223063/ 021 2222261
📌කුරුණෑගල - 037 2229617/ 037 2223873
📌අනුරාධපුරය - 025 2222261/ 025 2236424
📌මහනුවර - 081 2203100/ 081 2222261
📌බදුල්ල - 055 2222124/ 055 2222261
📌හම්බන්තොට - 047 2222016/ 047 2220261
📌කළුතර - 034 2222261/ 034 2236529
📌රත්නපුරය - 045 2226592/ 045 2222261
📌ත්‍රිකුණාමලය - 026 2231385/ 026 2222600
හා
📌ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල (091 2226066/ 091 2232267 )
යන රෝහල් ලේ බැංකු තුල දී මෙන්ම
📌මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානයේ දී ( 041 3415665 )
ඔබට රුධිරය පරිත්‍යාග කල හැක.

28/11/2025

0777 39 83 66 - සෑම් චන්ද්‍රසෝම ( Team Ironman )

"මේ වෙලාවෙ උදව් අවශ්‍ය අය ඕනතරම් ඇති ඒ අයට උපකාරයක් විදියට මේ විඩියෝ එක ⁣ශෙයාර් කරන්න. ඒ වගේම ඔයා ලග 4×4 වාහනයක් තියනවනම් අපිත් එක්ක එකතු වෙන්න කතාකරන්න."

Sam Chandrasoma Team IRONMAN 4x4 Sri Lanka

28/11/2025

ආපදාවට පත් ජනතාවට සෞඛ්‍ය සහන ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විශේෂ මෙහෙයුමක්..!

පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්..!

සමස්ත දිවයිනටම බලපා ඇති ධාරානිපාත වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් වී ඇති සියලුම දෙනා සම්බන්ධයෙන් අපගේ සාතිශය කණගාටුව පළකර සිටිමු.

මෙම ආපදා තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට අවශ්‍ය ක්ෂණික ජීවිතාරක්ෂක සේවා සහ වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් රට පුරා සියලුම දිස්ත්‍රික්ක සහ රෝහල් ආවරණය වන පරිදි වෛද්‍ය කණ්ඩායම් ගණනාවක්, සහායක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ඖෂධද සමඟ පැය 24 පුරා අඛණ්ඩව සූදානමින් සහ සහන සේවාවන්හි නිරත වෙමින් සිටී.

එමෙන්ම විපතට පත් ඔබට, අවශ්‍ය වෛද්‍ය සහාය ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්ද ක්‍රියාත්මකව පවතී.

ආපදා තත්ත්වයට මුහුණ දී සිටින ඔබට අවශ්‍ය ඕනෑම වෛද්‍ය සහයක් වෙනුවෙන් පහත දුරකථන අංකය අමතන්න.

අප මාතෘ භූමිය ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින මේ තීරණාත්මක මොහොතේ, සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ ජීවිතාරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ශ්‍රී ලාංකීය වෛද්‍ය ප්‍රජාව අවශ්‍ය සියලු මැදිහත්වීම් සහ දායකත්වය ලබාදෙමින් ස්වකීය ජාතික වගකීම ඉටුකිරීමට කොන්දේසි විරහිතව කැපවන බව අවධාරණය කරමු.





27/11/2025

🔴 𝐑𝐄𝐃 𝐀𝐋𝐄𝐑𝐓 | 𝐂𝐲𝐜𝐥𝐨𝐧𝐢𝐜 𝐒𝐭𝐨𝐫𝐦 “𝐃𝐢𝐭𝐰𝐚𝐡” 𝐍𝐞𝐚𝐫 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

The Department of Meteorology warns that Cyclone Ditwah, located south of Batticaloa, is moving north–northwest and will bring very heavy rainfall, strong winds (60–70 km/h, gusting up to 80 km/h) and rough seas around the island.

🌧️ Heavy rains expected in many provinces
💨 Strong winds across the island
🌊 Sea areas extremely rough - fishing activities are advised to stop immediately

⚠️ The public is kindly requested to stay alert, avoid risky areas, and follow the guidance of disaster management authorities.

Stay safe. Protect your family and community.

27/11/2025
19/10/2025
15/10/2025

Address

Pita Kotte

Alerts

Be the first to know and let us send you an email when Team IRONMAN 4x4 Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Team IRONMAN 4x4 Sri Lanka:

Share