28/05/2026
අම්මා කෙනෙකුගේ ස්තූතියක්,,💐🙏🥰
Hornet House අපෙන් සේවාව ලබාගන්න එන customers ලා පෞද්ගලිකව දක්වන අදහස් මෙච්චර කාලෙකට විශාල ප්‍රමානයක් අද වෙනකොට අපට පෞදගලිකව ලැබිලා තියනවා. ඒ අතර වැඩි හරියක් රට රස්සාවල් කරන ලමයින්ගේ, තාත්තලාගේන් ආපු අදහස්, තරුන කොල්ලන්ගේ අදහස්, තෑගි විදියට පිටින් ගත්ත බයික්වල දෝශ හදාගන්න ආපු පිරිස, ආරක්ශක අංශයේ නිලදාරීන් විශේශයෙන්ම, ආර්තික ප්‍රශ්න හමුවේ දරුවන්ගේ බයික් නිසා ඇතිවෙන සමහර මවුවරුන්ගේ පියවරුන්ගේ දුක් අදෝනා වලට පිහිටක් උන අවස්තා, වෙනත් අයගෙන් බයික් මිලදීගැනීමෙදී අප නොදන්නා පාරිබෝගිකයන් හට දුරකතනය හරහා අප දැක්වූ සහයෝගය සහ විශේශයෙන්ම දුර පලාත්වල සිටින අප නොදන්නා පිරිසගේ හදිසි යතුරුපැදියේ ආපදා වලදී video calls මගින් කරන ලද අපගේ සේවාව ඉතා විශාලයි. ඒ වගේම ඒ සදහා ඔවුන් අපට පෞදගලිකව දක්වන අදහස්, ආරාදනා ඉතා විශාලයි. නමුත් එවා සමාජ මාද්‍යයේ ප්‍රසිද්ද කිර්‍රීමේ කිසිදු වුවමනාවක් හෝ යටි අරමුනක් අප සතුව නැත. ඒ කිසිවක් නිසා නොව, ඒ දක්වන අදහස් තනිවම විදීම ඉතා ගැබුරු සුවයක් ලබාදෙන නිසාවෙනි….
මේ තියෙන්නේ එහෙම අදසක් දක්වපු තවත් එක් අම්මා කෙනෙකුගේ ඇගයීමක්. හැබැයි මේ පෞද්ගලික ඇගයීම පෙන්නන්න හිතුනේ, ඒ අදහස ටිකක් හිතට දැනුන එකක් නිසා.@