ජීවිතයට ඔවදනක්

ජීවිතයට ඔවදනක් Me samajaye wena weradi thawa thawath iwasagatha noheki nisa me page nirmanaya karanna hithuna. Oyalage jeewithayata honda deyak lebunoth LIKE karanna...

08/12/2024

නොමිලේ PDF Book 📚
ඕනම පොතක pdf ඕනි අය Group එකට Add වෙන්න...

සුභ උදෑසනක් වේවා🌄🌾🌸 ආදරණීය සුභ දවසක් වේවා 💫💞 පරිස්සමින් ඉන්න... සතුටින් ඉන්න... බුදුසරණයි 🙏
07/11/2024

සුභ උදෑසනක් වේවා🌄🌾🌸 ආදරණීය සුභ දවසක් වේවා 💫💞 පරිස්සමින් ඉන්න... සතුටින් ඉන්න... බුදුසරණයි 🙏

02/11/2024
Wish You a Very Happy and Prosproues Thai Pongal Day to My Friends...!We Are Celebreating Today.!
14/01/2019

Wish You a Very Happy and Prosproues Thai Pongal Day to My Friends...!
We Are Celebreating Today.!

මගේ සියලුම යහලු යෙහෙළියන්, සහෝදර සහෝදරියන් සහ මට සුභ පතපු හැමෝටම මාගේ අවංක ස්තූතිය එක සිතින් පිරිනමමි මෙසේ....!
31/12/2018

මගේ සියලුම යහලු යෙහෙළියන්, සහෝදර සහෝදරියන් සහ මට සුභ පතපු හැමෝටම මාගේ අවංක ස්තූතිය එක සිතින් පිරිනමමි මෙසේ....!

27/12/2018

ඔරේන්ජ් නිෂ්පාදන ලොවට දයාද කළ කුෂාන් කොඩිතුවක්කු...

අභියෝග ජයගත් මිනිස්සු...

ඔහුගේ සීයා ව්‍යාපාරික ක්ෂේත්‍රයට මුලින්ම පිවිස ඇත්තේ දොඩම් වෙළෙදාමෙන් යැයි පසු කලෙක ඔහුට දැනගන්නට ලැබිණි. ඔවුන්ගේ පරම්පරාවේ පළමු පරපුරේ ඇරඹුම එසේ වී යැයි සඳහන් වුවද පසුකලෙක සීයා ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකට වූයේ මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහැරීමේ අංශය වෙතිනි.

එවකට පංචිකාවත්ත අද මෙන් මෝටර් රථ අමතර කොටස් අලෙවි කෙරෙන පාරාදීසයක් ලෙස ප්‍රකටව නොතිබුණු සමයේදී මුලින්ම මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහරින අලෙවි ආයතනයක් ‘සෝමපාල සහ සමාගම’ ලෙස ස්ථාපිත කළේ ඔහුගේ සීයාය. දොඩම් වෙළෙඳාම අත්හැර දමා ඇත්තේ මෝටර් රථ අමතර කොටස් අංශයේ වෙළෙඳාම සාර්ථක වූ නිසාවෙනි. නමුත් දෛවයේ කුමක් හෝ අහඹු සිදුවීමක් මත ඔවුනගේ ව්‍යාපාරයට මූල බීජය වූ දොඩම් වෙළෙඳාමේ දොඩම් (ඔරේන්ජ්) නාමය තෙවැනි පරම්පරාවේ ව්‍යාපාර සංකල්පයට ජාත්‍යන්තර ආලෝකයක් ගෙන දී තිබේ.

අප මේ කතා කරන්නේ ඔරේන්ජ් ඉලෙක්ට්‍රික් නව සොයා ගැනීම් අංශය ඇතුළු අංශ කීපයකින් සමන්විත ඔරෙල් කෝපරේෂන් සමාගම ගැනය. එම සමාගමේ නාමයට වඩා අද ලොව පුරා ප්‍රකටව ඇත්තේ ‘ඔරේන්ජ්’ නාමයයි. විදුලි ස්විචයේ සිට බල්බය ඇතුළු එම අංශයට අදාළ නවීනතම තාක්ෂණය පවා ලෝකයට දායාද කළ මෙම ඔරෙල් කෝපරේෂන් සමාගම් ජාලයේ වත්මන් පුරෝගාමි පුරුක වන්නේ කුෂාන් කොඩිතුවක්කු නම් වූ ව්‍යවසායක චරිතයයි.

එද‌ දශක කීපයකට පෙරදී සීයා දොඩම් ගෙඩියෙන් පටන්ගෙන ව්‍යාප්ත කළ ව්‍යාපාර බීජය පසුව කුෂාන්ගේ තාත්තා නව සංකල්ප වෙතින් තව තවත් දියුණුවට රැගෙන ගියේය. තාත්තාගේ වියෝවින් පසුව නේක විධ අභියෝග රැසකට මුහුණ දුන් පුතු කුෂාන් තෙවැනි පරම්පරාවට අයත්ව ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ අද නැගී සිටින්නේ මහා බලසම්පන්න චරිතයක් ලෙසය. ඔහු ගැන වූ මේ කතාව ව්‍යවසායකත්වය වෙතින් පමණක් නොව විවිධ අංශ වෙතින් ජීවිතය ජය ගැනීමට වෙර ගන්නා බොහෝ දෙනාට අතිශයින්ම වැදගත් වේවි.

‘අපේ ව්‍යාපාර පරම්පරාවේ මුල් පුරුක වන්නේ අපේ සීයා. එතුමා මුලින්ම කරලා තියෙන්නෙ ඌව වෙල්ලස්සෙ සිට දොඩම් ප්‍රවාහනය කිරීමයි. අපේ පරම්පරාව පැවත එන්නේ මාතරින්. එදා මාතර මුල් කරගෙන පටන් ගත් ව්‍යාපාරය වෙනස් මගකට යාමට මුල් වුණේ සීයා භාවිතා කළ අබලන් වූ ලොරිය නිසයි.

එදා දොඩම් ප්‍රවාහනය කරලා තියෙන්නේ ඒ ලොරියෙන්. ලොරිය කැඩුණාම අමතර කොටස් සොයා ගැනීම අපහසු වෙලා. මෝටර් රථ අමතර කොටස් කොළඹ සිට මාතරට ගෙන්වා බෙදා හැරීමේ ව්‍යාපාරය පටන්ගෙන තිබෙන්නෙ ඒ විදියටයි. එය දියුණු වූ නිසා දොඩම් වෙළෙඳාම අත්හැර සීයා මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන ව්‍යාපාරය කොළඹට ගෙනැල්ලා. පංචිකාවත්තට මුලින්ම මෙම අංශයේ පටන් ගැන්මට පුරෝගාමී වූ චරිතයක් ලෙස සීයාගේ නාමය සඳහන් කරන්න පුළුවනි. එතැනින් ද නොනැවතුණු සීයා, එංගලන්තයට ගිහින් බෙදාහැරීමේ නියෝජිත ලෙස මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහැරීමේ අංශය පුළුල් කළා. සීයාගේ සංකල්ප මත එයා තමුන්ගේ යාළුවන්ට සහ ඥ‌තීන්ට අලෙවි ආයතන විවර කර දී එම අංශය දීප ව්‍යාප්ත කිරීමට පුරෝගාමීත්වය දැරුවා. ඉතා හොඳ අලෙවි ජාලයක් රට පුරා ව්‍යාප්ත කළ බව කියන්න පුළුවනි. පසුව එංගලන්තයෙන් අමතර කොටස් ගෙන්වීමට අමතරව ජපානයෙන් ද ගෙන්වීමට කටයුතු කළා. ඒ විදියට දියුණුවෙමින් සිටියදී වතාවක ව්‍යාපාරික කටයුත්තක් සඳහා ජපානයට යමින් සිටියදී සීයා අන්ත්‍රා වුණා.

කුෂාන් පවසන පරිදි ඔහුගේ පියා එම ව්‍යාපාර අංශය පවත්වාගෙන යාමට මූලික වූයේ ඉනික්බිතිවය. ඔහුගේ නාමය වන්නේ සුගත් කොඩිතුවක්කුය. ඔහු සත් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලාය.

තමාගේ තාත්තාටත් වඩා එහා ගිය නව සංකල්ප ඔහු සතු වූ බැවින් සුගත් ව්‍යාපාර ජාලය දිනෙන් දින දියුණු කිරීමට වග බලා ගත්තේය. එක්තරා අවස්ථාවක මොරිස් රෝච් සමාගම ද මිලදී ගත් අතර ලෝ ප්‍රකට පිලිප්ස් නාමයේ ශ්‍රී ලාංකීය නියෝජිත වූවේය. ඉලෙක්ට්‍රිකල් (විද්‍යුත්) අංශය කෙරෙහි ඔවුන් හුවමාරු වූයේ එතැන් සිටය. එහෙත් පසුව ආ විවෘත ආර්ථිකය නිසා විවිධ ප්‍රශ්නවලට මුහුණදීමට කුෂාන්ගේ පියා හට සිදු විණි. ඒ අතරවාරයේදී ඔවුන්ගේ ව්‍යාපාරික ආයතනයක් සිංගප්පූරුවේ ද ස්ථාපිත කර තිබිණි. නව සංකල්ප යටතේ අලුත් අලුත් දේ ලංකාවට ගෙන ඒමට එනිසා තම පියා හට හැකි වූ බව කුෂාන් සිහිපත් කරයි.


‘තාත්තා මේවන විට ඔරියන්ට් කොමර්ෂල් නමින් ව්‍යාපාරය ව්‍යාප්ත කරලයි තිබුණෙ. අනෙකුත් ව්‍යාපාර එයාගේ මල්ලිලා හට භාර දී තිබුණා. සීයා ආරම්භ කළ ව්‍යාපාර පවුලේ වැඩිමලා ලෙස තාත්තා සිය වගකීම් ඉටුකර තිබෙනවා. තාත්තා විවාහ වූ පසු වෙනමම ගමනක් යාමට පටන්ගෙන. එවිට ප්‍රශ්න ඇතිවන්නෙත් නැහැ. පවුලේ අය අතර අසමගිකම් ඇතිවන්නෙත් නැහැ. පවුලක දරුවන් දෙතුන් දෙනෙක් සිටින්නේ නම් එකම ව්‍යාපාරය ඒ ඔක්කොටම භාරදීම වෙනුවට වෙනස් වෙනස් ව්‍යාපාර ලෙස ඔවුනට ස්වාධීනව නැගී සිටීමට අවකාශය සලසා දිය යුතුයි. අනාගතය පැහැදිලි වන්නේ සහ නිරවුල් වන්නේ එවිටයි.’

කුෂාන් කොඩිතුවක්කු තම පියාගෙන් උකහා ගත් පැහැදිලි දර්ශනය වන්නේ එයයි. කොඩිතුවක්කු පවුලේ ජාත්‍යන්තර සලකුණ මැවූ කුෂාන් උපන්නේ කොළඹදීය. ඒ, සුගත් කොඩිතුවක්කුගේ එකම දරුවා ලෙසිනි. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දීප්තිමත් සිසුවකු වූ කුෂාන් පසුව සිංගප්පූරුවට ගොස් උසස් අධ්‍යාපනය හදාරා ඉනික්බිතිව ඇමරිකාවට ගොස් කර්මාන්තශාලා අංශයේ උපාධිය ලබාගත් අතර එහිදී ස්වෙච්ඡා යුද හමුදා පුහුණුව පවා ලැබූ අයෙකි. පවුලේ එකම දරුවා ලෙස සියලු සැප සම්පත් විඳිමින් සුවපහසු ජීවිතයක් ගත කළ ද දන්නා කාලයේ සිට කුෂාන්ට අවැසි වූයේ නව සොයා ගැනීම් සමග ගමනක් යාමටය.

ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ගෙවූ ජීවිතය සහ ඉන්පසු අභියෝග සමග ගෙවීමට සිදු වූ ජීවිතය ගැන කුෂාන් පැවසුවේ මේ අයුරිනි.

‘‘ව්‍යාපාර ක්ෂේත්‍රයට ඒමට පෙර අම්මා තාත්තාගේ සෙනෙහස සහ ආදරය මෙන්ම හුරතලය එක්ක තමයි මම හැදී වැඩුණෙ. එකම දරුවා වුණත් උසස් අධ්‍යාපනය සඳහා මාව විදේශයට යැව්වා. එයාලට දුක හිතෙන්නත් ඇති. ඒත් අනාගතය ගැන හිතලයි එහෙම කළේ. විදේශගතව ඉගෙන ගත්ත නිසා ඇත්තටම මට මගේ ජීවිතයට ලැබුණෙ අතිවිශාල පන්නරයක්. ස්වාධීනව නැගී සිටීමේ ප්‍රායෝගිකත්වය මගේ ආත්මය හා බැඳුණේ ඒ නිසයි. ඇමෙරිකාවට ගිහින් සරසවි අධ්‍යාපනය හදාරන අතරේ ස්වෙච්ඡාවෙන් යුද හමුදා පුහුණුව ලබාගැනීමේ වරම එම සරසවියේ තිබූ වෙනම අංශයක්. මා එය ලැබුවා.

ඇත්තටම එදා පිටරට යාමට සිදුවුණේ 89 මෙරට ඇතිව තිබූ කලබලකාරී වාතාවරණය නිසයි. එදා අපිත් ගිහින් බෝඩ් උස්සාගෙන හිටපු හැටි මට මතකයි. එදා මම ඩී.එස්. එකෙන් සමුගත්තෙ හරිම දුකකින්. ඩී.එස්. මාතාව අපේ අධ්‍යාත්මයට දී තිබුණෙ ‘තමාට පෙර රට පෙරට’ කියන සංකල්පයයි. මේ සංකල්පය දරා ගෙන තමයි අපි සමාජගත වුණේ. ඇමෙරිකාවේ සිට මම නැවත ලංකාවට ඇවිත් තාත්තා සමග ව්‍යාපාරයේ කටයුතුවලට දායකව සිටියා. එවිට උපාධිය අරගෙන මාස තුනයි.

1995 දී මගේ ආදරණීය තාත්තා අභාවප්‍රාප්ත වුණා. එතකොට මගේ වයස අවුරුදු 22 යි. එවකට තාත්තා සිංගප්පූරුවේ බිහි කළ ආයතනය නිසා ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වූ ‘ක්ලිප්සාල්’ මෙරට ගෙන්වා බෙදා හැරීම ආරම්භ කර තිබුණා. පසුව ක්ලිප්සාල් නිෂ්පාදන මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අංශයත් ව්‍යාප්ත වී තාත්තා බිහි කළ ඔරියන්ට් කොමර්ෂල් සමාගම ලොකු දියුණුවක් ලැබ සිටි බව කියන්න පුළුවනි. ඒ වුණත් තාත්තගෙ අභාවය නිසා වයස 22 ක් පමණ වූ මා ගැන සමාගමේ ඉහළ තනතුරු දැරූ බොහෝ දෙනා විශ්වාසය තැබුවේ නැහැ. ඒ වගේම සමාගමේ ඇතුළාන්තය ගැනත් මට පැහැදිලි අවබෝධයක් තිබුණෙ නැහැ. ජීවිතයේ ලොකුම අභියෝගය ලෙස මුල් වරට මුහුණ දුන්නේ ඒ වටපිටාවයි.
සමාගමේ බොහෝ දෙනා සේවය හැරයාමත් සිදුවුණා. ඒ අතරවාරයේ මූල්‍ය ඇතුළු නේක විධ අක්‍රමිකතා පවා ඇති වූ බව පසුව සොයා ගත්තා. ලැබෙන ආදායම සහ වියදම් කොහේටද යන්නේ කියලා පවා අවබෝධයක් මට තිබුණෙ නැහැ. මෙවැනි වාතාවරණයකදී බැංකුවෙන් නිවේදනයක් ආවා අපේ වත්කම නියමිත කාලය ඉක්මවා ගොස් ඇති බව. ඒ නිසා බැංකුව ඒවා හිමිකර ගන්නා බවට නිවේදන ආවා. එතැනදී තමයි මම අලුත් සුසුමක් අරගෙන දැන් බලා සිටියා ඇති. මම මෙය අලුතින්ම පටන් ගන්න ඕනෑය කියලා හිතුවෙ.
සැලසුම තියෙන්නේ යුද්ධයකට යාමට විතරක් නම්? එහෙම ගිහින් එදාට ඒ මොහොතට ගැළපෙන තීන්දු තීරණ අරගත යුතුයි. එදාට හරියන තීන්දුව අපි කණ්ඩායම එකතුවෙලා අරගත්තා. මේ විදියට යන විට ඉස්සරහා අපි දුටුවා. ඉන්පසුව අනාගතය පෙනෙන්නට පටන් ගත්තා. එදා ප්‍රථමයෙන් ආ මහා අභියෝගය ජයගත්තේ ඒ විදියටයි.’’
තාරුණ්‍යය මොන තරම් නම් අරුත්බර කළ හැකිද? යන්න කුෂාන්ගේ ඒ අදහස්වලින් සනාථ වේ. එද‌ එලෙසින් අභියෝග ජයගෙන ඉදිරියට එන විට 2004 දී නැවතත් විශාල අභියෝගයකට මුහුණදීමට ඔහුට සිදුවිණි. එනම් ඕස්ට්‍රේලියාව සතු ක්ලිප්සාල් සමාගම ප්‍රංශ සමාගමක් විසින් මිලදී ගැනීමය. එම ප්‍රංශ සමාගම කෙතරම් බලවත් වීද යත් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයට වඩා එම සමාගමේ ආර්ථිකය විශාල විය. ශ්‍රී ලංකාවේ ස්ථාපිතව තිබූ කුෂාන් සතු ක්ලිප්සාල් කර්මාන්තශාලාව මිලදී ගැනීමට ප්‍රංශ සමාගම යුද සේනා බළ ඇණියක් සේ පෙරට පැමිණියේය.

‘‘මෙන්න මේ අවස්ථාවේදී තමයි ඩී. එස්. මාතාවගෙන් ඉගෙන ගත්ත තමාට පෙර රට යන සංකල්පය මෙන්ම, ඇමරිකාවේදී ලැබූ හමුදා පුහුණුව ඇතුළු විදේශීය ඉගෙනුම් වෙතින් මට පරිචයක් ලැබුණෙ. ඒ අත්දැකීම් එක්ක මේ යෝධ ප්‍රංශ සමාගම එක්ක අපි අපේ සටන ඇරඹුවා. ඔවුන් එක් රැයකින් ක්ලිප්සාල් කියන නම පවා ඉවත් කළා. ලංකාවම දැන සිටියෙ ක්ලිප්සාල් නාමයයි. ඒ වන විට සමාගම සතුව සේවක පිරිස පන්සියයක් - හයසියයක් විතර සිටියා. මේ කම්පැනි එක අපි ප්‍රංශ සමාගමට රන් බඳුනක තියලා දෙනවද? නැත්නම් අපි එකතුවෙලා මේක පවත්වාගෙන යනවද? ඒ විදියට මම සමස්ත සේවක පිරිසගෙන් විමසුවා. ‘අපි කරමු. ඇයි අපි අපේ නිර්මාණය ඔවුනට දෙන්නෙ?’
හැමෝම කිව්වේ එහෙමයි. හැබැයි දැන් අපට රටම දැන සිටි ක්ලිප්සාල් නාමය ඔවුන් අරගෙන. අපි දැන් වෙනත් නමකින් යා යුතුයි. අපේ සමාගම තිබුණෙ ඔරියන්ට් කොමර්ෂියල් නමින්. ඉතින් ඔරියන්ට් රේන්ජ් කියන ඒ නාමය තමයි ‘ඔරේන්ජ්’ නමින් එතැන් සිට නිෂ්පාදනවලට අපි යොදා ගත්තෙ. පැය 48 ක් ඇතුළතදී ක්ලිප්සාල් වෙනුවට ඔරේන්ජ් නාමය මෙරට සමාජගත කරන්න අපට වාසනාව ලැබුණෙ අපේ නියෝජිතයින්, බෙදාහැරීමේ මධ්‍යස්ථානවල හිමිකරුවන් සියලු දෙනා දේශානුරාගීව දැක්වූ සහයෝගය නිසයි. වෙච්ච දේ සැබෑ සත්‍යයෙන් අපි හැමෝටම කිව්වා. ඒ වගේම අපේ ආයතනයේ සියලුම තරාතිරම්වලට අයත් පිරිස දිවා රෑ නොබලා ‘ඔරේන්ජ්’ නිෂ්පාදන බිහි කිරීමට අපරිමිත ධෛර්යයෙන් සහ උද්‌යෝගයෙන් කටයුතු කළා.

ඉන්පසුව ප්‍රංශ සමාගම අපේ ඔරේන්ජ් නිෂ්පාදනවලට වඩා මිල අඩුවට අලෙවි වුණත් ඔරේන්ජ් නිෂ්පාදන මිල වැඩි වුවත් අපේ නියෝජිත මහත්වරු දේශ හිතෛෂීව ඔරේන්ජ්හි අනර්ඝත්වය පාරිභෝගිකයින් හට පවසා එය සමාජගත කිරීමට අපට යෝධ ශක්තියක් දැක්වූවා. ඒ වගේම ශ්‍රී ලාංකීය ජනතාවත් හරි බුද්ධිමත් තත්ත්වයෙන් උසස් නම් ශ්‍රී ලාංකීය නිෂ්පාදනවලට මුල් තැන දෙනවා. එසේ නොවේ නම් තමයි පිටරට දේ අරගන්නෙ.’’

කුෂාන් ඔරේන්ජ් නාමය සමග යළි එලෙසින් නැගී සිටියේ නැවතත් වැටෙන්නට නොවේ. වතාවක ඔස්ට්‍රේලියානු සමාගම වෙත ගොස් නිෂ්පාදනයෙහි වෙළෙඳ නාමය සහ වගකීම තම ආයතනය වෙත පවරා දීම කරන්න යැයි ඉල්ලීමක් කළ ද, තුන් වැනි ලෝකයේ රටක් නිසා එසේ කළ නොහැකි යැයි ඔවුහු කීහ. බලාපොරොත්තු සුන්ව නැවත ලංකාවට ආ කුෂාන් ලෝක​යේ තියෙන ඉතා අනර්ඝ යන්ත්‍ර අතිවිශාල මුදලක් වැයකොට ගෙන්වීමට තීරණය කළේය.

ඒ ගත් තීරණය ටක්කෙටම හරි ගියේ ඔරේන්ජ් වැනි අනර්ඝ නිෂ්පාදන රටට දායාද කිරීම නිසාය.

ඔරේන්ජ් අද වන විට ස්වකීය බල පරාක්‍රමය පවත්වාගෙන සිටින්නේ ශ්‍රී ලාංකීය මාතෘ භූමියේදී පමණක් නොවේ. අද ඔවුන් මහාද්වීප පහක තම බල පරාක්‍රමය විහිදුවා තිබේ. මහා චීන රාජ්‍යය, මැලේසියාව, මියන්මාරය, සිංගප්පූරුව, ඉන්දියාව, බංග්ලාදේශය, ඩුබායි, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, යුරෝපය ඊට අයත්ය. ඔවුන් ජාත්‍යන්තරයට යාම පිටුපස වූ කතාවක් ද තිබේ. කුෂාන් ඒ ගැන පැවසුවේ මේ අයුරිනි.

‘‘ජාත්‍යන්තර සමාගමක් ලෙස ලංකා නාමය යටතේ යද්දී ජාත්‍යන්තරය හා වෙළෙඳ පොළ සටන් කිරීම අසීරු දෙයක්. ඒ නිසා ඒ රටවලට ගිහින් නිෂ්පාදන සහ තාක්ෂණය යොදාගෙන ජාත්‍යන්තරයට ගියේ ඒ ඒ රටවල නාමයන්ට අදාළවයි. මේ නිසා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනදීමේ සාර්ථක ඉලක්කය සපුරා දීමටත් අපට හැකි වුණා.’’
කුෂාන් කොඩිතුවක්කු අතිශය සාර්ථක ව්‍යවසායකයකු වන්නේ මෙලෙසින් ඉලක්කයට හරි දේ හරි විදියට කරන නිසාවෙනි. අද නවීනතම තාක්ෂණය අනුව දත්ත උපයෝගි කරගෙන ආලෝක පද්ධති ක්‍රියාත්මක කරවා ගත හැකිය. ජංගම දුරකථනය මඟින් තමාට නිවසේ හෝ තම ආයතනයේ විදුලි ආලෝකකරණ පද්ධති සහ විදුලියෙන් ක්‍රියාත්මක කරවන සියල්ල පාලනය කිරීමට පුළුවන.

ලයිටින් ඔටෝමේෂන් (Lighting Automation) තාක්ෂණය ඒ අනුව කුෂාන් ක්‍රියාත්මක කරන්නේ අමෙරිකාව සහ බෙල්ජියමේ ස්ථාපිත ඔහුගේ ආයතන වෙතිනි. මෙම අංශයේ ඩේටා සිස්ටම් (Data System) සැලසුම් නිසා ඇමෙරිකාවේ ධවල මන්දිරයේ ඇති ඩේටා ස්විච් (Data Switch) සඳහා ද ඔවුන්ගේ උපාංග යොදා ගන්නා බැව් කුෂාන් සඳහන් කරයි.
කුෂාන් තම සේවා පිරිවර සමග ජාත්‍යන්තරයට පවා ගියේ ක්‍රමවත් සැලසුමකට අනුව ජීවිතය සහ ව්‍යවසායක දර්ශනය පවත්වාගෙන ගිය නිසාය.

‘‘අපි උපයන ලාභාංශවලින් (ආදායමෙන්) සියයට විසිපහක් 25ක් ඉතිරි කරනවා. සියයට පනහක් 50ක් නැවත ආයෝජනය කරනවා. අනෙක් සියයට 25 තමයි වියදම් කරන්නේ. දැන් අපි මේ ක්‍රමයට මේ රිද්මයට පුරුදු පුහුණු වෙලා. ආගමෙන් අපට කියා දී තිබෙන්නෙත් මේ දර්ශනයයි. කෙනෙකුට ලැබෙන වැටුප පවා භාවිත කළ යුත්තේ මේ විදියටයි. එවිට දුප්පත් වන්නේ නැහැ. දුප්පත් වන්නේ ලැබෙන සියලු ආදායම වියදම් කිරීම නිසයි. ප්‍රශ්න ඇති වී ජීවිතය සංකීර්ණ වන්නේ එවිටයි. එහෙත් අපට ඒ පීඩනය නැහැ. ලැබෙන ආදායමට වඩා අපි වියදම් කරන්නෙ නැහැ. නිතරම අපි අපේ ජීවිතයේ ජීවත්වෙලා තිබෙන්නේ 25% ක සීමාවේ සිටයි.

ඒ නිසා අපි කාටවත් ණය නැහැ. හිතට බියක් එන්නෙත් නැහැ. මම මේ රටට හඳුන්වා දෙන සරලම ක්‍රමය වන්නේ මේ දර්ශනයයි. මේ දර්ශනයට අනුව ගියොත් ලෝකයේ කාටවත් ණය නැති රටක් විදියට අපට නැගී සිටින්න පුළුවනි.’’

සටහන : සඳුන් ගමගේ
- Lankadeepa -

Mage yaluwo hemotama theruwan saranai.!
12/10/2018

Mage yaluwo hemotama theruwan saranai.!

Happy Teacher's Day...!Wishes to all the Dedicated Teachers....!
05/10/2018

Happy Teacher's Day...!
Wishes to all the Dedicated Teachers....!

Address

Janakabandaras@gmail. Com
Padukka
10050

Telephone

0775047378

Website

Alerts

Be the first to know and let us send you an email when ජීවිතයට ඔවදනක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share