12/08/2026
මිනිස් ඉතිහාසයේ කිසිවෙකු මෙතෙක් නොදැකපු අපූර්ව සූර්යග්‍රහණයක් අගෝස්තු 12 වනදා ☀️🌌
2026 අගෝස්තු 12 වන දින සිදුවීමට නියමිත පූර්ණ සූර්යග්‍රහණය විශ්වයේ සුන්දරත්වය නරඹන සූක්ෂම අභ්‍යවකාශ නිරීක්ෂකයන්ට සහ Eclipse Chasers ලාට කිසිදිනෙක අමතක නොවන අත්දැකීමක් වීමට නියමිතයි.
පූර්ණ සූර්යග්‍රහණයකදී සඳු විසින් සූර්යයාගේ දීප්තිමත් තැටිය එනම් Photosphere එක සම්පූර්ණයෙන්ම වසා දමන කෙටි මිනිත්තු කිහිපයේදී, Corona ලෙස හැඳින්වෙන සූර්යයාගේ බාහිර වායුගෝලය අපේ පියවි ඇසට දර්ශනය වේ. මෙවර සූර්යග්‍රහණයේ විශේෂත්වය වන්නේ එහිදී මතුවන කොරෝනාවේ ස්වභාවය මිනිස් ඉතිහාසයේ මීට පෙර කිසිම අයෙකු දැක නොමැති, නැවත කිසිදිනෙක ඒ අයුරින්ම දැකගත නොහැකි එකක් වීමයි!
🔍 සූර්ය කොරෝනාව (Solar Corona) යනු කුමක්ද?
සාමාන්‍ය දිනවල සූර්යයාගේ මතුපිටින් පිටවන අධික ආලෝකය නිසා සූර්යයාට සැතපුම් මිලියන ගණනක් ඈතට විහිදෙන කොරෝනාව අපට පෙනෙන්නේ නැත. නමුත් පූර්ණ සූර්යග්‍රහණයකදී චන්ද්‍රයා විසින් සූර්ය මතුපිට ආවරණය කළ පසු, අඳුරු අහසේ රිදී හෝ සුදු පැහැති කිරණ වැලක් මෙන් මෙම කොරෝනාව මතු වේ.
මෙම කොරෝනාව යනු ස්ථාවර දෙයක් නොවේ. එය සූර්යයාගේ දැවැන්ත චුම්බක ක්ෂේත්‍රය මගින් නිර්මාණය වන, සෙල්සියස් අංශක මිලියන ගණනක අධික උෂ්ණත්වයකින් යුත් ප්ලාස්මා ප්‍රවාහයන්ය. සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය තත්පරයෙන් තත්පරය වෙනස් වන බැවින්, සෑම සූර්යග්‍රහණයකදීම දර්ශනය වන කොරෝනාවේ හැඩය එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් වේ.
🌀 Solar Cycle 25 සහ කොරෝනාවේ වෙනස්වන හැඩය
සූර්යයා වසර 11 ක චක්‍රයකට එනම් Solar Cycle වලට අනුව සිය ක්‍රියාකාරීත්වය වෙනස් කරයි (මේ ගැන මම කලින් වැඩි විස්තර ඇතුලත් කරමින් වීඩියෝවක් පවා නිර්මාණය කර ඇත) මේ චක්‍රයේ අධියර දෙකක් ඇත, එනම්,
01. Solar Minimum - මෙම කාලයේදී සූර්ය ලප එනම් Sunspots අඩු වන අතර කොරෝනාව දෙපසට පමණක් විහිදුණු wings වැනි සරල හැඩයක් ගනී.
02. Solar Maximum - මෙම කාලයේදී සූර්ය ලප සහ සූර්ය ගිනිදලු පිටවීම් අධික වන අතර, කොරෝනාව සෑම දිශාවකටම විහිදුණු තරුවක ස්වරූපයක් ගනී.
🤔 දැන් එතකොට 2026 අගෝස්තු 12 වෙනිදා සිදුවන සූර්යග්‍රහණයේ විශේෂත්වය මොකද්ද?
මෙවර 2026 අගෝස්තු සූර්යග්‍රහණය සිදුවන්නේ සූර්ය චක්‍ර 25 හි උපරිමය එනම් Solar Maximum කාලය වන 2024 ඔක්තෝබර් මාසය පසුකර වසර 2 කට පමණ පසුවයි
නමුත් සූර්ය ක්‍රියාකාරීත්වය එකවරම බැස යන්නේ නැත. 2017, 2019 හෝ 2020 සූර්යග්‍රහණවලට වඩා ඉතා සක්‍රීය, නමුත් 2024 තරම් අධික ලෙස නොවන විශේෂිත සංක්‍රාන්ති ස්වභාවයේ කොරෝනාවක් මෙවර නිර්මාණය වේ.
2026 අගෝස්තු 12 වන දින සූර්ය චුම්බක ක්ෂේත්‍රයේ පිහිටීම අනුව කොරෝනාවේ සුදු පැහැති කෙඳි සහ රෝස පැහැති ප්ලාස්මා දැල්වීම් පෙනෙන්නට නියමිතයි. කැමරා කාචයකට හසුකර ගත නොහැකි, මිනිස් ඇසට පමණක් ග්‍රහණය වන ත්‍රිමාණ ස්වභාවයකින් යුත් ගැඹුරක් මෙවර කොරෝනාවෙන් දැකගත හැකි වනු ඇත. මේක හරිම අපූරු අවස්ථාවක් වචනයෙන් විස්තර කරනවට වඩා ඇස් දෙකෙන් (විශේෂ කණ්නාඩි පැළද) බලද්දී තමයි විශ්මයජනක බව පෙනෙන්නේ.
😭 හැබැයි අවාසනාවකට මේක ලංකාවට පෙනෙන්නේ නැහැ මිත්‍රවරුණි!
මෙම සූර්යග්‍රහණය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ රාත්‍රී කාලයේදී බැවින් ලංකාවට මෙය දර්ශනය වන්නේ නැත. අගෝස්තු 12 ප.ව. 09:04 ට පමණ (ශ්‍රී ලංකා වේලාවෙන්) ග්‍රහණය ආරම්භ වේ. අගෝස්තු 12 රාත්‍රී 11:17 ට (ශ්‍රී ලංකා වේලාවෙන්) අයිස්ලන්තයට බටහිරින් අත්ලාන්තික් සාගරය මතදී මිනිත්තු 2 තත්පර 18 ක් උපරිම පූර්ණ සූර්යග්‍රහණ මට්ටමේ පවතී. අගෝස්තු 13 අලුයම 01:25 ට පමණ (ශ්‍රී ලංකා වේලාවෙන්) සූර්යග්‍රහණය අවසන් වේ.
🌍 සූර්යග්‍රහණය දර්ශනය වන මාර්ගය
2026 අගෝස්තු 12 වන දින පූර්ණ සූර්යග්‍රහණය ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය සහ ස්පාඤ්ඤය හරහා අත්ලාන්තික් සාගරය ඔස්සේ ගමන් කිරීමට නියමිතයි.
Posted by Sachin Rajindra