16/01/2019
තවතවත් පාරිභෝගීකයන් එක්වීම නිසාවෙනි.
වර්ථමානය වනවිට තත්වය යම්තාක් දුරට වෙනස්වී ඇතත් තවමත් බාල තත්වයේ විදුලි යතුරුපැදි ගෙන්වන්නෝ සිටිති.
ඔබ විදුලි යතුරුපැදියක් මිළදී ගන්නේනම් එහි තත්වය, අලෙවියෙන් පසු සේවාව, අලෙවි ආයතනය පිළිඹඳ ඇති විශ්වාසය සහ යතුරුපැදිය සඳහා වගකීම් කාලය වැනි අංශ ගැන සැලකිලිමත්වන්න.
විදුලි යතුරුපැදි භාවිතයේ ඇති අතිවිශිෂ්ථ ප්‍රතිලාභ රැසකි. කිහිපයක් පහත දැක්වේ.
1)සුවිශේෂම කරුණනම් ඔබ පරිසරය රැකීමට දක්වන විශිෂ්ථ සහයෝගයයි.
2)කෙටි ගමන් (දිනකට කි.මී.80) සඳහා සුඵ මුදලක්, ශත 50ක් වැනි මුදලක් කිලෝමීටරයක් සඳහා වැයකිරීම.
3)නඩත්තු වියදම් අවම වීමට හේතුව නම් තෙල් මාරු කිරීම්, ප්ලග් මාරු කිරීම්, ෆිල්ටර් මාරු කිරීම්, චේන් ස්ප්‍රොකට මාරු කිරීම්, එන්ජින් අලුත්වැඩියා කිරීම්, එනජින් ටියුන් කිරීම් වැනි දේ නොමැති වීමයි.
4) ඉතාමත් සරල පණගැන්වීමේ සහ ධාවන ක්‍රමයක් ඇති විදුලි යතුරුපැදියන්හී "කික්” කිරීම්, ගියර් මාරු කරීම් නොමැත.
5)ශබ්ද, රත්වීම්, දුම් දැමීම් නොමැති නිසා පරිසර දූෂනය නොවන අතර දෙදරීමක් නැතිනිසා ගමන් මහන්සිය ද අවමය.
6)පසුපස රෝදය තුල ඇති මෝටරයත් අසුන යට සවිකර ඇති කන්ට්‍රෝලරයත්, ට්‍රොටලය හා බැටරිය මගින් විදුලි යතුරුපැදි ක්‍රියා කරන අතර චාජරය මගින් බැටරි ආරෝපණ(චාජ්)කෙරේ.
7)ඔබ නිවසේ ඇම්පියර් පහේ විදුලි පේනුවකින් බැටරි චාජ් කලහැකි අතර බැටරිය සම්පූර්ණ චාජ් වූ පසු චාජරය ස්වයංක්‍රීයව ක්‍රියාව නිමකරයි.
8)ලූයාන් සමාගමේ පරයේෂණ හා සංවර්ධන අංශය චීනයේ විශ්ව විද්‍යාල හා සම්බන්දවී තාක්ෂණය වැඩිදියුනු කිරීම් නිරතුරුවම කිරීම හේතුවෙන් ඔවුන්ගේ නිශ්පාදන අතිවිශිෂ්ඨ යාවත් කිරීම් යටතේ නිශ්පාදනය කෙරේ.
9)සුඵ දෝශයක් වුවද කන්ට්‍රෝලරය තුල ඇති පරිඝනකය මගින් හඳුනාගෙන LCD මීටරය මගින් දැනුම්දීම සිදුකරයි.
10)විදුලි යතුරුපැදියක ක්‍රියාකාරී උපාංග වන්නේ මෝටරය, කන්ට්‍රෝලරය, ට්‍රොටලය සහ බැටරිය වන අතර අනෙකුත් උපාංග වන්නේ සාමාන්‍ය යතුරුපැදියක හා සමාන තිරිංග පද්ධතිය, විදුලි බල්බ, හෝන්, ශොක්ඇබ්සෝබර වැනි දේය.
11)විදුලි යතුරුපැදයක ක්‍රියාකාරී උපාංගයක දෝශයක් ඇතිවුවිට පිටුපස රෝදය හා කන්ට්‍රෝලරය පමණක් අලෙවි නියෝජිත වෙත යැවීමෙන් එය අලුත්වැඩියා කරගතහැක.
12) ඕනෑම වර්ශා තත්වයකදී වුවද විදුලි යතුරුපැදි භාවිතා කල හැක.
13)ලූයාන් යතුරුපැදියේ විශේෂත්වය වන්නේ ඕනෑම දෝශයක් LCD මීටරයෙන් දැනුම් දෙන නිසා අපගේ ක්ෂනික අංකයට එම දෝශ අංකය දැනුම් දීමෙන් 90%ක් දෝශ නිරාකරනය කරගත හැකිවීමයි.
අප ශ්‍රීලාංකීකයන් වශයෙන් වෙනසක් අත්දැකීමට මැළි කමක් හෝ කුතුහලයක් දැක්වූවත් ලූයාන් ඇල්ෆා යතුරුපැදියක් මිලදී ගැනීමෙන් වාසි රැසක් අත්කල ගතහැකි බව අපට විශ්වාසයි.