20/01/2026
මෑතකදී සිදුවූ අවාසනාවන්ත අනතුරු ගැන කම්පනයට පත්වූ, වසර ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ බයික් රයිඩර් සහෝදරයෙක් අපේ පිටුවට එවූ වටිනා අදහස් පෙළකි මේ.
Narangoda
උපුටාගත් ලිපියකි
වේගයට වඩා බුද්ධියත්, දැනුමත් පෙරටු කරගෙන රයිඩර් කෙනෙක් විය යුත්තේ කෙසේදැයි ඔහු මෙහිදී අපූරුවට විස්තර කරයි. නවක මෙන්ම දැනට පදින සැම දෙනාම කියවිය යුතුම ලිපියකි.
දැන් මෝටර් සයිකල් පදින සහ බයික් එකක් ගන්න ඉන්න මල්ලිලාට මගේ ජීවිත කතාවෙන් බිඳක්.. 🏍️❤️💪
මචංලා, මම මගේ ජීවිතේ අත්දැකීමෙන් පොඩ්ඩක් කියන්නම්.
මට දැන් වයස 35යි. මම අවුරුදු 9/10 වයසෙදි එහා ගෙදර මාමගේ 'චැලියයි' CD 125 එකයි පැදලා තමයි බයික් එකක් පදින්නේ කොහොමද කියලා මුලින්ම ඉගෙන ගත්තේ. 😂
මගේ පළවෙනි බයික් එක CBR Fireblade 900 (1998). ඒක ගත්තේ මට වයස 16දී. ඒ කාලේ ඒක ලක්ෂ 4.5යි. ඒක ගෙදරට පැදගෙන ආවෙත් බයෙන් බයෙන්, නවත්ත නවත්ත. 🤭🫣
ගෙනත් ඉස්කෝලේ වටේ ඕක චැලියක් වගේ හෙමින් පැද්දා. පාරේ වාහන හැසිරවීම, ඒකේ Power Delivery එක, Handling ගැන තේරුම් ගත්තා. ඒ කාලේ රේස් පැදපු Madhuranga caldera, Dinesh Nalaka, Gayan Sandharuwan වගේ ප්‍රොෆෙෂනල් අයගේ ගෙවල්වලටයි, ට්‍රැක්වලටයි ගිහින් එයාලගෙන් Trail Braking, Cornering වගේ දේවල් ඉගෙන ගත්තා. ලොකු බයික් එකක් මැරෙන්නේ නැතුව පරිස්සමට පදින්නේ කොහොමද කියලා මම දැනුම එකතු කරගත්තා. 💪
ඒ කාලේ අපේ ගෙවල්වල හොඳට සල්ලි තිබුණා. එතනින් පටන් ගත්ත ගමන, සාලේ මැද High Capacity බයික් 12ක් විතර තියාගෙන පදින්න තරම් මම වාසනාවන්ත වුණා. බයික් ටුවර් ගියා, ට්‍රැක් ඩේස්වලට ගියා. අපි ට්‍රැක් එකේදී ෆුල් සේෆ්ටි ගියර් ඇඳලා පිස්සෝ වගේ පැද්දා. හැබැයි මහපාරේදී රටේ නීතිවලට අනුගතව, වේග සීමාව ඇතුළේ, ඉරි නොකපා සුපරීක්ෂාකාරීව පැද්දා. 🚦⛑️
ඒ කාලේ බයික්වල දැන් වගේ Advance Technology (ABS, Traction Control, Rider Aids) මොකුත් නැහැ. ලොකු බයික් එකක් කියන්නේ 'One Way' මරණ වරෙන්තුවක් වගේ. ඒත් අපි කවදාවත් වැටිලා නැහැ, අතපය කඩාගත්තේ නැහැ. යන්න පුළුවන් තැන්වලදී වේගයෙන් ගියා, සෙල්ලම් දැම්මා. හැබැයි දැන් ඉන්න සමහර අය වගේ මෝඩ විදිහට නෙවෙයි. 🏍️⛑️
මට හිතාගන්න බැහැ අද කාලේ බයික්වල ඔය හැම තාක්ෂණයක්ම තිබිලත්, කොල්ලෝ මෙහෙම හැප්පි හැප්පි මැරෙන්නේ කොහොමද කියලා. 🥲😡 බයික් එකක් පදිනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. පරිස්සමෙන් කිරි කන්න පුළුවන්, හැබැයි ඒකට ඉවසීම, හික්මීම සහ තැනට සුදුසු නුවණ තියෙන්න ඕනේ. 🤔🚦
මගේ මතය නම්, කොල්ලෙක් බයික් එකක් ගත්ත ගමන් පිස්සෙක් වගේ පැදලා, හොම්බ කට තලාගෙන හරි ජීවිතේ දීලා හරි ඒකේ Behaviour එක ඉගෙන ගන්න එක නෙවෙයි වැදගත්කම. ♿️⛔️ මුලින් ඒ වාහනය ගැන ඉගෙන ගන්න ඕනේ. ඒක පදින්න තියෙන විද්‍යාත්මක ක්‍රම (Techniques) ඉගෙන ගන්න ඕනේ. ඉස්සර අපිට සල්ලි ගෙවලා වැඩමුළුවලට යන්න වුණාට, දැන් ඕනෑම දෙයක් ඇඟිලි තුඩේ දුරින් තියෙනවා. YouTube එකේ Yammie Noob, FortNine වගේ චැනල් බලන්න.
පහත මාතෘකා ගැන සර්ච් (Search) කරලා බලන්න:
Safe riding tips for beginner bikers
How to ride safe on streets?
What is trail braking?
How to enter and exit a corner safely?
Stopping distance and behavior at different speeds
මේවා ඉගෙන ගන්න එක මදිකමක් නෙවෙයි. මම දකින කනගාටුදායකම දේ තමයි, තමන් 'ස්ට්‍රීට් රොසී'ලා කියලා හිතාගෙන ඉන්න සමහර මල්ලිලාගෙන් "What is Trail Braking?" කියලා ඇහුවම උත්තරයක් නැති වීම.
High Capacity බයික් උඩ ඉඳගෙන මූලික දැනුම නැති එක හරිම භයානකයි. 😂😢
රයිඩර් කෙනෙක් කියන්නේ හපන්කම් විතරක් තියෙන කෙනෙක් නෙවෙයි. ඔහු දැනුමෙන් පිරුණු, විද්‍යාවකට සහ කලාවකට අනුව තමන්ගේ දක්ෂතා ගොඩනඟාගත් කෙනෙක් වෙන්න ඕනේ. 💪 මට දැන් අවුරුදු 35යි, තවමත් පදින්නේ 650ක්. ඒත් තාම තනි කෑල්ලට පරිස්සමට පදිනවා. මගේ ටාගට් එක මැරෙනකම් (හැප්පිලා නෙවෙයි) මේ ආතල් එක ගන්න එක. 😉 මගේ පුතාට දැන් අවුරුදු 5යි, මම එයාවත් පුරුදු කරන්නේ මේ ෆන් එක සේෆ්ලි (Safely) ගන්නයි.
මතක තියාගන්න, අපි බයික් එකට නගින්නේ යන රයිඩ් එක ගිහින් 'තනි කෑල්ලට' ගෙදර එන්න හිතාගෙන. අපේ ටාගට් එක මඟ මැරෙන එක නෙවෙයි, මේ ආතල් එක හෙටත්, ජීවිත කාලෙම ගන්න එක. අන්න එතනයි රයිඩර් කෙනෙක්ගේ සැබෑ ජයග්‍රහණය තියෙන්නේ. 🚦💪❤️
තරුණ ජවයට වේගයෙන් පදින්නම ඕනේ නම්, හොඳ යාළුවෝ ටිකක් සෙට් කරගෙන, රයිඩින් ගියර් අරන්, 'ට්‍රැක් ඩේ' (Track Day) එකක් බුක් කරගන්න. එතනදී ඕනෑ තරම් පිස්සු නටන්න පුළුවන්, මොකද ඒක Controlled Environment එකක්. ඒක පාරේ කරන්න ගියොත් තමයි විනාශ වෙන්නේ. Because the road is highly unpredictable. ❤️🫡
දැනුමෙන් සහ නුවණින් පදිමු. මේ ගමන කෙටි එකක් නොව, ලස්සන දුර ගමනක් කරගමු. මම ඒ ගමනේ සාර්ථකව ඇවිත් තියෙනවා, මම ආසයි මගේ හැම බයිකර් සහෝදරයෙක්ම ඒ වගේ යනවා දකින්න.
Ride Safe My Boys! ❤️🏍️💪