Indika automobile engineering

Indika automobile engineering road marking

05/08/2026

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට යන දූ දරුවන්ට සුබ මුහුර්ත
------

✍️ ප්‍රාථමික අධ්‍යාපනය සාර්ථකව අවසන් කරන දරුවෙකුගේ විෂය දැනුම, නිර්මාණාත්මක චින්තනය, ප්‍රායෝගික හැකියාවන් සහ නිරීක්ෂණ කුසලතා මැන බලන වැදගත් කඩඉමක් ලෙස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හැඳින්විය හැකිය. එමෙන්ම, විභාගය සමත් වන අඩු ආදායම්ලාභී දරුවන්ට උසස් අධ්‍යාපනය දක්වා ඉදිරියට යාමට රජයෙන් ලැබෙන මාසික දීමනාව මෙන්ම, ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමට ලැබෙන අවස්ථාව ද දරුවාගේ අනාගතයට විශාල ශක්තියකි.

✍️ 2026 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු මස 09 වැනි ඉරිදා දින පැවැත්වීමට නියමිතව ඇත.

✍️ විභාගයට පෙර දිනවල දරුවාගේ සිත පහන් කරමින්, යහපත් මානසික මට්ටමක් ගොඩනැගීම සඳහා ආධ්‍යාත්මික වත්පිළිවෙත්වල යෙදවීම ඉතා අගනේය.

✍️ විභාග දිනයට දින කිහිපයකට පෙර දරුවා සම්බන්ධ කරගනිමින් බෝධි පූජාවක් තැබීම සුදුසුය. ඇමෙරිකානු ජාතික විද්‍යාඥ ක්ලිෆ් බැක්ස්ටර් (Cleve Backster) විසින් පොලිග්‍රාෆ් (Polygraph) යන්ත්‍රය ඇසුරින් කළ පරීක්ෂණවලින් පවා තහවුරු වී ඇත්තේ ශාකවලට මිනිස් සිතුවිලි හඳුනාගැනීමේ හැකියාවක් ඇති බවයි.

✍️ නා පිරිසිදු වී, බෝ මළුව ඇමද පවිත්‍ර කර, පැරණි මල් හා පූජා භාණ්ඩ ඉවත් කර ආමිස පූජාවන් තබන්න.

✍️ පූජාවන් තබා පහත ගාථාව පවසා බුදුරජාණන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී බුද්ධත්වයට පත් වූ ආකාරය මෙනෙහි කරන්න:

සේවිතං ධම්ම රාජේන - නරදේවේහි පූජීතං
වන්දාමි බෝධි රාජානං - නිබ්බාණ සුඛ දායකං

✍️ ඉන්පසුව, සුළු වේලාවක් භාවනාවක යෙදී, මහානුභාවසම්පන්න අභිසම්භිධාන පිරිත දරුවාගේ නම යොදා සජ්ජායනා කර දරුවාට සෙත් ප්‍රාර්ථනා කරන්න.

✍️ විභාගය පැවැත්වෙන දින උදෑසන පිටත්වීමට පෙර පහත පිළිවෙත් අනුගමනය කිරීම දරුවාගේ සිතට විශ්වාසයක් සහ ශාන්තියක් ලබා දෙයි.

✍️ දියේ පිපෙන මල්, පිච්ච මල්, පහන් සහ සුවඳ දුම් පූජා කර තිසරණ සහිත පන්සිල් සමාදන් වන්න.

✍️ දරුවා ලවා දෙමාපියන්ට වන්දනා කරවා ආශීර්වාද ලබා දෙන්න.

✍️ දකුණු පය පෙරට තබා නිවසින් පිටත්වන මොහොතේ පහත ගාථාව සිහිපත් කරන්න.

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං දේව දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්තු මයිහං

✍️ පිටත්වන මොහොතේ පෙරමග ලකුණු සුබවීම යහපත්ය. පිච්ච මල් දැමූ පිරුණු වතුර වීදුරුවක් හෝ පිරුණු කලයක් රඳවා ගත් මවක් දරුවාගේ පෙරමගට හමුවීම ඉතා සුබ නිමිත්තකි.

✍️ විභාගය සඳහා පිටත්වීමේදී දකුණු දිශාව බලා පහත සුබ වේලාවන්ගෙන් එකක් තෝරාගෙන පිටත්වන්න.

පෙරවරු 06:20
පෙරවරු 07:09
පෙරවරු 07:46
පෙරවරු 08:11

විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවන්ට උසස්ම ජයග්‍රහණ හිමිවේවා❣️

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදීනී,
මනෝවිද්‍යා උපදේශිකා
නයෝමී පබසරා මැණිකේ

Share plz

02/05/2024

හස්තරේඛා පාඨමාලාව | 01 පාඩම හස්ත රේඛා පාඨමාලාව මෙය විඩියෝ පාඨමාලාවකි📌️ 2024 මැයි 01 වැනිදා සිට සෑම බදාද...

23/02/2024

sun in 3rd house 🔅🥰✡️ in 3rd house 🔅✡️🥰Having sun in the 3rd house They are smart, brave, has many tale...

නුවරඑළියේ 😉😉
09/02/2024

නුවරඑළියේ 😉😉

🙏🙏🙏
04/02/2024

🙏🙏🙏

19/11/2023

ආදරණීය ඔබට සුබ දවසක්! 🥰

19/11/2023
road marking කරන්න තියෙනවා නම් අපිව අමතන්න 0712203837/0775252179
02/07/2023

road marking කරන්න තියෙනවා නම් අපිව අමතන්න 0712203837/0775252179

Address

Mawanella

Telephone

+94712203837

Website

Alerts

Be the first to know and let us send you an email when Indika automobile engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Indika automobile engineering:

Shortcuts

Share