03/06/2026
ශ්‍රී ලංකාව තුළ යතුරු පැදි ක්‍රීඩාව සංවර්ධනය වෙනුවන් 450ccට වැඩි යතුරුපැදි මෙරටට ගෙන්වීම පිලිබදව අවසන් සාකච්ඡා අද දිනයේදී පැවැත්වුණා.
මෙම සාකච්ඡා වෙනුවන් ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ සභාපති සහ ලේකම් ද, ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ලේකම් ද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස්පතිවරයා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වී තිබෙනවා.
යතුරුපැදි ධාවකයන් ඔවුන්ගේ මෝටර් රථ ධාවන පථ වෙත ප්‍රවාහනය කිරීමේදී මුහුණ දෙන ගැටලු සහගත තත්වයන් ද ඇතුලු කරුණු ගණනාවක් පිළිබදව එහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.
එහිදී පැවති සාකච්ඡා 100%ක්ම සාර්ථක බවත් එම ප්‍රතිලාභ ඉදිරි සතිය පමණ වන විට යතුරුපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට භුක්ති විදීමට අවස්ථාව හිමිවනු ඇති බවත් යතුරුපැදි සම්මේලනයේ සභාපතිවරයා Speedmania අප වෙත ප්‍රකාශ කළා.
ධාරිතාවයෙන් වැඩි යතුරුපැදි ගෙන්වීම සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශව දැඩි විරෝධය පළ කළද යතුරුපැදි සම්මේලනය විසින් ඊට අදාල පැහැදිලි කිරීමක් සිදුකොට තිබෙනවා.
FMSSL ආයතනය පෙනී සිටින්නේ ශ්‍රී ලංකාව තුළ සිටින යතුරුපැදි ධාවකයන් වෙනුවන් බව යතුරුපැදි සම්මේලනයේ සභාපතිවරයා සදහන් කොට තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් ඉදිරියේදී මෙම වරප්‍රසාද භුක්ති විදීමට අවස්ථාව උදා වනු ඇතියි.