28/04/2020
යතුරුපැදිකරණයේ බ්‍රිතාන්‍ය පුරාවෘතය "Norton", TVS Motor සමාගම විසින් සියතට ගනී❗
බ්‍රිතාන්‍ය සතුවූ වඩාත් පෞරාණික මෙන්ම ප්‍රෞඩ යතුරුපැදි සන්නාමයක් වන "Norton" සමාගම, ඉන්දීය යතුරුපැදි සමාගමක් වන TVS Motor පුද්ගලික සමාගම විසින් මිලදී ගත් බව එම සමාගම විසින් පසුගියදා(17) දන්වා සිටියා.
TVS Motor සමාගම සිය විදේශීය උප සමාගමක් හරහා බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් මිලියන 16ක මුදලකට මෙලෙස Norton සමාගම සතු වත්කම් අත්පත් කරගෙන ඇති බවයි සදහන් වන්නේ.
බ්‍රිතාන්‍ය ජාතික 'ජේම්ස් ලැන්ස්ඩවුන් නෝර්ටන්' විසින් 1898 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් හීදී ආරම්භ කර ඇති 'Norton' සමාගම, පළමුවන ලෝක යුධ සමයේ පටන් 400CC ධාරිතාවන්ගෙන් ඉහල ප්‍රවේගකාරී අධි බලැති යතුරුපැදි නිෂ්පාදනයන් වෙනුවෙන් ලොව පුරා නම් දරා සිටින යතුරුපැදි සන්නාමයක්ද වන අතර, එමගින් දෙවන ලෝක යුධ සමයේදී බ්‍රිතාන්‍ය යුධ හමුදාව වෙනුවෙන් පමණක් නිෂ්පාදනය කර ඇති අධි ධාවන හමුදා යතුරුපැදි ගණන ලක්ෂයකට අධිකයි.
මෙලෙස සියවසකට අදික කාලයක් පුරාවට අධි බලැති යතුරුපැදි නිෂ්පාදන ක්ෂෙත්‍රයේ සිය අණසක හොබවමින් විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ඉදිරියට පැමිණි 'Norton' සමාගමට තමන් එතෙක් මෙතෙක් මුහුණ දුන් දුෂ්කරතම කාල සීමාවට මුහුණ දීමට සිදුවන්නේ, එහි ප්‍රධාන විධායක නිලධාරී ස්ටුවර්ට් ගාඩනර් ට එරෙහිව එල්ලවු මූල්‍ය අක්‍රමිකතා චෝදනා පෙලක් සමගයි. ඒ අතරම බ්‍රිතාන්‍ය රජය විසින් Norton සමාගමට අරමුදල් සැපයීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් අවශ්‍ය බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සිදු කළ ඉල්ලීම හා සබැඳි ලිපියක් ගාඩියන් පුවත්පත ඔස්සේ පළවීමත් සමග වඩ වඩාත් උඩුදුවන මෙම ප්‍රශ්නය හමුවේ Norton සමාගමට අර්බුද ගණනාවකටම මුහුණ දීමට සිදුවනවා.
ඒ අනූව මූල්‍ය අර්බුදයන්ගෙන් සහ පරිපාලනමය ව්‍යාකූලත්වයන්ගෙන් බැට කෑ Norton සමාගමේ මේ සියලු ගැටලු සමථයකට පත් වන්නේ එහි පූර්ණ අයිතිය, ඉන්දියාවේ තෙවන විශාලතම යතුරුපැදි නිෂ්පාදකයා වන TVS Motor සමාගම සතු කරමිනුයි.
ඉන්දියාව සතු විශාලතම අපනයනය කරුවන් අතරද ප්‍රමුඛතම සන්නාමයක් ලෙස, රටවල් 60ක් පුරාවට තම නිෂ්පාදන බෙදා හරින TVS Motor සමාගම මේ වන විටත් ලෝ පතල ජර්මානු යතුරුපැදි සන්නාමයක් වන සමාගම හා එක්ව 310CC ඛාණ්ඩයේ යතුරුපැදි නිෂ්පාදනය හා බෙදා හැරීම සිදු කිරීමද විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙම සබඳතාවය කොටස් හවුල්කාරිත්වය මත පදනම් නොවූවක් බැවින් එමගින් සිදු වූ වෙනසට වඩා වැඩි පෙරළියක් Norton සමාගම අත්පත් කර ගැනීම හරහා TVS Motor සමාගම තුළ සිදු වනු ඇති බවටයි බොහෝ දෙනා මත පළ කරන්නේ.
විශේෂයෙන්ම, Norton සහ TVS සමාගම අතර ගොඩනැගුනු මෙම සහ සම්බන්ධය හරහා Norton සතු 650CC ධාරිතාවයේ යතුරුපැදි පිළිබඳ ඉහල තාක්ෂණ ක්‍රමවේදයන්ට ඉතා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව 'TVS Motor' සමාගමට හිමි වන අතර, ඒ හරහා ලොව ප්‍රමුඛතම අධිබලැති යතුරුපැදි සන්නාමයක් වන හි 650CC Twins වැනි යතුරුපැදි ඛාණ්ඩ සමග සෘජුවම තරගවැදීමේ අවස්ථාවද ඔවුන්ට හිමිවනු ඇති.
එමෙන්ම, අන්තර්ජාතික යතුරුපැදි ධාවන තරග අතර ප්‍රමුඛතම ධාවන පන්තිය ලෙස සැලකෙන Moto GP හෙවත් ග්‍රෑන්ඩ් ප්‍රීක් යතුරුපැදි ධාවන පථයන්හිද කරළියේ පෙරළි කළ යතුරුපැදි සන්නාමයක් ලෙස ප්‍රකට වීම හේතුවෙන් මේ හරහා, TVS Motor සමාගම සතු කණ්ඩායමට නව සුබ සිහින රැසක් දැකීමේ අවස්ථාවද සැලසෙනු ඇති.
විශේෂයෙන්,ඉන්දියානු යතුරුපැදි සමාගමක් මගින් පවත්වාගෙන යනු ලබන, එකම යතුරුපැදි Racing කණ්ඩායම ලෙස නම් දරා සිටින කණ්ඩායම යම්හෙයකින් තරග බිමට පැමිනීමේ භාග්‍යයද ඔස්සේ හිමි කර ගතහොත්, එය ඉන්දීය යතුරුපැදි සමාගමක් අන්තර්ජාතික Moto GP තරග බිමට පැමිණි ප්‍රථම අවස්තාව ලෙසද ඉතිහාස පොත් අතරට එකතු වනු නොඅනුමානයි.
කෙසේ වෙතත් මෙම යතුරුපැදි වෙළෙඳ සන්නාම දෙකෙහි ඉදිරි අනාගත සැලසුම් පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් මේවන තෙක් සිදු කර නැතත්, ඉන්දීය යතුරුපැදි සමාගමක් විසින් සිදුකළ මෙම විශාලතම අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් TVS Motor සමාගමේ ඒකාබද්ධ කළමනාකාර අධ්‍යක්ෂ සුදර්ශන් වේනු මහතා සදහන් කර තිබෙණේ,
යනු බ්‍රිතාන්‍ය සතු වූ කීර්තිමත් මෙන්ම ලොව පුරා ඉහල ජනතා ආකර්ෂණයකට පාත්‍ර වූ යතුරුපැදි සන්නාමයක් බවත්, වර්තමානයේදී ලෝක වෙළෙඳපොළ තුළ තම පරිමාව වැඩි වර්ධනය කර ගැනීමට මෙය අනගි අවස්තාවක් වනු ඇති බවත් ය.
එමෙන්ම, ජාත්‍යන්තර යතුරුපැදි සන්නාමයක් ලෙස පවත්වාගෙන ගිය ප්‍රෞඩත්වය සහ කීර්තිය නැවත ඒ වෙත ගෙන ඒමට තම ආයතනයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද පැවසූ වේනු මහතා වැඩිදුරටත් සදහන් කරනු ලැබුවේ, ඒ වෙනුවෙන්ම කැපවූ නිෂ්චිත ව්‍යාපාර සැලසුම් දාමයක් සමගින් සතු එයටම සුවිශේෂී අනන්‍යතාවය ඉදිරියටත් රදවා ගැනීමට කටයුතු සිදු කරන බවයි.
උපුටා ගැනීම- Ceylon Motor Journal ෆේස්බුක් පිටුවෙනි https://www.facebook.com/Ceylon-Motor-Journal-110551953960695/