Mudalige Auto Care Centre

Mudalige Auto Care Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mudalige Auto Care Centre, Automotive repair centre, No-271, Gampaha Road , Wewagedara, Divulapitiya.

04/05/2026

සියලූ ම සේවාවන් තාමත් පරන මිලටම.ඔබත් අමතන්න
0779282807

03/10/2025

ඔබගේ වටිනා කාලය ඉකිරිකරමින් වාහනය සේවා කර ගැනීමට ඔබට අවස්ථාව ඇත. දිනය සහ වෙලාව පෙර වෙන් කරවාගෙන පැමිනෙන්න. අමතන්න 07792828207

03/10/2025



🚗💨 ඔබේ රථයට නිසි සේවාව ලබා දීම අනිවාර්යයි! 🛠️✨

ඔබේ රථය ආරක්ෂිතව, හොඳ තත්ත්වයෙන්, දිගුකාලීනව ක්‍රියාත්මක කිරීමට, නිර්දේශිත කාලසීමාවට අනුව සේවා ලබා ගැනීම අත්‍යවශ්‍යයි! 🚙💡



❌ කුමක් විය හැක සේවා නොකළහොත්?
• කුඩා ගැටළු → විශාල වියදම් 💸
• ආරක්ෂාව අඩු වීම ⚠️
• රථයේ ආයු කාලය අඩු වීම ⏳



✅ නිසි සේවා ලබා ගැනීමෙන් ලැබෙන වාසි

1️⃣ කාර්යක්ෂමතාවය වැඩි වේ ⚙️
• ඉන්ජිම, බ්‍රේක්, තෙල්, ෆිල්ටර් නිතර පරීක්ෂා කිරීමෙන් රථය සාර්ථකව ක්‍රියාත්මක වේ.

2️⃣ අතනවශ්‍ය වියදම් වැළැක්විය හැක 💰
• කුඩා ගැටළු මුල් අවස්ථාවේදී නිරාකරණය කිරීමෙන්, අනාගත වියදම් අඩු කරයි.

3️⃣ ආරක්ෂාව වැඩි කරයි 🚦
• බ්‍රේක්, ටයර්, ආලෝක පද්ධති පරීක්ෂා කිරීමෙන්, ඔබේ ආරක්ෂාව සහ රථයේ ආරක්ෂාව සුරක්ෂිත වේ.

4️⃣ රථයේ ආයු කාලය දිගු කරයි 🛻
• නිසි සේවා, කොටස් ආරක්ෂා කර රථය වසර ගණනාවකට ආරක්ෂිතව පවත්වාගත හැක.

5️⃣ වෙළඳ වටිනාකම රැකගනී 💎
• නිසි සේවා ලබා ඇති රථයක් වඩා හොඳ මිලකට විකිණිය හැක.

6️⃣ ධාවන විනෝදය වැඩි කරයි 🏞️
• හොඳ තත්ත්වයේ පද්ධති සහිත රථයක් ධාවනය කිරීමට ආරක්ෂිත සහ සතුටක් දෙන අත්දැකීමක් සපයයි.



💡
ඔබේ රථය නිර්දේශිත කාල සීමාවට අනුව පරීක්ෂා කර, නිසි සේවාව ලබා දීමට සූදානම් වන්න! 🛠️✅

🚗✨ නිසි සේවා = ආරක්ෂාව + දිගු කල් පැවැත්ම

28/09/2025
EV භාවිතා කිරීම ලංකාව තුල  යථාර්ථය .ලංකාවට EV Import කරන rate එකට සාපේක්ෂව infrastructure දියුණු  වීමේ ලොකු ගැටලුවක් තිය...
27/09/2025

EV භාවිතා කිරීම ලංකාව තුල යථාර්ථය .

ලංකාවට EV Import කරන rate එකට සාපේක්ෂව infrastructure දියුණු වීමේ ලොකු ගැටලුවක් තියෙනවා.
මේව ඇත්තටම හිතන්න තිබ්බේ වාහන ගෙන්වන්න කලින්.ඒ ගැන මම සෑහෙන්න කාලයකට කලින් ලියලා තියෙනවා.

ඉදිරියේදී දරුණුම ගැටලුව EV Charge කරන්න පැය ගනන් පෝලිමේ බලා සිටීමට සිදුවීම.

✅400 km Range එකක් තියෙන EV එකක් Hire දුවනවා කියලා සිතන්න. ආසන්න වශයෙන් trip 10ක් ගියොත් Full charge කරන්න වෙනවා. DC Fast Charger එකකට connect කලොත් සාමාන්‍යයෙන් පැයක් විතර යනවා.

EV Charge කිරීමට පෝලිමේ වාහන 5 ක් තිබෙනවා කියා සිතන්න. එක් වාහනයක් ආරෝපණය කිරීමට පැය 01 ක් ගත වුවහොත් 5 වෙනියාට තිබෙන වාහනය charge කිරීමට තම අවස්ථාව ලබා ගැනීමට පැය 4 ක් බලා සිටීමට සිදු වේ.

එතකොට ඒ පෝලිමේ තමයි Hire නොදුවන අයටත් ඉන්න වෙන්නෙ.

✅Hire දුවන්නේ නැති අය 5 ක් පෝලිමේ හිටියොත් . විනාඩි 30 ගානේ charge කලොත් 5 වෙනියාට charge කරන්න පටන් ගන්න පැය 2 ක් බලාගෙන ඉන්න වෙනවා.

✅BAW E7 වගේ Slow charging වාහන මේක අදාල නෑ මොකද ඒවා public DC Charger වලින් charge කරන්න බෑ. ගෙදර පැය 6 ක් තමයි.

ඒ හින්දා තමයි නිෂ්පාදකයෝම කියන්නේ BAW E7 වගේ ඒවා City ධාවනය සදහා නිෂ්පාදනය කරලා තියෙනවා කියලා.
Under guards පවා නොමැතිව ඒවා එවන්නේ ඒ හින්දා.

ඇත්තටම ඒවා හොඳයි උදේට බබාලා ඉස්කෝලේ දාලා, බුලත් විටක් ගෙන්න හන්දියට යන්නයි,රෑට කොත්තුවක් ගේන්න හන්දියට යන්නයි.
ඊට පස්සේ රෑ එලිවෙනකල් charge කරන්න. Safety ratings නැති හින්දා Accident නොකරගෙන ඉන්නත් සිදු වෙනවා. City එකේ උපරිම වේගය 40 kmph නිසා කුඩුවෙන්න Accident වෙන්නේ නෑ කියලා චීනා අනුමාන කරනවා ඇති.
අනික් කාරණය චීන වාහන Category අතර Old tech and low cost category එකේ තියෙන නිසා කොයි වෙලාවේ ඒ Company වැහෙයිද කියන්නත් බෑ.
එහෙම උනොත් වෙන්නේ 8 දෙනෙක් දාන්න පුලුවන් ත්‍රීවීලර්, Yuejin trucks වගේ ඒවාට වෙච්චි දේ තමයි.

✅ICE වාහනයකට හෝ Hybrid එකකට පෙට්‍රල් / Diesel ගහන්න ගතවෙන්නේ විනාඩි ගානයි.

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ,Motor bike, Three wheelers, cars, trucks, buses ආදී වාහන සියල්ල සැලකුවොත් වාහන ලක්ශ 80 පමණ තිබෙනවා.

Fuel station 2000 පමණ තිබෙනවා. (මෙතනදී සීයට සීයක් operation වෙන ගනන නිවැරදිව දෙන්න අමාරුයි CPC සතුව Fuel stations 1236 ක් තිබෙනවා. ඉතිරි ඒවා වෙනත් වෙනත් ආයතන වලට ලබා දී තිබෙනවා. සමහර ඒවා Agreement එකේ තිබුණාට Operational නෑ. Petroleum එකේ දැනට වැඩ කරන මහත්මයෙක්ට පුළුවන් වෙන්න ඕනෙ හරි තොරතුරු දෙන්න.)

Fuel station ඉක්මනින් වැඩිවීමේ අවශ්‍යතාවයක් එතරම් පැන නගින්නෙ නෑ මන්ද වාහනයකට තෙල් ගහන්න යන්නේ විනාඩි ගණනක් හින්දා.

මේ වසර මුල් කාර්තුවේ ආසන්න වශයෙන් ලංකාවේ EVs 7500 පමන තිබුනා ( e bike හැර). මේ ප්‍රමාණය දිනෙන් දින සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා.

නිවැරදි ගානක් හරියටම කියන්න බෑ සමහර ඒවාට Engine තියලා තියෙන හින්දා. නීති අනුව නම් ඒවා පාරේ දුවන්න බෑ.

ලංකාව පුරාම බැලුවත් DC fast chargers කීයක් තියෙනවද කියලා හරියටම හොයාගන්න අමාරුයි. දන්න කෙනෙක් ඉන්නවනම් හරියටම ගාන කියන්න. අදාල රාජ්‍ය ආයතනයක් අනිවාර්යෙන් මේ සියල්ල ගණන් කර තබා ගත යුතුයි. එහෙම නැතිව රටේ infrastructure දියුණු කරන්න අමාරුයි.

ගෙදරක දුවන EV එකක් 200km එහාට ගියාම charge කරගන්න තැනක් නැති රටේ දැන්ම taxi දුවන්න plan කරනවානම් දෙපාරක් හිතන්න.

දැනට තියෙන charging station වල chargers ගණන 5 ක් දක්වා වත් වැඩි කළ හැකි නම් එය ප්‍රායෝගික වනු ඇත.

එසේ නොමැතිනම් EV Charge කිරීමට අපට පැය 5 ක් පමණ බලා සිටීමට සිදු වන අතර. එම පැය ගණන දිනෙන් දින ඉහළ යයි.
මේ Charging stations සියල්ල Solar power වලින් 100% ක් වැඩ කරනවානම් තමයි සාර්ථක.National Grid එකෙන් power ගන්නවා නම් වැසි නැති කාලෙට කබලෙන් ලිපට වැටීමක් තමයි වෙන්නේ.

ඒ වගේම තව අවුරුදු 10 යනකොට ලංකාවේ මිනිස්සුන්ට හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා. එහෙම වෙන්නේ EV/ Hybrid battery කුනු ගොඩවල් වලට දාන හින්දා .
අදටත් රජයෙන් හෝ අදාල ආයතන ඒවාට නීති හදලා නෑ.

මම EV විරෝධයෙක් නොවෙමි.
මහ පොළොව මත යථාර්ථය පමණක් පෙන්වාදෙමි.
ස්තූතියි .

GM.Nuwan N Wijerathna .

゚ ゚viralシypシ゚viralシhtag ゚viralシalシ

25/09/2025

INTERIOR CLEANING🙋

25/09/2025

ඔබගේ වාහනය නියමිත ප්‍රමිතියෙන් යුතු සේවා කටයුතු සදහා අදම අමතන්න.ප්‍රදේශයේ අවම මිල අපෙන්…
0779282807

Address

No-271, Gampaha Road , Wewagedara
Divulapitiya

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 22:00

Telephone

094772932245

Website

Alerts

Be the first to know and let us send you an email when Mudalige Auto Care Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share