Shehan Tyer House - Deltota

Shehan Tyer House - Deltota විශ්වාසවන්ත ගමනකට මුල පිරුම🥇

27/04/2025
වැස්සේ වාහන පදවන ඔබ මේවා දන්නවාද?වැසි කාලය කියන්නේ වාහන අනතුරු ගොඩක් සිද්ධවෙන කාලයක්, වැස්සේ වාහනය පදවද්දී මාර්ගය සහ ටයර...
30/11/2024

වැස්සේ වාහන පදවන ඔබ මේවා දන්නවාද?

වැසි කාලය කියන්නේ වාහන අනතුරු ගොඩක් සිද්ධවෙන කාලයක්, වැස්සේ වාහනය පදවද්දී මාර්ගය සහ ටයර් අතර ඝර්ෂණය වෙනස් වගේම වාහනය හැසිරෙන ආකාරයත් වෙනස්. ඒ නිසා වාහනය පදවද්දි සැලකිලිමත් විය යුතු දේවල් අද අපි මේ ආටිකල් එකෙන් අරන් එනවා.

👉අධික වැස්සේ රිය පැදවීම පුලුවන් තරම් මගඅරින්න.

විශේෂයෙන් දුර ගමන් යද්දි අධික ලෙස වහින වෙලාවල් මගඅරින්න පුලුවන් නම් වඩාත් හොඳයි, මොකද වාහන අනතුරු වෙන ප්‍රමණය වැඩි නිසා.

👉ඔබේ වාහනේ මේ දේවල් චෙක් කරගන්න.

විශේෂයෙන් දුර ගමනක් යන වෙලාවක වාහනේ හෙඩ් ලයිට්, ටේල් ලයිට්, වයිපර් වගේම ටයර් කට්ටත් පරීක්ෂා කරන්න. ටයර් ගෙවිල නම් වාහනේ වැස්ස වෙලාවක ලිස්සන්න තියන ප්‍රවණතාවය වැඩියි මොකද ටයරය සහ මාර්ගය අතර ජලය සහ තෙල් තිබෙන වෙලාවක නොහිතන විදිහට වාහනයක් වංගුවකදී උනත් ලිස්සන්න පුලුවන් නිසා. මීට ලොකුම හේතුව ජලය සමග මාර්ගයේ තිබෙන තෙල් සහ අපද්‍රව්‍ය මගින් ලිහිසි පෘශ්ඨයක් හදන නිසා. ඒ වගේම 50kmph වේගයට වඩා වැඩි වේගයෙන් යනකොට මේ අවදානම ඉතාම වැඩි බව මතක තියාගන්න.

👉වේගයෙන් නම් යන්න එපා.

වහින වෙලාවට වේගය කියන්නේ ඉතාම අති-අවදානම් ක්‍රියාවක්. වහිද්දී වාහනය වගේම ඔබත් ප්‍රතිචාර දක්වන වෙලාව අඩු වෙනවා ඒ නිසා අවදානම අනිවාර්යයෙන් වැඩියි.

👉වයිපර් භාවිතය

පොඩි වැස්සකදී උනත් වයිපර් භාවිත නොකර යන්න එපා. මොකද ඉදිරියෙන් යන වාහන වලින් නිකුත් වන ජලය මුසු උන සියුම් පටලයක් ඔබේ වීදුරුව මත බැඳෙන්න පුලුවන් නිසා ගොඩක් වෙලාවකට ඔබට ඉදිරිපස පෙනීම අඩුවෙන්න පුලුවන්. ඉතින් නිතර ඔබේ වීදුරුව පිරිසිදුව තබා ගෙන රිය පදවන්න මතක තියාගන්න. ඒ වගේම දැන් ජලය වීදුරුව මත රැඳීම අඩුකරගන්න නොයෙකුත් ආලේපයන් පවා වෙළඳපොලේ තිබෙනවා.

👉ටේල් ගේට් කරද්දී පරිස්සමෙන්.

ඉදිරියෙන් යන වාහනෙත් එක්ක නිසි ඉඩක් තබාගෙන යන්න, මොකද පාරෙ වතුර පිරුන තැන් වල වලවල් තිබුනොත් ඉස්සරහ වාහනය අනපේක්ෂිත විදිහට නතර වෙන වෙලාවල් තියෙන්න පුලුවන් නිසා.

👉වතුරෙන් යටවෙච්ච තැන් කියන්නෙ මාරකයක් වෙන්න පුලුවන්.

වතුරෙන් යට උන තැනක ගැඹුර හරියට නොදැන ඔබ වාහනය අරන් යන්න හිතනව නම් ඔබ ගන්නේ ලොකුම අවදානමක් මොකද දුම් බටය තුලින් වාහනය ඇතුලට වතුර ආවොත් ඔබේ වාහනයේ එන්ජිම ක්ෂණිකව අක්‍රිය වෙනවා. ඒ වගේම වතුරෙන් යට වෙච්ච පාලමක් වගේ තැනකින් යනව නම් ඔබේ වාහනය ජලයේ පාවෙන්න ලොකු ඉඩක් තියනවා.

පහුගිය කාලයේ වතුර මේ වගේ ගලන තැන් වලින් යන්න හදපු ඕෆ් රෝඩ් වාහන පවා ජල පහරට ගසා ගෙන යනවා අපි දැකල තියනවා. වතුර ඔබේ දුම් බටය මට්ටමට ගැඹුර නම් කිසිසේත්ම ඒ හරහා ගමන් කිරීම අනුමත කරන බෑ. මේ වගේ වෙලාවක මදක් යට උන වතුර හරහා ඔබට යන්නම වෙනවා නම් මේ දේවල් මතක තියාගන්න.

👉ඔබට යන්න පුලුවන් ගැඹුර අඩුම තැනින් ගමන් කරන්න, පාරේ මැද නම් වඩා සුදුසුයි.

👉 ඔබේ කකුල ගෑස් පෙඩල් එකෙන්(ඇක්සලරේටරයෙන්) ඉවතට ගන්න එපා. බ්‍රේක් පෙඩල් එකෙන් අවශ්‍ය නම් වේගය පාලනය කරන්න.

👉 අදික වේගය හෝ ඉතා අඩු වේගය පාවිච්චි කරන්න එපා. පාලනය කල හැකි වේගයකින් යන්න (5-10kmph නම් ඉතා සුදුසුයි)
ඔබ වතුරෙන් ඉවතට ආ පසු බ්‍රේක් වේලගන්න මද වේගයෙන් යන ගමන් හෙමින් බ්‍රේක් එක වරින් වර පාගන්න (Light taps)

👉 ඒ වගේම වතුරෙන් යට උන තැන් වල වාහනයේ ටයර් සහ මාර්ගය අතර ස්පර්ශය නැති වෙන එකට hydroplaning කියල කියනවා. මෙතනදි වෙන්නේ වාහනය ලිස්සා යාම ඔබ වේගයෙන් යනවා නම් ටයර් ගෙවිල නම් මේ තත්වය ඇතිවෙන්න පුලුවන්, මේ වගේ වෙලාවක කරන්න පුලුවන් හොඳම දේ, ඇක්ස්ලරේටරයෙන් කකුල ඉවතට අරගෙන ක්‍රමයෙන් වාහනය පාලයන කරගන්න එක. එක පාරට බ්‍රේක් කරන්න යන්නත් එපා මේ නිසා ලිස්සා යාම වැඩි වෙන්න පුලුවන්.

👉 A/C

වැස්සක වාහනය පදින වෙලාවක A/C පාවිච්චි කරන එක වඩාත් හොඳයි, මොකද වාහනය අවට වාතය සිසිල් වෙද්දී වාහනයේ වීදුරු විවෘත වෙලා නැත්නම් mist එක වීදුරුව ඇතුලෙන් බැඳෙන්න පුලුවන් නිසා, එහෙම වෙන්නේ අපේ ප්‍රාශ්වාස වාතය එක්ක පිටවෙන ජල වාෂ්ප වලින් වාහනේ ඇතුලත ආර්ධතාවය(Humidity) වැඩිවෙන නිසා, A/C පාවිච්චි කරොත් මේ දේ වෙනවා අඩුයි.

👉 ඒ වගේම ඔබ A/C පාවිච්චි කරද්දී අවට පරිසරය ගොඩක් සීතල වෙලාවක වාහනයේ වීදුරු වල එලියෙන් mist එක බැදෙන්න පුලුවන්, ඉතින් මෙය වලක්වා ගැනීම සඳහා defrost ඔප්ශන් එකක් ගොඩක් වාහන වල ලබා දීල තියනවා. මේකෙන් වෙන්නේ වාහනේ වීදුරුව රත් වෙලා mist එක බැඳෙන එක වලක්වන එක.

උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්
ස්තුතිය : හිරු වෙබ් අඩවිය

15/11/2024

⭕️.ටයර් නැවත පිරවිම/ Refill / Dag

රැයක් දවාලක් වෙනසක් නැතුව වැලි ලෝඩ් පටවගෙන එහා මෙහා යන ගමනකදි වාහනේ ටයර් ටික හරිම වැදගත්.ශක්තිමත් සහ නව කට්ට රටාවෙන් ඔබ ...
28/09/2024

රැයක් දවාලක් වෙනසක් නැතුව වැලි ලෝඩ් පටවගෙන එහා මෙහා යන ගමනකදි වාහනේ ටයර් ටික හරිම වැදගත්.

ශක්තිමත් සහ නව කට්ට රටාවෙන් ඔබ වෙත හඳුන්වා දෙන Ceat Load Max 18 වගේ කොලිටියෙන් වැඩි ටයර් එකක් එක්ක කිසි කරදරයක් නැතුව අවසානය දක්වාම තමන්ගෙ ගමන හිතේ විශ්වාසයෙන් යන්න පුළුවන්.

දැන් Ceat Load Max 18 එක්ක වැඩි දුරක් යන්න කිලෝමීටරේටම රු 2 ටත් අඩුවෙන් වියදම් වෙන්නෙ.

Ceat Load Max 18 ඔබේ දුර ගමනට හොඳම සහකාරයා.
දැන්ම අමතන්න - රැයක් දවාලක් වෙනසක් නැතුව වැලි ලෝඩ් පටවගෙන එහා මෙහා යන ගමනකදි වාහනේ ටයර් ටික හරිම වැදගත්.

ශක්තිමත් සහ නව කට්ට රටාවෙන් ඔබ වෙත හඳුන්වා දෙන Ceat Load Max 18 වගේ කොලිටියෙන් වැඩි ටයර් එකක් එක්ක කිසි කරදරයක් නැතුව අවසානය දක්වාම තමන්ගෙ ගමන හිතේ විශ්වාසයෙන් යන්න පුළුවන්.

දැන් Ceat Load Max 18 එක්ක වැඩි දුරක් යන්න කිලෝමීටරේටම රු 2 ටත් අඩුවෙන් වියදම් වෙන්නෙ.

Ceat Load Max 18 ඔබේ දුර ගමනට හොඳම සහකාරයා.
දැන්ම අමතන්න - 0740033040

CEAT GRIPP X3 එක්ක බ්‍රේක් ෂුවර් නිසා ඔයාගෙ ride එකේ safety උපරිමයි! CEAT Motorcycle tyres ඔයාගෙ හොඳම තේරීම වෙන්නෙ අන්න ...
21/09/2024

CEAT GRIPP X3 එක්ක බ්‍රේක් ෂුවර් නිසා ඔයාගෙ ride එකේ safety උපරිමයි! CEAT Motorcycle tyres ඔයාගෙ හොඳම තේරීම වෙන්නෙ අන්න ඒ නිසයි!

වැඩි විස්තර සඳහා
+94 (74) 003 3040 අමතන්න

ඒ දවස්වල ලංකාව හොල්ලපු ටයර් එකක් ❤️⚙️⚡️ #මඡන්කර්මිකයෝ
18/09/2024

ඒ දවස්වල ලංකාව හොල්ලපු ටයර් එකක් ❤️⚙️⚡️

#මඡන්කර්මිකයෝ

01/09/2024

🔺ඔන දුරක් ඔන විදිහකට යන්න 3K ඩැග් ටයර් තමා💯
🔺විවිධ කට්ටා රටා රැසකින් දැන්⭕️
🔺අමතන්න :-074 003 30 40

ඔන්න අද තමයි දවස... හැමොම එන්න දෙල්තොට කරගස්කඩ විද්‍යාලිය ක්‍රිඩාන්ගනයට💥✨
15/04/2024

ඔන්න අද තමයි දවස... හැමොම එන්න දෙල්තොට කරගස්කඩ විද්‍යාලිය ක්‍රිඩාන්ගනයට💥✨

සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!✨🙏
13/04/2024

සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!✨🙏

ටයර් ගැන අපි හරියටම දැන ගනිමු...අපි අර ජාතිය හොඳයි මේ ජාතිය හොඳයි කීවට ඇත්තටම අපි ටයර් ගැන දන්න දෙයක් දැනන් ඉදලා නෑ කියල...
18/03/2024

ටයර් ගැන අපි හරියටම දැන ගනිමු...

අපි අර ජාතිය හොඳයි මේ ජාතිය හොඳයි කීවට ඇත්තටම අපි ටයර් ගැන දන්න දෙයක් දැනන් ඉදලා නෑ කියලා ඔබට මේ post 1 කියෙව්වම තේරෙයි

ටයර් එකේ ගහල තියෙන ඉලක්කම් මොනවාද ?

පහත රෑපෙට අනුව අපි උදාහරණ බලමු

185-ටයර් එකේ පළල
බැලූන් size mm

75- ටයර් උස
රිම් කෙළවර සිට ටයර් එක බිම ගෑවෙන උස

R-Radial ටයර් එක නිපදවීමේ ක්‍රමය
සමහර වාහනවල R යෙදීම වෙනුවට

B ~Bias belt-
. . D~Diagobal

14~ටයර් එකේ විෂ්කම්භය
රිම් size

82~දැරිය හැකි බර ප්‍රමාණය
S- ගමන් කළ හැකි වේගය

වේගය සදහා වෙනම chart 1 අපි පහතින් සදහන් කරන්නම්

අවසානයේ කුඩා කොටුවේ ඇති ඉලක්කම් 4න් පිලිවෙලින් නිෂ්පාදිත වර්ෂයේ සතියත් දෙවන ඉලක්කමි 2න් නිෂ්පාදනය වර්ෂයත් පෙන්නුම් කරනවා

ටයර් කට්ට රටාව

විවිධ විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකූලව කට්ට රටා සහිත ටයර් වෙළඳාපොලට නිකුත් කරලා තියෙනවා.

ප්‍රධාන වශයෙන් වර්ග 3 යි

1.Symmetrical
2.Asymmetrical
3.Directiona

1.Symmetrical

එකම කට්ට රටාව සහිත දෙපැත්තම මාරු කර ධාවනයට යෙදිය හැක

වාසි- ලාභදායි වීම
ආයු කාලය ඉහළයි
කෙළින් මාර්ගයක ගමන් කිරීමේ දි සුවපහසුව
tyre rotation කළ හැක

අවාසි- පරණ තාක්ෂණයක් වීම
තෙත පරිසරයට සුදුසු නැත.ඝර්ෂණය අඩු වීම
sports car සදහා සුදුසු නැත

2.Asymmetrical
ඇතුළත සහ පිටත කට්ට රටා එකිනෙකට වෙනස් වේ.
පිට පැත්තේ කට්ට රටාව ඇතුළු පැත්තේ කට්ට රටාවට වඩා වෙනස් වේ.

වාසි- ව0ගු ගැනීමේදි හොඳ ඝර්ෂණයක් තිබීම.ඇතුල් කට්ට රටාව නිසා වතුර ඉවත්කර හොඳින් Grip වේ.

අවාසි -මිලෙන් අධික වීම
ආයු කාලයඅඩුයි

3.Directional

ලාක්ෂණික ඊතල හැඩය

වාසි-ඉතා විශාල ඡල පරිමාවක් වේගයෙන් ඉවත් කර ඉතා හොද ඝර්ෂණ බලයක් ලබා දීම

අවාසි -මිළ ඉතා අධික වීම
අඩු කල් පැවැත්ම

ටයරයක් පරිස්සමින් පාවිච්චි කරන්න නම් Tyre Rotation එක අනිවා කරන්න ඕනෙ

මොකද Front wheel 1 ගෙවෙන විදිය සහ back wheel 1 ගෙවෙන.විදිහේ ලොකු වෙනසක් තියෙනවා

පහත අපි දාන Diagram 1 හොඳට බලන්න

ඉතින් මේ වගේ වැදගත් post 1 අරන් අපි නැවත එන්නම්

අපි අලුත් post එකක් දැම්මම ඔයාලට ඒක පෙන්න නම් LIKE එකක් දාන්න අපේ Page එකට.
අපේ Group එකක් තියෙනවා ..
https://www.facebook.com/groups/2316147325147684/
කැමතිනම් ඇවිත් SET වෙන්න.
ඉදිරියේදි
ඔබට හුගක් වැදගත්වෙයි
Copyed post 😊
with love From -team Ezcar 😍 -I

25/02/2024

⭕️ටයර් නැවත පිරවිම/ Refill / Dag

🙏❤️
31/12/2023

🙏❤️

Address

Kandy Road
Deltota
20430

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Shehan Tyer House - Deltota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share