toyota japan parts

toyota japan parts 0761088081

31/05/2025

අපි සාමාන්‍යයෙන් ඕපිඩී එකේ වැඩ කරන වෙලාවට බලන ලෙඩ්ඩුන්ගෙන් 70-80%කගෙන්ම ඇහුවොත්

ඩොක්ටර් මට ගැස්ට්‍රයිටීස්
මගේ බඩ දනවා..
ඩොක්ටර් මගේ බඩේ ගෑස් වගේ..
අපෝ ඒ බෙහෙත් බොන්න බෑ ගැස්ට්‍රයිටීස් එනවා..

වගේ එකම වර්ගයේ කතා ටිකක් අහගන්න පුලුවන්...

බඩේ ගෑස් / ගැස්ට්‍රයිටීස් / එහෙම නැත්නම් ගෑස්ටික් ගැන අද පොඩි දෙයක් කියන්නම්

වෛද්‍ය විද්‍යාත්මකව අපි මේකට කියන්නේ peptic ulcer disease කියලා.Gastritis කියන වචනෙත් කියනවා.

( හැබැයි ගෑස්ටික් / බඩේ ගෑස් කියන්නේ නම් අපි හදාගත්ත වචන )

එතකොට මේකේ හරි නම් peptic ulcer disease / පෙප්ටික් අල්සර් ඩිසිසීස් එහෙම නැත්නම් Gastritis / ගැස්ට්‍රයිටීස් වෙන්න ඕන.මේ post එක කියවන ඔයාලා නම් මීට පස්සේ ගෑස්ටික් ගෑස්ටික් ගාන්න එපා.

මොකද්ද ගැස්ට්‍රයිටීස් හැදුනම වෙන්නේ ??

අපේ ආහාර මාර්ග පද්ධතිය ගත්තම පිළිවෙලින් මුඛය අන්නස්‍රෝතය ඊලගට ආමාශය තමයි පිහිටලා තියෙන්නේ.කවුරුත් දන්නවනේ අන්නස්‍රෝතය කියන්නේ බටයක් වගේ ව්‍යුහයක්.ආමාශය කියන්නේ මල්ලක් වගේ දෙයක්.අපි මුඛ්‍ය හරහා ගන්න ආහාර අන්නස්‍රෝතය හරහා ගිහින් මල්ලක් වගේ තියන ආමාශයට තමයි මුලින්ම වැටෙන්නේ.

ඊට පස්සේ ආමාශයේදි තමයි අපි ගන්න ආහාර දිරවන්නේ.ජීර්ණය වෙන්නේ.ඒක වෙන්නේ ආමාශයේ සිද්ධ වෙන රිද්මයානුකූල චලනය එක්ක.හිතන්නකෝ කෑම අඹරන මැෂින් එකක් වගේ කියලා.

හරි ඊලගට මේ ආහාර දිරවන වැඩේට විවිධ එන්සයිම වර්ග සහ ඇසිඩ් වර්ග උදව් වෙනවා.සාමාන්‍යයෙන් ආමාශය ඇතුලේ අපි ගන්න ආහාර පැය 2-4 කාලයක් තියෙනවා.ඔයා කාලය ඇතුලත ඒ ආහාර දිරවීමේ ක්‍රියාවලියට ලක්වෙනවා.

ඊට පස්සේ කුඩා බඩවැලට සහ මහා බඩවැලට යොමුවෙන ආහාර වල පෝෂ්‍ය ද්‍රව්‍ය උරා ගන්න එක කරනවා..
මේක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය.

මුලින් කිව්වනේ මේවා බටයක් සහ මල්ලක් වගේ ව්‍යුහයක් කියලා.ඒ කියන්නේ මේවා හැදිලා තියෙන්න බිත්තියක් තියෙන්න ඕන.ආමාශයේ මේ බිත්තිය හැදිලා තියෙන්නේ ඒයාට වෙන්වුන කාර්‍යයන් කරන්න සුදුසු විදියට හැදුන හරිම සියුම් බිත්තියකින්.

දැන් හිතන්න ඔයා රෑ කෑම 8ට විතර ගන්නවා.ඊට පස්සේ රෑ නිදාගෙන ඇහැරිලා උදේ මුකුත් නොකා නොබී හිස්බඩ ඉස්කෝලේ හරි වැඩට හරි යනවා.
ආය කන්නේ දවල් 1-2 ට විතර.රෑ ගත්ත කෑම දිරවලා අවසන් වෙනකොට අපි හිතමුකෝ රෑ 12-1 විතර වුනා කියලා.ඊට පස්සේ ආයෙත් ඔයා කෑම ගන්නේ පැය 12කට පස්සේ.උදේ කෑම මිස් වුන නිසා.

ඔය අතරේ ආමාශය නිකන් ඉන්නේ නෑ.මුලින් කිව්ව ඇසිඩ් වර්ග ස්‍රාවය කරනවා.ඒත් ඒවා වැඩ කරන්න ඕනකරන කෑම ආමාශයේ නෑ.ඉතින් ඊලගට වෙන්නේ ආමාශයේ තියෙන සියුම් බිත්ති වලට මේ ඇසිඩ් නිසා හානිවෙනවා.ප්‍රදාහ තත්වයක් ඇතිවෙනවා.කාලයත් එක්ක නිතර නිතර මේ වැඩේ වෙන්න ගියාම ටිකෙන් ටික ඒ ස්ථාන තුවාල වෙනවා.

ඔන්න ඉතින් ඊලගට පටන් ගන්නවා වැඩේ...

▶️බඩ දැවිල්ල / බඩේ කැක්කුම
▶️බඩ පුරවලා දාන එක
▶️නිතර ඔක්කාරයට එන එක
▶️වමනය
▶️කාපු ගමන් වැසිකිළි යන්න ඕනවෙන එක
▶️හිසරදය / ඇගට අමාරු ගතිය


වගේ රෝග ලක්ෂණ මතුවෙනවා..

ඒ අතරේ සමහර අයට වේලක් දෙකක් නොකා ඉන්නකොට මේ අමාරු වැඩිවෙනවා.
සමහර අයට සැර කෑමක් පිටි කෑමක් තෙල් කෑමක් කාපු ගමන් අමාරු එනවා..
ටිකක් කල් ගියාම මොන කෑමක් කෑවත් ගැස්ට්‍රයිටීස් අමාරු වැඩිවෙනවා..දෙයක් කන්න කන්න අමාරු වැඩිවෙනවා.ඒකට එයාලා නොකා ඉන්නවා.එතකොට තව තව අමාරු වැඩිවෙනවා..
චක්‍රයක් වගේ ඕක කැරකෙනවා.

ගැස්ට්‍රයිටීස් වලට ඕන තරම් බෙහෙත් බොන පෙති සිරප් ඉන්ජෙක්ෂන් තියෙනවා.
ඒත් මම නම් දකින විදියට මේ ලෙඩේ හොද කරගන්න තියන හොදම මාර්ගය කෑම වලින් පරිස්සම් වෙන එක කියලා.
ශෝට් ඊට්ස් රයිස් කොත්තු පාන් පරාටා වගේ පිටි තෙල් තියෙන කෑම අනිවාර්යයෙන් අඩු කරන්න වෙනවා.ඒ වගේම තමයි සැර කෑමත්..
ඒ එක්ක වෙලාවට කන එකත් කරන්නම වෙනවා..

ගැස්ට්‍රයිටීස් තියෙනවා කියලා හරියටම දැනගන්න නම් බොහෝ වෙලාවට එන්ඩොස්කොපි පරික්ෂාවක් කරන්න වෙනවා.
රුධිර පරික්ෂණ සහ ස්කෑන් වලින් ගැස්ට්‍රයිටීස් තියෙනවා කියලා හරියටම කියන්න අමාරුයි.
බොහෝ විට වෙන්නේ සායන ඉතිහාසය අනුව වෛද්‍යවරුන්ට හැකි වෙනවා ගැස්ට්‍රයිටීස් ‍රෝග විනිශ්චය කරන්න.

ඉතින් පොඩි කාලේ ඉදන්ම හුරුවෙන්න වෙලාවට කන්න.නැත්නම් වයස වෙද්දි දවස පුරා වද විදින්න තමයි වෙන්නේ..

වෛද්‍ය විද්‍යාත්මකව මේ රෝග සරලව මේ විදියට නෙවෙයි වෙන්නේ.මීට වඩා ගොඩක් ක්‍රියාවලි සහ හේතු නිසා ගැස්ට්‍රයිටීස් කියන තත්වය ඇතිවෙන්න පුලුවන්.මේ විදියට ගොඩක් සරලව ලියන්න හිතුවේ හැමෝටම තේරෙන්න ඕන නිසා සහ කෑම කියන සාධකය ගැස්ට්‍රයිටීස් එක්ක බැදිලා තියන විදිය ගැන කියන්න ඕන නිසා

ආ අවුරුදු කාලේ දකින දකින එක කන්න යන්නේ නැතුව පරිස්සමෙන්

doctor nalin

උපුටාගැනීමකි

කෑම ලෝකෙ

31/05/2025
31/05/2025
30/05/2025
28/05/2025
26/05/2025

The two exercises that make your lumbar vertebra most comfortabl ...

26/05/2025
26/05/2025

SLNG සරඹ කියන්නේ ඉතින් 😜😜😜💘😀👊🙏

26/05/2025

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when toyota japan parts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share