Driving ගුරු

Driving ගුරු Driving Instructor

 #ලර්නර්ස්_යන්න_වෙලාවක්_නැද්ද?~ට්‍රයල් එකට කලින්  වාහනයක් ඇති තරම් පුරුදු වෙන්න~ලයිසන් තිබුනත් වැඩිදුර පුහුණුව අවශ්‍ය අය...
24/10/2021

#ලර්නර්ස්_යන්න_වෙලාවක්_නැද්ද?

~ට්‍රයල් එකට කලින් වාහනයක් ඇති තරම් පුරුදු වෙන්න

~ලයිසන් තිබුනත් වැඩිදුර පුහුණුව අවශ්‍ය අයට

~තමන්ගෙ වාහනේ තමන් වැඩියෙන්ම යන රූට් එකේ පුරුදු වෙන්න

~දවල්ට වෙලාවක් නැත්තං රාත්‍රී කාලයේ පුරුදු වෙන්න

~වරකට එක් අයෙක් බැගින් සෞඛ්‍යාරක්ෂිතව පුහුණුව ලැබීමට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් බලයලත් පළපුරුදු උපදේශකවරයෙක්.

ඔබට පහසු වේලාවට නිවසටම හෝ කාර්යාලයටම පැමිණ පුහුණුව

කොළඹ අවට නම් වඩාත් සුදුසුයි

අමතන්න
0772205696

#උපදේශක : දිනුක ගුණසේකර (උපදේශක බලපත්‍ර අංකය : DI 1194)

🎈🎈වාහනයේ ලියාපදිංචි සහතිකය (CR) හෝ වාහන හැඳුනුම්පත (VIC) නැති වූ අවස්ථාවක අනුපිටපතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන documents ...
19/10/2021

🎈🎈වාහනයේ ලියාපදිංචි සහතිකය (CR) හෝ වාහන හැඳුනුම්පත (VIC) නැති වූ අවස්ථාවක අනුපිටපතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන documents ..🎈🎈

👉CMT 65 අයදුම්පත
එම සහතිකය නැති වූ බවට කරන ලද පොලිස් පැමිණිල්ල (සහතික කළ පිටපත) හා එයට මුදල් ගෙවූ කුවිතාන්සිය.

👉උගසක් / පරම අයිතියක් / බද්දක් ලියාපදිංචි වී ඇත්නම් අනුපිටපතක් නිකුත් කිරීමට විරෝධතාවයක් නොමැති බවට අදාළ ආයතනය නිකුත් කළ ලිපියක්.

👉ලියාපදිංචි සහතිකය (CR) වාහන හැඳුනුම් පතේ (VIC) මුල් පිටපත විකෘති වී ඇත්නම් හෝ අර්ධ වශයෙන් විනාශ වි ඇත්නම් එය ද ඉදිරිපත් කළ යුතුය.

👉ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්

👉වාහනයක බර සහතිකයක් ලබා ගැනීම සඳහා CMT 130 ඉල්ලුම්පතක්.

25/08/2021

මෝටර් රථයේ පැති කණ්නාඩි කොහොමද adjust කරන්නේ ඔයාලා දන්නවාද

 #ලර්නර්ස්_යන්න_වෙලාවක්_නැද්ද?~ට්‍රයල් එකට කලින්  වාහනයක් ඇති තරම් පුරුදු වෙන්න~ලයිසන් තිබුනත් වැඩිදුර පුහුණුව අවශ්‍ය අය...
06/03/2021

#ලර්නර්ස්_යන්න_වෙලාවක්_නැද්ද?

~ට්‍රයල් එකට කලින් වාහනයක් ඇති තරම් පුරුදු වෙන්න
~ලයිසන් තිබුනත් වැඩිදුර පුහුණුව අවශ්‍ය අයට
~තමන්ගෙ වාහනේ තමන් වැඩියෙන්ම යන රූට් එකේ පුරුදු වෙන්න
~දවල්ට වෙලාවක් නැත්තං රාත්‍රී කාලයේ පුරුදු වෙන්න

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් බලයලත් පළපුරුදු උපදේශකවරයෙක්.

ඔබට පහසු වේලාවට නිවසටම හෝ කාර්යාලයටම පැමිණ පුහුණුව

කොළඹ අවට නම් වඩාත් සුදුසුයි

අමතන්න
0772205696

#උපදේශක : දිනුක ගුණසේකර (උපදේශක බලපත්‍ර අංකය : DI 1194)

06/01/2021

ලේසියෙන් Driving ලයිසන් එක අලුත් කරගන්නේ මෙහෙමයි

- සටහන Lihil Uthpala Subasinghe

මෙන්න මෙහෙමයි මං ඩ්‍රයිවින් ලයිසන් එක renew කලේ.

1. මෙඩිකල් ටෙස්ට් එකට දිනයක් වෙලාවක් වෙන්කරගත්ත. NTMI website එකෙන් නැත්තන් E channeling website එකෙන් booking එකක් දාගන්න පුළුවන්. මං ගියේ නුගේගොඩට. Rs. 800යි ගාන. ටෙස්ට් කරන දවසට ආයේ සල්ලි ගෙවන්න ඕන නෑ. https://ntmi.lk/oas/ හෝ https://www.echannelling.com/Echannelling/doctors/--DRIVING-LICENCE-MEDICAL-D9074

2. මට තිබුනේ 10.30 ට appointment එක. 10 වෙද්දී එතෙන්ට ගියා. ගිය ගමන් ඇතුලට ගත්තා. මතක ඇතුව පෑනක් අරන් යන්න. ගේට්ටුවෙන් ඇතුල් වෙලා 10m විතර යද්දී දකුණට දොරක් තියනවා. එකෙන් ඇතුල් වෙන්න. එතන තියන පලවෙනි කවුන්ටර් එකෙන් (Reception) appointment එකේ විස්තර හරිද කියල චෙක් කරලා උසයි බරයි බලල ටෝකන් එකක් දෙනවා.

3. ඊළඟට registration. කවුන්ටර්ස් තුනක් විතර තියනවා. එතෙන්ට ගිහින් ටෝකන් එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, NIC එකයි දෙන්න තියෙන්නේ. එතනදී phone number එක එහෙම submit කරන්න ඕනේ. Photo එකකුත් ගන්නවා එතන තියන We**am එකකින්.

4. ඊට පස්සේ blood test එක. ඒ තට්ටුවෙමයි lab එක තියෙන්නේ. කවුන්ටර්ස් 6ක් විතර තියනවා. එතනට ගිහින් ටෝකන් එකයි, ලයිසන් එකයි, NIC එකයි දෙන්න තියෙන්නේ. ඇගිල්ලට පොඩි කට්ටකින් විදිනවා විතරයි. Blood sample එක ආරගත්තට පස්සේ එතන වැඩේ ඉවරයි.

5. ඊට පස්සේ උඩ තට්ටුවට යන්න ඕනේ physical examination එකට. උඩ තටුවට ගිහින් ඉඳගෙන ඉන්න තියෙන්නේ. අපේ ටෝකන් අංකෙ කතා කරනවා ටික වෙලාවකින්. Display නම් දාල තිබ්බේ නැහැ. හයියෙන් කෑගහනවා අංකෙ කියල 😉

6. අංකෙ කතා කලට පස්සේ එක සැරේ 5ස් දෙනෙක් විතර doctor ගාවට එක්කන් යනවා. ගිහිල්ල ගැප් තියල හිටෝනවා. ඊට පස්සේ අතපය joints වැඩකරනවද, ඇස් පේනවද, කන් ඇහෙනවද කියල චෙක් කරනවා. මේ වෙනකොට අපේ printed medical certificate එක doctor ගාවට ඇවිල්ලා තියෙන්නේ. එකේ තියන නම ගම NIC number විස්තර හරිද කියල double check කරලා, medical certificate එක උඩ අපි sign කරලා එලියට එනවා.

7. ඊළඟට ටිකක් වෙලා ඉඳගෙන ඉන්න තියෙන්නේ. ආයේ අපේ අංකෙ කියල කෑගහනවා. Medical certificate එක අපේ අතට දෙනවා. එතනින් වැඩේ ඉවරයි. මට මේ ටිකට පැයයි ගියේ.

8. ඊළඟට 0112677877 ට කෝල් එකක් දෙන්න වේරහැර දිනයක් වෙලාවක් වෙන්කරගන්න. සේවා නියෝජිතයෙක්ට කතා කරනවා වගේ මදක් රැදී සිටින්න කියන්නේ නෑ. Fully automated. අංක ඔබ ඔබ instructions follow කරන්න තියෙන්නේ. ලඟම තියන දිනයයි වෙලාවයි හම්බවෙනවා. එදාට බැරිනම් වෙන දවසක් දාගන්නත් option එකක් දෙනවා (confirm කරන්න අංක 1 ඔබන්න, වෙනත් දිනයක් ලබාගැනීමට අංක 2 ඔබන්න වගේ). මේ booking එක දාගන්න වැඩිම උනොත් විනාඩියක් යයි. මට ලැබුනේ සති දෙකකට පස්සේ දවසක් (04.01.2021 9.08 AM). SMS එකක් එනවා booking එකේ විස්තර ඔක්කොම දාල. මෙතන හොඳ වීඩියෝ එකක් තියනවා full process එකම https://www.youtube.com/watch?v=aVQ6V9YU4J0&t

9. ඉතින් අද ගියා වේරහැර. NIC එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, medical certificate එකයි විතරයි අරන් ගියේ. ෆොටෝකොපි මුකුත් ඕන නෑ. උදේ 9 යි හරියටම වෙලාව. Main gate එකේදී SMS එක පෙන්නලා booking number එකයි NIC number එකයි කිවුවා. එයාල අද දවසෙ booking list එක චෙක් කරලා මගේ booking එක verify කරලා ඇතුලට යන්න දුන්න. මේ විධියට තව checkpoints 2 කින් විතර appointment එක චෙක් කලා main gate එකේ ඉදන් ඇතුලට යන අතර මගදිත්.

10. කෙලිම්ම ගියා H hall එකට. H hall එකට ඇතුල් උන ගමන් වම් පැත්තේ තියන කවුන්ටර් එකේ හිටපු receptionist, ආයෙමත් appointment එක verify කරලා මට ටෝකන් එකක් දුන්න. ඊට පස්සේ විනාඩි 2ක් 3ක් ඉඳගෙන ඉන්න වුනා. ඊට පස්සේ security එකෙන් අපිව ඇතුලට ගත්තා. අංකෙ කතා කලේ නැහැ. හිටපු 10 දෙනාවම වගේ ඇතුලට ගත්ත.

11. ඊට පස්සේ documents checking. කවුන්ටරස් 1-18 ඕන එකකින් ගිහින් ඉදගන්න කිවුවා. මුල් ටිකේ කට්ටියට හිටපු හින්ද මං අග හරියේ එකකින් ගිහින් වාඩිඋනා. NIC එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, medical certificate එකයි බාරදුන්න. මහපට ඇගිලි දෙකේ fingerprints scan කලා. Photo එකක් ගත්තා. Digital display එකක් උඩ sign කළා. එතන වැඩේ ඉවරයි. මගේ documents 3ම ආපහු දුන්නා. අලුතෙන් printout එකකුක් දුන්නා (MTA30 Application for Driving License). එකේ sign කරන්න කිවුවා.

12. ඊට පස්සේ කවුන්ටර්ස් 19+ එකකට යන්න කිවුවා. එතනින් මගේ documents 3යි අර අලුතින් දුන්නු MTA30 printout එකයි ආපහු ඉල්ලගත්තා. ඒ ටික check කරලා ආපහු දුන්නා. එත් එක්කම මට Temporary Driving License එකේ A4 printout එකකුත් දුන්න (DMT33). ඒක valid මාස 4 කට.

13. ඊට පස්සේ කවුන්ටර් 30+ එකකට යන්න කිව්වා සල්ලි ගෙවන්න. Counter 30 එකේ cashier ට NIC, පරණ driving license, medical certificate, MTA 30 printout සහ temporary driving license printout කියන document 5 ම submit කළා. එතනින් ඒ ටික චෙක් කරලා ගෙවන්න කිවුවා Rs.1700 ක්. ඒක ගෙවුවාම රිසිට් එකක් හම්බ වුනා. අර ඔක්කොම documents ටිකත් ආපහු දුන්න. පරණ ඩ්‍රයිවින් ලයිසන් එක එයාල තියාගත්තේ නෑ. Temporary driving license එකේ යටම sign කරලා use කරන්න කිවුවා.

14. වැඩේ ඉවරයි. වේරහැර මේ ඔක්කොටම ගියේ විනාඩි 22යි. 😊

06/01/2021

Driving Licence එක නැති වෙලා හරි පලුදු වෙලා නම්?

මේකට මොකක්ද කරන්න ඕන කියල ගොඩක් දෙනෙක් අහල තිබ්බ

1 - නැති වෙලා නම් මුලින්ම කරන්න ඕන පොලිසීයේ Entry එකක් දාන එක. දාලා Entry එකේ Copy එකක් ඉල්ලගන්න එක. පළුදු වෙලා නම් 3 වන පියවර ඉදන් කියවන්න

2 - පොලීසියට යනකොට NIC එක අරන් යන්න. Entry Copy එකට රුපියල් 25ක් වගේ යයි

3 - RMV එකේ මේ Number එකට 0112677877 කතා කරලා Appointment එකක් දාගන්න. මේක Recorded Line එකක් - Steps ටික Follow කරන්න. Mobile Number එක, NIC Number එක ඕන වෙනවා මේ වැඩේට

4 - Appointment එකේ Details ටික ඊට පස්සෙ ලැබෙයි

5 - Application, Photo මුකුත් අරන් යන්න ඕන නෑ, ඒවා එතනින් දෙනවා. පෑනක් ගෙනියන්න. NIC එක, නැති වෙලා නම් Entry කොපිය / පළුදු වෙලා හරි කැඩිල හරි නම් ඒ පරණ ලයිසන් එක අරන් යන්න. NIC එක පැහැදිලි මදි නම් Passport එක අරන් යන්න.

6 - නැති වෙච්ච හරි පළුදු වෙච්ච එක Expire වෙලා නම් විතරක් Medical එකත් කරන්න වෙනවා (කලින් දාපු Post එකේ ඒ ගැන ඇති).

7 - මේ වැඩේ වේරහැරෙන් කරගන්නත් පුලුවන්, හම්බන්තොට, ගම්පහ, අනුරාධපුර, කළුතර, යාපනය හා මොණරාගල වගේ Regional Office වලින් කරගන්නත් පුළුවන් - One Day Service තියෙන්නෙ හැබැයි වේරහැර විතරයි

8 - මේ වැඩේට රුපියල් 2,200 ක් යනවා

9 - Temporary Licence එකක් ලැබෙයි - Original එක තැපෑලෙන් එයි (එතන පොඩි පමාවක් තියෙනවා මේ දවස්වල කොරෝනා නිසා)

ඉතුරු ප්‍රශ්න වලටත් ඉදිරියේදී උත්තර දෙන්නම්

ස්තුතියි

FB Page : www.facebook.com/suwanfernando89

http://siyathanews.lk/archives/99988
01/12/2020

http://siyathanews.lk/archives/99988

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා වෙන්කර ගැනීමේ පහසුව සඳහා නව දුරකථන අ...

http://siyathanews.lk/archives/98452
12/11/2020

http://siyathanews.lk/archives/98452

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සීමිත කාර්ය මණ්ඩලයක් යොදවමින් හෙට(11) සිට නැවත විවෘත කිරීමට ති.....

19/10/2020

Address

No:12/15, Jambugasmulla Mawatha, Nugegoda
Colombo

Telephone

+94772205696

Website

Alerts

Be the first to know and let us send you an email when Driving ගුරු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Driving ගුරු:

Share

Category