25/07/2025
🛞 ඔබේ වාහනෙය් Tyre Size කියවන්නේ කොහොමද?
ඔබේ ටයරයේ පැත්තේ (Side wall එකේ) 205/55 R16 91V වැනි අංක එකක් දැකලා තියෙනවද? එයයි ඔබේ ටයර් Size එකය් මෙන්න ඒක විස්තරයෙන් කියවන්නෙ මෙහෙමයි👇
👉උදාහරණයක්: 205/55 R16 91V
👉 205 – ටයරයේ පළල
ටයරයේ පැත්තකින් පැත්තට පළල මිලිමීටර වලින් (මෙහිදී 205mm පළලයි)
👉 2. 55 – ඇස්පේක්ට් අනුපාතය (Aspect Ratio)
ටයරයේ උස, එහි පළලට ඇති ප්‍රතිශතයයි
(මෙහිදී 55% × 205mm = පැත්ත උස)
👉R – රේඩියල් ව්‍යුහය (Radial Construction)
බොහෝ නව ටයර් Radial වේ — මෙහි ඇති “R” අකුර ටයර්ගේ ඇතුළත ව්‍යුහය රේඩියල් (Radial) බව දැක්වෙයි.
රේඩියල් තාක්ෂණය යනු මෙය රබර්, ලෝහ සහ කැන්වස් යන වඩාත්ම ශක්තිමත් වස්තු සංයෝජනයක් භාවිතා කරමින්, ටයරයේ ඉහළ (tread) කොටස ශක්තිමත් කරවයි, ඒ වගෙම ටයර් එකේ පැත්තේ(sidewalls) නම්‍යශීලීව පවත්වාගෙන යයි. ඒ වගේම මෙම තාක්ෂණය
• ටයරයේ දිගු කල් පවතින tread එකක් ලබාදෙයි
• වාහනයේ ගැලවීම් ප්‍රතිරෝධය (rolling resistance) අඩු කිරීම හරහා ඉන්ධන පරිභෝජනය අඩු කරයි
👉16 – රිම් විෂ්කම්භය (Wheel Diameter)මෙය 16 අඟල් (inch) රිම් එකකට ගැලපේ.ඒ කියන්නේ Rim Size එක අගල් 16
👉 91 – බර දර්ශකය (Load Index)
91 යනු ටයරයේ බර දර්ශකය (Load Index) වේ.
මෙය එක් ටයරයක් දරාගත හැකි උපරිම බර (කිලෝග්‍රෑම් වලින්) දැක්වෙන කේතයකි.
උදාහරණයක් ලෙස, 91 = 615 kg (එක් ටයරයකට)
👉 V යනු වේග ශ්‍රේණිගත කිරීම (Speed Rating) වේ.
මෙය ටයරය උපරිම බර දරමින් ධාවනය කළ හැකි උපරිම වේගය දැක්වෙන කේතයකි.
උදාහරණයක් ලෙස, V = පැයට 240 km (~149 mph)
👉 අදාළ වෙනත් අකුරු:
• P : Passenger Car (සාමාන්‍ය මෝටර් රථ සඳහා)
• LT : Light Truck (සැහැල්ලු ට්‍රක් සඳහා)
• C : Commercial Van Tyre (වැන වාහන සඳහා)
• XL / HL / Reinforced : සාමාන්‍ය ටයරයකට වඩා වැඩි බරක් දරාගත හැකි විශේෂ ටයර්. මෙවැනි ටයර් වෙනස් කරන විට, එම වර්ගයෙම වෙනත් එකක් යාවත්කාලීන වශයෙන් යෙදිය යුතුය (උදා: HL ටයරයක් වෙනුවට තවත් HL ටයරයක්)
• T : Temporary (අවස්ථික/අමතර රෝද සඳහා)
👉 ඔබට මෙම කේත හා ඒ සඳහා අදාළ අගයන් අතර ඇති සම්බන්ධතා දැක්වෙන වගුවක් බර සහ වේග ශ්‍රේණිගත කිරීම් පිළිබඳ ලිපියේ පහතින් ඇත.
✅ ටයර්මල්ලි ගේන් උපදෙස්:
• නව ටයර් තෝරද්දී ඔබේ වාහනයේ නිෂ්පාදක උපදෙස්වලට අනුකූලව තෝරන්න
• ඔබේ වාහනයේ Owner’s Manual එක හෝ දොරතට්ටුවේ ලේබලය පරික්ෂා කරන්න, සැම වාහනයකම ඉදිරිපස දොරතට්ටුවේ (Driver side or passenger side side) සදහන් කර ඇත.
• Speed rating සහ Load index අනුව ටයරය තෝරා ගන්න — ඒවා ආරක්ෂාවට ඉතා වැදගත්ය!
#සිංහලෙන්
#ලංකාවේටයර්
#අපේමමෝටර්
#ලංකාවේමෝටර්රථ