රිය සෙවන - Riya Sewana

රිය සෙවන -  Riya Sewana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රිය සෙවන - Riya Sewana, Used Vehicles, Bulathkohupitiya, Bulathkohupitiya.

🛳⛴🚢 ◡‿◡ ලෝකයේ ලොකුම නැව් හදන දකුණු කොරියාවේ 🇰🇷 " ℋᎽUℕⅅᎯł " ( හුන්ඩායි ) සමාගම ◡‿◡ 🚢⛴🛳දකුණු කොරියාවේ 🇰🇷 උල්සාන්හි පිහිටි ...
27/03/2025

🛳⛴🚢 ◡‿◡ ලෝකයේ ලොකුම නැව් හදන දකුණු කොරියාවේ 🇰🇷 " ℋᎽUℕⅅᎯł " ( හුන්ඩායි ) සමාගම ◡‿◡ 🚢⛴🛳

දකුණු කොරියාවේ 🇰🇷 උල්සාන්හි පිහිටි මෙම කර්මාන්තශාලාව වර්ග අඩි මිලියන 54ක් පමණ විශාල වේ. හයිඋන්ඩායි වාහන මාදිලි 14ක් පමණ මෙහි නිපදවයි.මෙම බලාගාරයට සෑම තත්පර 12 කට වරක් වාහනයක් නිපදවිය හැකිය. සේවකයින් 34,000 මෙහි සේවය කරයි. 👷🏻‍♂️👷🏻‍♀️ මෙහි නිර්මාතෘ " ℂℋUℕᎶ ᎽᎾᎾ ᎫᎾℕᎶ " ය.

⛵️ ලෝක ධනවතෙකුවූ ඔහු දුප්පත් කොරියානු ගොවියකුගේ වැඩිමහල් පුත්‍රයා විය.
⛵️ දුප්පත්කමින් ගැලවීම උදෙසා ජීවිතයේ කඩාවැටීම්, පලායාම් රැසකට මුහුණ දුන් අයෙක් විය.
⛵️ ලෝකයට ලොකුම නැව් හැදුවා වගේම දරුවන් එකොළොස් දෙනෙක් බිහිකිරීමට දායකවූ ශක්තිමත් පියා ඔහුම වීය.

Hyundai යන නාමය ගැන පාඨක ඔබට අමුතුවෙන් කිව යුතු නොවන්නේ මේ නාමය බොහෝ දෙනා අතර ප්‍රකට නිසාය. එලෙසින් Hyundai ප්‍රකටව ඇත්තේ මෝටර් රථ නිෂ්පාදනය, නෞකා නිෂ්පාදනය, යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය, මෙන්ම ඉදිකිරීම් ඇතුළු දැවැන්ත නිෂ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධවූ ලෝ ප්‍රකට සමුහ සමාගමක් වන බැවිනි.

මෝටර් රථ භාවිත කරන ශ්‍රී ලාංකිකය බොහෝ දෙනා Hyundai යන නාමය ශබ්ද කරන්නේ හුන්ඩායි යනුවෙනි. ඉංග්‍රිසියෙන් එය ශබ්ද වන්නේ හයුන්ඩායි ලෙසයි. ලෝකයේ බොහෝ දෙනා මෙම නාමය ශබ්ද නගන්නේ ‘හන්ඩේ’ යනුවෙනි. ඉපැරණි කොරියානු අක්ෂර භාවිතයෙන් බිහිවූ Hanja (හන්ජා) යන වචනය පසුව මෙලෙසින් හයුන්ඩායි හෙවත් සිංහල අපගේ උච්චාරණයට කියැවෙන පරිදි හුන්ඩායි ලෙස නිර්මාණයවී තිබේ. ඉපැරණි කොරියානු බසට අනුව හන්ජා (Hanja) යන්නෙහි තේරුම වන්නේ ‘නූතනත්වය’ හෙවත් නවීනත්වය යන්නය.

හයුන්ඩායි හෙවත් හුන්ඩායි යන නාමය එය කොතරම් නම් අරුත්බර කර ඇතිද යන වග ආයේ අමුතුවෙන් විග්‍රහ කළ යුතු නොවේ. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් මෙවර අප ගෙන එන්නේ ලෝ ප්‍රකට මෙම හයුන්ඩායි හෙවත් හුන්ඩායි සමූහ ව්‍යාපාරය සහ එහි නිර්මාතෘවරයා වූ “ චන්ග් - ජු - යන්ග් “ නොහොත් ජුන්ග් ජු යං නමැති යකඩ මිනිසාගේ විස්තරය.

⚓️ චුන්ග් ජු යුන් (Chung Ju Yung) හෙවත් Jung Joo - Young

‘චුන්ග් ජු යුං’ ලෙස අපි ඔහුගේ නාමය ශබ්ධ කරමු. 19 වැනි ශතවර්ෂයේදී බිහිවූ යකඩ මිනිසා ඔහුම යැයි අතිශයෝක්තියකින් තොරව සඳහන් කිරීම වඩා උචිතය.
එදා 1915 දී මළවුන්ගේ මාසයේ 25 වෙනිදා ‘යුං’ උපත ලැබුවේ එවකට කොරියානු රාජ්‍ය එකතකට මළගෙයක් මෙන් තිබියදීය. එනම් ස්වෛරී රාජ්‍යයක්ව නොපැවතුණු අතර, ජපන් අධිරාජ්‍යයේ අණපනතට යටත්ව පැවැතියේය. එනිසා එවකට කොරියාව හැඳින්වූයේ ජැපනිස් කොරියා හෙවත් ජපානයේ කොරියාව යනුවෙනි. එවකට අදමෙන් කොරියාව උතුරු - දකුණු ලෙස බෙදී නොපැවතිණි.

හරියටම බැලුවොත්, මේ ‘යුං’ උපත ලැබුවේ උතුරු කොරියාවේ කොජේනියෝ දිස්ත්‍රික්කයේ ටොන්ග්චොන් නගරයේදීය. එවකට ඔහුගේ පවුල වැටී සිටියේ දරිද්‍රතාවයේ අන්තිම පතුලේය. වැටෙන්නට තවත් තැනක් නොමැති තරමට වැටී තිබුණු පවුලක් විණි. දරිද්‍රතාවයේ ගැඹුරු ආගාධයේ සිට පියවරක් හෝ ඉහළට ඒම ‘යුං’ ගේ අරමුණ බවට පත්වූයේ ළමා වියේ සිටියදීමය.

‘මට කවදාක හෝ පාසල් ගුරුවරයකු වෙන්න ඇත්නම්’ යැයි ළමාවියේදී ඔහු සිහින මැවීය. දුප්පත්කමේ අන්තිම අඩියේ සිටි පවුලක් වූ බැවින් ඒ සිහිනය, වඩාත් දූරස්ථ එකක් විය. උසස් අධ්‍යාපනය ලැබීම අරමුණක් පමණක්ම වුණි.

පවුළේ වැඩිමහල් දරුවා ලෙස ‘චුන්ග් ජු යුං’ ගොවි​ෙපාළ කටයුුතුවලදී තාත්තා හට බෙහෙවින් උදවු වූවේය. එහි වැඩ නොමැති අවස්ථාවලදී තම සීයා විසින් පවත්වාගෙන ගිය ‘කොන්පියුසියස්’ දර්ශනය ඉගැන්වූ පාසලට ගොස් බොහෝ දේ උගැනීමට වග බලා ගත්තේය.

මේ අතරවාරයේදී ටවුමට ගොස් ‘ඉරූ ලී’ විකිණීමට හේ පෙළැඹ සිටියේය. දශමයක තරමේ වූ ව්‍යාපාරික ඥානය මුලින්ම ලැබුවේ එතැණිනි. නගරයේ වාතාවරණය සහ රටේ ලෝකයේ තොරතුරු පවා දැනගත්තේ ලී විකිණීමට නගරයට ගොස් සිටියදී පත්තර කියවීමට පුරුදුව සිටි නිසාවෙනි. දුප්පත්කමට එහා වූ ලෝකයක් ඇති බව එහිදී ඔහුට ඒත්තු ගැන්විණි.

එවකට උතුරු කොරියාවේ තෙවැනියට විශාලතම නගරය ලෙස හැඳින්වූයේ චොන්ජින් නගරයයි. එවකට දහසය හැවිරිදි වියේ පසු වුණු චුන්ග් යුං තම මිතුරකු සමග එම නගරය වෙත පලා යාමට තීරණයක් ගෙන තිබිණ. එය වයසේ තරමට ඔරොත්තු නොදෙන තරමේ ගමනාන්තයකි. ඒ හැරත් එහි යන්නේ කුමටද? ගොසින් කරන්නේ කුමක්ද? යන්න ගැන හරි හැටි අවබෝධයක් නොතිබුණද, ‘යුං’ සතුවූයේ එතෙක් ගෙවා දමමින් සිටි කටුක ජීවිතයෙන් මිදීමේ අපේක්ෂාව පමණකි. එම ගමනේදී සැතැපුම් පහළොවක් තරම් අතරමැදි දුරක් යාමට තිබුණේ ගිරි දුර්ග හමුවේ වූ අතිශය දුෂ්කර මගක් ඔස්සේය.

වෙහෙසකර ගමනාන්තයකින් පසුව චොංජින් නගරයට සේන්දු වූ අතර, ඔවුනට එහි සිට කිරිමට සිදුවූයේ, ඉදිකිරීම් ආයතනයක අත්උදවු දීමේ කම්කරු රැකියාවය. ඒ වෙනුවෙන් ලැබුණු වැටුප ඉතා සොච්චමක් වුවද ‘යුං’ එයින් සතුටට පත්වූයේ ස්වාධීනව තමුනට යමක් උපයා ගත හැකි වූ නිසාවෙනි. වයස දහසයේ පමණ පසුවූ ළමයකු හට මෙලෙසින් කර්කෂ වූ රස්සාවක් කළ නොහැකි වුවද, පැමිණි දුක් පැණි රසසේ සලකා ඔහු දෙමසක් පමන යන තෙක් එම රස්සාවේ නිරත වූයේ තමා සිටින ඉසව්ව ගැන ‘යුං’ ගේ පියා දැන ගන්නා තෙක් පමණකි.

⚓️ දෙවැනි පලායෑම

එය ඔහුගේ ජීවිතයේ පළමු පලායාම වූ අතර, යුං එහිදී උකහා ගත්තේ, සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳව වූ දැනුමක් යැයි සඳහන් කළ හැකිය. එනයින් ජීවිතයේ කිසියම් පන්නරයක් ලබා සිටි ‘යුං’ නැවතත් පලායාමට සිතා ගත්තේය. තවත් මිතුරන් දෙදෙනෙකු සමග එක්වී එවර ඔහු පලා ගියේ අද දකුණු කොරියාවේ අග නගරය වන ‘සෝල්‍’ නුවර වෙතය.
බලාපොරොත්තු ගොන්නක් කරපින්නා ගෙන ‘සෝල්’ වෙත ගොස් සිටියද ඒ ගමන අසාර්ථක වූයේ, මිනිසුන් හරිහැටි හඳුනා ගත නොහැකි වූ නිසාවෙනි. වතාවක ඔවුනට රස්සා ලබා දෙන්නේ යැයි කියා ඔවුන් ළඟ තිබූ මුදල් සියල්ල ඉල්ලා ගත් මිනිසකු ලොකු වංචාවක් කළේය. තරුණ ගැටව් හට එය දරාගත නොහැකි දෙයක් වුණි. එහිදී ද ‘යුං’ සහ ඔහුගේ මිතුරන් දෙදෙනාට ගත කිරීමට හැකිවූයේ දෙසමක් පමණෙකි. තාත්තා ඔහු සොයා ආයේය. ‘යුං’ ගේ දෙවැනි පලායාමද අසාර්ථක වූයේ එලෙසිනි.

⚓️ තෙවැනි පලායාම

නැවතත් ‘යුං’ හට සිදුවූයේ ගොවිපොළ වැඩ කටයුතු වලට උදව් වෙමින් තාත්තා හට අත්වැල සැපයීමටය. එවර ඔහු නැවත වරක් පලායාමට උත්සුක වූ අතර පුංචි හොර වැඩක් කළේය. එනම් තාත්තාගේ ගොවිපළේ කිරිඑළදෙනක් වොන් හැත්තෑවකට විකිණීමය. වොන් හැත්තෑව අතැතිව දුම්රියක නැගී ඔහු යළි සෝල් නුවර වෙත පලා ගියේය. පොත් තබන්නෙකු ලෙස ඉගෙන ගෙන, අනාගතයේදී ගණකාධිකාරිවරයෙකු ලෙස සේවය කිරීමේ අරමුණ ඇතිව එම අංශයේ පාසලකට ගොස් ඉගෙනීම් කරමින් සිටියේය. ඒ අතරතුර, තාත්තා නැවතත් සෝල් වෙත පැමිණ සෝල් නුවර දසත පීරා - සොයා - පුතු සොයා ගත්තේය. බැනුමක් - දෙකක් අහගත් අතර, පිය - පුතු අතර ඇතිවූ වාදය දුරදිග නොගියේය. යමං යන්න අසාන් වෙත යැයි කියා පියා ‘යුං’ නැවත ගමට එක්කාසු කරගෙන ගියේය.

⚓️ 18 දී නැවතත් නිවසින් පලායාම

ජීවිතය දිනන්නට නම් තමා ජීවිතය සොයා යා යුතු බව තරයේ විශ්වාස කළ, යුං සිව් වන වරටද නිවසින් පලා යන විට 18 වැනි වියේ පසුවිය.

‘ඕනෑ දෙයක් වෙද්දෙන් මම අතට අහුවන ඕනෑ රස්සාවක් කරනවා’ යැයි එවර ඔහු තරයේම සිතා ගත්තේය.

සෝල් එවරත් ඔහුගේ ගමනාන්තයවූ අතර, මුලින්ම වරායක කම්කරුවකු ලෙසද, තවත් තැනෙක ඉදිකිරීම් කම්කරුවකු ලෙසද සිරප් නිෂ්පාදන ආයතනයක සහ හස්ත නිෂ්පාදන ස්ථානයකද රස්සා කළේය. අවසන සෝල්හි සහල් වෙළෙඳාම් ආයතනයක බෙදාහරින්නෙකු ලෙස දිගටම කටයුතු කිරීමට උත්සුක වුණි. ජීවිතයට එතෙක් කළ රස්සාවලට වඩා නව එළියක් ගෙන දුන්නක් වූ නිසා එම රස්සාව දිගටම කිරීමට වග බලා ගත් අතර ප්‍රධාන ගනුදෙනුකරුවන්ගේ සිත් දිනා ගැනීමටද ඔහුට හැකිවිණි.

රැකියාවේ ටිකින් ටික ඉහළට ගොස් එම ආයතනයේ ‘ගණකාධිකාරිවරයා’ වීමට හැකිවීම කාලාන්තරයක් තිස්සේ මැවූ සිහිනය සැබෑවීමක්ම විය.

1937 දී, පමණ එම වෙළෙඳ ව්‍යාපාරයෙහි හිමිකරු අසනීප වූ බැව් සඳහන් ය. ඉනික්බිතිව, විසි දෙහැවිරිදි වියේ පසුවූ ‘යුං’ එහි ගබඩා හිමිකරු බවට පත්විණි. කෙසේ වෙතත්, අඩියක් ඉදිරියට තබන විට සැණෙකින් ගව් ගණනක් පසු බැසීමට දෛවය සරදම් වූයේය.

‘සුන්බුන්’ වූ බලාපොරොත්තු කරපින්නා ගෙන නැවත ගම්බිම් බලා ඒමට ඔහුට සිදුවිණි.

එවකට වෙළෙඳාම් කටයුතු වලදී ජපානය කොරියාවට පනවා තිබූ ආර්ථික බාධක මොනවාද යන්න ගැන අධ්‍යයනය කරමින් ගමේදී ජීවිකාව ගෙන යමින් සිටි ‘යුං’ එහි යථාර්ථය තේරුම් ගත් අතර, කාලයට සහ තාලයට ගැළපෙන අයුරින් තමන් කුමක් කළොත් දියුණුව ලබා ගත හැකිදැයි විශ්වාස කළේය.

ඒ අනුව වොන් තුන්දහසක් ණයක් ලබා ගෙන මෝටර් රථ අලුත්වැඩියා සහ රෙපයාර් කිරීමේ ගරාජයක් ඇරඹීමට හැකිවුණේ ඔහුට තිබූ දැක්ම නිසාවෙනි. මේ වනවිට දෙවැනි ලෝක යුද්ධයද ඇරඹී තිබිණ. ජීවිතයේ කුමකින් කුමක්වේදැයි යන්න කිසිවෙකු හට සිතාගත නොහැකිවූ කුරිරු යුද සමයකදී ‘යුං’ අනාගතය දෙස බැලුවේ වඩාත් සුබවාදීවය. තෙවසරක් ගත වනවිට තමාගේ ගරාජයේ කටයුතු ශීඝ්‍ර දියුණුවකට පත්කර ගැනීමට ඔහු සමත් වුණි. මෙසේ ජීවන ගමන් මගේ අඩි කිහිපයක් ඉදිරියට එමින් ආර්ථික වර්ධනයක් ලබා සිටියදී 1943 දී පමණ යුද්ධයේ අතුරු ඵලයක් ලෙස ඔහුගේ ආයතනය වානේ කම්හලක් හා ඒකාබද්ධ කිරීමට සිදුවූයේ ජපානයට යටත් වී සිටීම නිසාය. මෙනිසා එම ව්‍යාපාරය වසා දමා යළි ගමට ආයේ වොන් 50,000 ක මුදලක් අතැතිවය.

⚓️ Hyundai ඇරඹුමක අසිරිය 🛳

උදාවූයේ 1946 වසරය. දෙවැනි ලෝක මහා යුද සංග්‍රාමයේ ගිනිදැල් නිවී ගොසිනි. ඒ සමගම කොරියාව ජපානයේ ග්‍රහණයෙන් මිදී, නිදහස් රාජ්‍යයක් බවට පත්ව තිබිණ. යුද්ධයෙන් පසුව සියලු දේ යළි ගොඩනැංවීමට මෙන්ම ඉදිකිරීමට සිදුව තිබූ බැවින්, අනාගත දැක්මක් තිබූ ‘යුං’ ඉදිකිරීම් සමාගමක් ලෙස හුන්ඩායි කන්ස්ට්‍රක්ෂන් සමාගම පටන් ගත්තේය. 1946 දී පුංචියට අඩිතාලම දැමූ එය සමාගමක් ලෙස 1947 දී, ස්ථාපිත විණි. හරියටම සඳහන් කළහොත්, හුන්ඩායි සමාගමේ ආරම්භය ඇතිවූයේ 1947 වසරේදී එලෙසින් ඉදිකිරීම් සමාගමක් ලෙසිනි.

⚓️ බඹරය වැල්ලේ කැරකීම ⛴

‘චුංග් ජු යුං’ ගේ ජීවිතය මහා පුදුමාකාර වූවක්ම විය. හිස් අතින් ආ ගමනේදී වයස අවුරුදු 32 ක් ඉක්ම යන තෙක් මුහුණ දුන් දුක් කරදර නම් ලියා-කියා නිමකළ නොහැකි තරමට බොහෝය. එහෙත් පශ්චාත් යුද සමයෙන් පසුව නිසි තැන ඉලක්කය එල්ල කළ නිසා, සෑම දෙයක්ම ටක්කෙටම හරි ගියේය. ඔහුගේ ඉදිකිරිම් සමාගම වෙත ලැබුණේ සුළුපටු තරමේ කොන්ත්‍රාත් නොවීය. මහා පරිමාණයේ ඒවාම විය. ඒ මහා පරිමාණ ව්‍යාපෘති ලැබුණේ රජයෙන් වීම ද විශේෂත්වයක් වුණි.

දකුණු කොරියාවේ ගමනා ගමනය සඳහා වූ යටිතල පහසුකම් වෙනුවෙන් ඉදිකිරීම් සිදුකිරීම මෙන්ම, ගංවතුර පාලනය කිරීම සහ ජල විදුලි උත්පාදනය වෙනුවෙන් ඉදිකළ මහා පරිමාණ ‘වේල්ලක්’ වන ‘සෝයං’ වේල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත් පවා ඔහුගේ සමාගම හට ලැබිණි. ගියෙන්බු අධිවේගී මාර්ගය සහ ලොව විශාලතම නෞකා අංගණය, කෝරි න්‍යෂ්ටික විදුලි බලාගාරය ඔහුගේ සමාගමේ මුල් දශකයේදී ඉදිකිරීම් සිදුකළ මහා පරිමාණ ව්‍යාපෘති අතර වීම විශේෂත්වයකි.

⚓️ යෝධ ගමනට හෙණ පහරක් 🚢

එලෙසින් යෝධ ගමනක් එමින් තිබියදී ‘කොරියානු’ යුද්ධය 1950 දශකය එළැඹෙත්ම ඇරඹිණ. එනිසා හුන්ඩායි ඉදිකිරීම් සමාගමට මුහුණ දීමට සිදුවූයේ බලවත් දුෂ්කරතාවකටය. එය හරියට හොඳින් පැවැති කාලගුණික තත්ත්වයක් හමුවේ හෙණයක් පතිතවූවාක් මෙනි. දේශසීමා අරගල උදෙසා උතුරු-දකුණු කොරියානු යුද්ධය එලෙසින් හටගත් පසු යුං තම බාල සොහොයුරා සමග ජීවිත බේරාගැනීම වෙනුවෙන් බුසාන් වෙත පලා ගිය බව සඳහන් වේ.

කොරියානු සිවිල් යුද්ධයෙන් පසුව නැවතත් පෙර ලෙස කරගෙන ආ කටයුතු සක්‍රීය කරගත් ‘යුං’ එවර නතර වූයේ ලොව විශාලතම නැව් තැනීමේ අංගනය උල්සාන්හි ස්ථාපිත කරවමිනි. නෞකා නිෂ්පාදනය කිරීම එහි ප්‍රධාන කාර්යය වූ අතර, මුල්ම යාත්‍රාව නිම කිරීම සඳහා ගිවිස සිටි කාලය වසර පහක් වුවද, එය තෙවසරකින් නිමකරදීමට ‘යුං’ නායකත්වය ලබා දුන්නේය.

ඉනික්බිතිව මෝටර් රථ නිෂ්පාදනයට එළැඹෙමින්, හුන්ඩායි පෝනි සහ එක්සෙල් යන රථ වෙළෙඳපොළට හඳුන්වා දීමට ඔහු හට හැකි වුණි. ඒ අතරින් මේ ශූර මිනිසා විසින් ඇරඹි නෞකා තැනීමේ සහ පිළිසකර කිරීමේ ලොව විශාලතම නෞකා අංගණය මෙන්ම නිර්මාණය කළ නෞකා ගැන සඳහන්කළ යුතුමය.

⚓️ හුන්ඩායි හෙවි ඉන්ඩස්ට්‍රීස් 🛥

හයුන්ඩායි නොහොත් හුන්ඩායි හෙවි ඉන්ඩස්ට්‍රිස් යනු, නැව් තැනීමේ ලොව විශාලතම සමාගමය. ‘චුන්ග් යුං ජුං’ විසින් හුන්ඩායි සමූහයේ තවත් අංශයක් ලෙස මෙය ආරම්භ කරන ලද්දේ 1972 දීය. ‘2002’ දී මව් සමාගමෙන් වෙන්වී වෙනම ම සමාගමක් ලෙස තවත් අංශ කිහිපයක් ඔස්සේ අතුපතර විහිදා පැතිරී ගිය සමාගමකි. ඉන්ධන සහ වායු (ගෑස්) ප්‍රවාහනය කරන විශාල නෞකා ඇතුළු විවිධ අංශ සඳහා භාවිත කෙරෙන නැව් නිපදවීම මහ සාගරයේ බහාලුම් වාහක නැව් සාගර ඉදිකිරීම් ආදී මහා පරිමාණ සාගර ව්‍යාපෘති මෙම සුවිශාල සමාගම මගින් සිදු කෙරේ. විශේෂයෙන්ම ඉන්ධන හා ගෑස් ප්‍රවාහනය සඳහා වූ නෞකා තැනීමේදී හුන්ඩායි හෙවි ඉන්ඩස්ට්‍රීස් නිපදවන්නේ මහ සයුර දෙබෑ කරගෙන ඉදිරියට ඇදෙන යෝධ නෞකාය.

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ සංගමන්කන්ද තුඩුව කලාපයේදී නොබෝදා අනතුරට පත්වූ 'MT New Diamond' වැනි සුවිශාල නෞකා නිපදවන ලොව අංක එකේ නෞකා නිෂ්පාදන සමාගම මෙය වේ. නමුත් මෙම අනතුරට පත් නෞකාව ඔවුනගේ නිෂ්පාදනයක් නොවේය. මෙලෙසින් විවිධ අංශ ඔස්සේ හුන්ඩායි සමූහය අද වනවිට ලෝකය වෙළා ගෙන සිටී.
වතාවක් කොරියාවේ ‘සැම්සුන්’ සමුහය හැඳින්වූයේ මේඩ් ඉන් කොරියා වෙනුවට මේඩ් ඉන් සැම්සුන් යනුවෙනි. එහෙත් එය වෙනස් වූවේ මෙම හයුන්ඩායි හෙවත් හුන්ඩායි නාමය දකුණු කොරියාව මෙන්ම සමස්ත ලෝකය වෙලාගත් නිසාවෙනි. මෙලෙසින් ලෝකයම ස්වකීය අත්ලට ගත් ‘චුන්ග් ජු යුං’ නමැති යකඩ මිනිසාගේ පුද්ගලික ජීවිතය දෙස මොහොතකට අපි විපරම් කර බලමු.

⚓️ දරුවන් 11 දෙනෙකුගේ ආඩම්බරකාර තාත්තා ඔහුම වීය 🛳

බයුන් ජුන් සෝක් ‘යුං’ ගේ ආදරණීය භාර්යාව වූවාය. මේ යුවළට දරුවන් එකොළොස් දෙනෙකි. ඒ අතරින් ‘චුං මෝං පිල්’ ලොකු පුතු 1982 දී මිය ගියේ අධිවේගී මාර්ගයකදී සිදුවූ රිය අනතුරකිනි. දෙවැනියා කොරියාවේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක් වන හුන්ඩායි කියා ඔටෝමෝටිව් ගෲප් හි ප්‍රධානියා ය. කියුන් හීය. පස් වැනි පුතු සියදිවි නසා ගත් බැව් සඳහන්ය. චුං මොං ජුන්, කොරියාවේ ප්‍රකට දේශපාලන චරිතයක් මෙන්ම හෙවි ඉන්ඩස්ට්‍රීස්හි සභාපතිවරයා වෙයි. මෙලෙසින් මේ පවුල කොරියාවේ ව්‍යාපාරික හා ප්‍රභූ පවුලක් ලෙස සඳහන් කළ හැකිය.

දරුවන්හට නිසි ලෙස වත්කම් බෙදා දුන්, හුන්ඩායි සමූහය මැවූ මහා මිනිසා, දේශපාලන ක්‍රියාකාරකම්වල නිරතව සිටි අතර, 1992 වසරේදී ජනපතිවරණය සඳහා ද ඉදිපත් වූ එහෙත් එයින් අසාර්ථක වූ අපේක්ෂකයකු වීය.

කෙසේ වුවද උතුරු-දකුණු කොරියානු සහහෝගීතාව මෙන්ම උතුරට ආධාර ලබාදීමටද සහාය වෙමින් උතුරු-දකුණු කොරියාව අතර සමගි පාලමක් වූ චරිතයක් ලෙස නම් කිරීම වඩා හොඳය. උතුරු කොරියාවේ ඉපිද දකුණු කොරියාවේදී ජීවිතය බබලවාගත් ‘චුන්ග් ජු යුං’ ගැන සහ හුන්ඩායි සමූහය ගැන මෙලෙස එක් පිටුවකින් කියා ලියා නිම කළ නොහැකිය.

‘යුං’ වයස අවුරුදු 85 දී ස්වාභාවික මරණයකින් ජීවිතක්ෂයට පත්වූයේ සෝල් හි ඔහුගේ මන්දිරයේ දිවි ගෙවමින් සිටියදීය.

⚓️ මරණයේ චාරිත්‍ර බෞද්ධානුකූලව

2001 ඔහුගේ මරණින් පසුව ආගමික වතාවත් හා අවමංගල්‍ය චාරිත්‍ර සිදුකිරීම මෙන්ම දේහය මිහිදන් කෙරුණේ බෞද්ධාගමික චාරිත්‍ර හා වතාවත්වලට අනුවය.

⚓️ කොරියාවේ සලකුණක් වූ මහා චරිතය

චුන්ග් ජු යුං පිළිගැනෙන්නේ කොරියානු රාජ්‍යයේ සලකුණක් හෙවත් වඩාත් පිළිගත් හා අගැයීමට ලක්වූ චරිතයක් ලෙසය. නූතන කොරියානු සමාජය හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයවීමට ප්‍රධාන සාධකය වූයේ මේ මහා මිනිසාමය. මහා සරසවි දහසකින් උගත නොහැකිවූ නමුත් ඔහුගෙන් සමාජයට ගතහැකි බුද්ධිමය වටිනාකම තවත් සියවස් කිහිපයකට සමාජ ගතව තිබේ.

දරිද්‍රතාවයේ පතුලේ සිට ජීවිතය පටන් ගෙන, ඔහු ගිය ගමන මහා ආශ්චර්යයක් නොවේද? මිනිසකු ලෙස ඉපදීම මොනතරම් අරුතක්ද යන්න ප්‍රායෝගිකව ස්වකීය ක්‍රියාවෙන් ඔප්පු කළ 19 වැනි සියවසේ ‘යකඩ’ මිනිසා ඔහුම යැයි හැඳින්වීම වඩාත් උචිත නොවන්නේද?

උපුටා ගැනීම : කොරියන් සවිය

25/03/2025
-කිරුළ මුතු ලිහී සරසර හඩින් වැගිරෙනා -================================මේ ගීතය ලියවෙන්නෙ ලංකාවේ වයෝවෘද්ධ ,නර්තන කලාවට දැව...
18/12/2024

-කිරුළ මුතු ලිහී සරසර හඩින් වැගිරෙනා -
================================

මේ ගීතය ලියවෙන්නෙ ලංකාවේ වයෝවෘද්ධ ,නර්තන කලාවට දැවැන්ත සේවයක් කරපු නර්තන ශිල්පියෙක් ගැන.. ඔහුව අගය කරන්න ඒ කාලේ රාජ්‍ය මට්ටමින් සම්මාන උලෙලක් තියනවා රටේ මුල් පුටුවල අය ඔහුට සම්මාන පුදලා යන්න යනවා ...මේ උත්සවයටම රත්න ශ්‍රී විජේසිංහ මහත්තයත් යනවා ඔහු දකිනවා අර රටට මහා සේවයක් කරපු අර නර්තන ශිල්පියා තමන්ට උස්සගන්නත් බැරි සම්මානය අරගෙන වැස්සෙ තෙමි තෙමි බෞද්ධාලෝක මාවතේ තනියම ඇවිදගන යනවා ගෙදර යන්න බස් එකට යන්න... මේ අපේ රටේ බොහෝ කලාකරුවන්ගේ ඛේදනීය ඉරණම රත්න ශ්‍රී විජේසිංහයන් ගීයකට හරවන්නෙ මෙහෙම....

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

මෙහි කිරුල කියන්නෙ වෙස්තට්ටුව..මේ වියපත් නර්තන ශිල්පියාගේ වෙස්තට්ටුවත් වයසයි ඉතිං වෙස් තට්ටුවේ මුතු ,පබලු ගැලවිලා වැටෙනවා." සුළු මැදුම් දෙතිත කියන්නෙ උඩරට නර්තන ශිල්පින් නර්තනයේ යෙදෙන තාලයක් සුපුරුදු සුළු මැදුම් දෙතිත පවා ඔහුට නටන්න බෑ දැන්...ඔහු නටනවා හැබැයි පුලුවන් කමට නෙමෙයි එකක් ඔහු නර්තනයට ආසයි අනෙක තමන්ගේ පවුල ජීවත් කරලීම වෙනුවෙන්...

දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි

මේක මේ ගීතයේ එන වැදගත්ම හදවතට දැනෙන පද කිහිපය.

නර්තන ශිල්පීන්ගේ නර්තනයේ එලියට පේන අලංකාරය ඔවුන්ගේ ජීවිත වල නෑ මොකද අපිට වන්නම් වලදී ගිරෙන් ගිරට පැනල යන්න පුලුවන් හැබැයි ජීවිතයේ කන්දෙන් කන්දට එහෙම පනින්න බෑ එහෙම පනින්න නම් මහා ආර්ථික ශක්තිය්ක් ඕනේ ඒ ශක්තිය මේ කලාකරුවට ලැබිලා නෑ...

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි

ඔහු නර්තන කලාවට දැවැන්ත සේවයක් කරනවා හැබැයි ඒ කලා කියල ඔහුට මහා ධනස්කන්ධයක් හම්බෙන්නෙ නැහැ. ඇතැම් වෙලාවට නිවෙස අගහිගකම් වලින් පිරිලා බිරිදගේ කණ කර බඩු පවා සින්නවෙලා ගිහින් ඉතිං මිතුර මුදලින් සියල්ල මනින මේ ලෝකයේ මේ නර්තන කලාවෙන් විතරක් අප කෙසේ ජීවිතය ගැටගසා ගන්නද....

ප.ලි - මේ ගීතයේ කියවෙන්නෙ ශ්‍රී ලංකාවේ හිටපු දැවැන්ත නර්තන ශිල්පියෙක් ව ජීවිතයේ අන්තිම කාලය ඉතාම දුක්ඛිතව ගත කල රුපියල් 50 නෝට්ටුව රුවින් සරසපු නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ගැන කියල මං අහලා තියෙනවා...

උපුටා ගැනීමකි...

වාහනේ Number එක බලලා වාහනය අයිති වෙන පන්තිය ගැන දැනගන්න.1- 19 - පෙට්‍රෝල් කාර් 20 - පෙට්‍රෝල් වෑන් 21 - 30 - ඩීසල් බර වා...
04/12/2024

වාහනේ Number එක බලලා වාහනය අයිති වෙන පන්තිය ගැන දැනගන්න.

1- 19 - පෙට්‍රෝල් කාර්
20 - පෙට්‍රෝල් වෑන්
21 - 30 - ඩීසල් බර වාහන
31-32 - ඩීසල් කාර්
34 - 38 - පෙට්‍රෝල් බර වාහන
40 - 48 - ඩීසල් බර වාහන
50 - 59 - ඩීසල් සැහැල්ලු
60 - 63 - ඩීසල් බර වාහන
64 - 65 - ඩීසල් කාර්
67 - 68 - ඩීසල් බර වාහන
70 - 79 - ඩීසල් ට්‍රැක්ටර්
80 - 155 - මෝටර් බයික්
200 - 208 - පෙට්‍රෝල් ත්‍රීවිල්
250 - 254 - ඩීසල් සැහැල්ලු
300 - 302 - පෙට්‍රෝල් කාර්

1-21 පෙට්ට්‍රල් සැහැල්ලු වාහන
39 පෙට්ට්‍රල් බරවාහන
49 ඩීසල්
50-59 ඩීසල් ද්විත්ව කාර්ය වාහන

325 - කන්වර්⁣ටඩ්,
E - ෆෝසස් ඔක්ශන් වෙහිකල්. (අමතර ගානක් දෙන්න ඔ්න නැතිනම් 325 තමා හම්බෙන්නෙ ඒවටත්)
FZ - DPL වාහන. හෝ එම පර්මිට් එක යටතේ ගෙන්වා පාවිච්චි කරන රථ

එතනින් පස්සෙ
G,H,J - පන්තියකින් තොරව හැම වාහනයකටම ආවා..
ඒ කාන්ඩ තුනට පස්සෙ
K,C** - කාර්,
LA to LY,D** - ලොරි
N - බස්
LW - ඇම්බියුලන්ස්
LY - ප්‍රයිම් මූවර්
LZ - හර්ස්
M,T,V,B** - මෝටර් බයිසිකල්
Q,Y,A** - ත්‍රීවීල්
PA to PY - ද්විත්ව කාර්යය වාහන,
S - ලෑන්ඩ් මාස්ටර්
RA to RR - ට්‍රැක්ටර්
RS to RU - ඉඩම් වාහන
RV to RZ - ට්‍රැක්ටර් ට්‍රේලර්

-Text copied-
📷 credit to respective owner

Address

Bulathkohupitiya
Bulathkohupitiya
71230

Alerts

Be the first to know and let us send you an email when රිය සෙවන - Riya Sewana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category