24/09/2021
මොකක්ද මේ ස්ටෑන්ඩර්ඩ් ඔටෝමැටික් ට්‍රාන්ස්මිශන් / CVT / ඩුවල් ක්ලච්
වාහනේක ඇන්ජිමෙන් තමා කැරකුම් බලයක් හදන්නේ. මේ හදන බලය රෝද වලට යනකොට ඒ අතර මැද ගියර පද්දතියක් තියෙනවා. ඒකට හේතුව තමා වාහනයකට අවශ්‍ය වෙලාවට අවශ්‍ය බලය ලබාදෙන්න කෙලින්ම ඇන්ජිම හරහාම පාලනය කරන්න බැරිකම. උදාහරනයක් ගම්මු.. අපි පොඩි කාලේ පැද්ද බයිසිකලේ අපි කකුලෙන් පාගන කොටසේ දැති රෝදේ ලොකුයි. පසු පස එක පොඩී. එහෙම හදලා තියෙන්නේ වේගෙන් යන්න. එක සමාන වීල් දෙකක් තිබ්බනම් අපේ මනුශ්‍ය ශරීරයේ යොදන්න පුලුවන් උපරිම වේගය යොදලා පැඩ්ල් දෙක කරකවනකොට බයිසිකලේ යන්නේ හුගක් හිමින්. මොකද කකුල් දෙකෙන් කරකවන එක වටයක් සමාන වෙනවා බයිසිකලේ රෝදේ කැරකෙන එක වටයකට
ඉතින් රථවාහන නිශ්පාදකයෝ ඉතින් මේ වැඩේ කරගන්න විවිද යාන්ත්‍රන හදනවා. ඉස්සෙල්ලම ආව මැනුවල් ගියර් පද්දතිය අපි අතින් ගියර් දානකොට වෙන්නේ වාහනයේ ගියර් පෙට්ටියේ ඇති එක එක අනුපාත වලට ඇති ගියර් වීල් ඒ ඒ අවස්තාවේදී විවිද අනුපාත යටතේ සම්බන්ද කිරීම. ඉතින් කාලයක් යනකොට වාහන දියුනු වෙනකොට මේ වැඩෙත් වාහනේටම බාර දෙන්න ඉංජිනේරුවෝ තීරනේ කලා.ඊට පස්සේ ඔටෝමැටික් ගියර් පද්දති ආවා. මේකෙදි සරලව කරන්නේ සෙන්සර් (සංවේදක) යොදාගෙන ගියර මාරු විය යුතු අවස්තා අදුනාගන්නවා. අදුනාගෙන ඒ අවස්තාවේදී අභ්‍යන්තර ඔයිල් පීඩනය යොදාගෙන ගියර මාරු කරවනවා. ඒ ඒ වාහනයේ මැනුවල් එක වගේම ගියර 1-2-3-4-5-6 යනාදී වශයෙන් ගියර තියෙනවා. වාහනයට සාපේක්ශව ඒ ඒ වාහනයේ තියෙන උපරිම ගියර ගාන නිශ්පාදකයා තීරනය කරනවා. වාහනය ඒ ඒ අවස්තාවේදී අවශ්‍යතාව මත වාහනය ඒ ඒ ගියරයේ දාවනය වෙනවා. අපි මේකට ස්ටෑන්ඩර්ඩ් ඔටෝමැටික් ට්‍රාන්ස්මිශන් කියනවා
මුල් කාලේ (1995-2005 පමන) ආව ඔටෝමැටික් ගියර පද්දති මැනුවල් ඒවට සාපේක්ශව දුර්වල මට්ටමක තිබ්බේ. ඒත් අද කාලේ එන ඔටෝමැටික් ගියර පද්දති ඇත්තටම මැනුවල් වාහනයක් අරන් අතේ හිතේ හයියෙන් මාරු කරන මැනුවල් ගියර පද්දති වලට වඩා හුගක් ඉස්සරහින් ඉන්නවා,වාහනේට ලොකු කාර්‍යක්ශමතාවක් ලබා දෙනවා (ඔව් ඔව් මේ කිව්වේ මේ 2020 මැනුවල් වාහන ගන්න එක තේරුමක් නෑ කියලා. මේක විවාදාත්මක කාරනාවක් වෙනම පෝස්ට් එකක් ලියන්නම්. 2020 ගන්නවා කිව්වේ 2020දි 2000 හදාපු කාර් ගන්න එක නෙමේ ඈ, 😅 2020දි 2017-2020 වාහන් ගනන එක ගැන.) මැනුවල් තමා වාහන ඔටෝ ඒවා ජරාව කියලා මන්දබුද්දික පෝස්ට් හදලා ශෙයා කරන අයට තියෙන්නේ දර ලිපේ කෑම රහයි කියන දුං කාගෙන උයන අපේ ආච්චිගේ මානසිකත්වේ සීන් එකම තමා..වැඩිය ගනන් ගන්න එපා. ඒ ලෙඩ හොද වෙනවා වාහනයක් කියන්න පුලුවන් අලුත් ඔටෝ එකක් පැද්ද දාක
ඉතින් මේ සාම්ප්‍රදායික ගියර් පෙට්ටියේ ප්‍රශ්න තියෙනවා. ගියර 4ක් තියෙනවා කියල හිතන්න. වාහනේ මුලු දාවනේම කොටස් 4ක් අතර වෙනස් වෙනවා. ගියර් 8ක් උනානම් ඒක 8ක් අතර වෙනස් වෙන්නේ. ඉතින් ගියර වැඩිවෙන්න වෙන්න ලග ලග මාරු වෙලා ඇන්ජිම උපරිම කාර්‍යක්ශමතාවක් දෙනවා. ඔයාලට පේනවනේ ඔටෝ වාහන එලවනකොට ගියර් මාරු වෙනවා දැනෙනවා එතකොට ඇන්ජිමේ වේගය (සද්දේ කියමුකෝ ) අඩු වැඩි වෙනවා. ගියර් ගාන වැඩි උනානම් ලොකු අඩු වැඩියක් වෙන්නෑ. මෙහෙම හිතන්නකෝ.. ඔයාලගේ ගෙදර උඩ තට්ටුවට පඩිපෙලක් දානවා. පඩි 10ක් දැම්මත් නැග්ගහැකි 20ක් දැම්මත් නැග්ගහැකි.. ඒත් ලේසි පහසු පඩි වැඩි උනාම. ආච්චිට සීයට උනත් නගින්න ලේසී. අන්න ඒවගේ තමා වාහනෙත්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ගියර ප්‍රමානේ වැඩි වෙන්න වෙන්න ඒවට වෙන වෙනම යකඩ වීල් දාන්න ඕනනේ ගියර අනුපාත හදාගන්න. ඉතින් ගියර් පෙට්ටිය ලොකු වෙනවා. ඒක ලොකු උනාම වාහනේ වැඩි ඉඩක් ඕන බර වැඩි වෙනවා වගේ ප්‍රායෝගික ගැටලු එනවා. ඒ නිසා බොහෝ සාමාන්‍ය වාහන වල ගියර 4ක් හෝ 5ක් හෝ 6කට සීමා කරල තියෙනවා. ඒත් ජර්නමන් BMW MB Audi වගේ ඒවා ගියර 8-10 බොක්ස් පවා හදනවා.. ඉතින් ඉංජිනේරුවෝ (බුකී විසේශඥයන්ගෙන් උපදෙස් එහෙම අරන්😂) කල්පනා කලා මේ ගියර් වීල් කියන්නේ මල ඇනයක්.. අපි මේ ගියර් වීල් නැති ක්‍රමයක් හදන්න ඕන කියලා..
ඔන්න එතකොට ආවා CVT
CVT continuesly variable transmission..
(මෙතන සිට මම ගියර පෙට්ටිය කියන්නේ cvt assembly එකට.. නිකන් සෙරප්පු වලට බාටා කියනවා වගේ)
වචනේ තේරුමෙන්ම කතාව තියෙනවා එකදිගට වෙනස්වන ට්‍රාන්ස්මිශන්. මේකෙ 1,2,3,4 කියල ගියර් නෑ. කාලය සමග ඕනෑම අගයක (පරාසය තුල) ගියර් අනුපාතයක් හදාගන්න ගියර පෙට්ටියට පුලුවන්. මේකෙදි තියෙන්නේ අරයය වෙනස් කරන්න පුලුවන් පුලි දෙකක් අතර තියෙන බෙල්ට් එකක් (හරියට නිකන් පරාසය ඇතුලේ ගියර් වීල් අනන්තයක් තියෙන මවුන්ටන් බයිසිකලේ වගේ කියල හිතන්නකෝ). පුලි දෙක තමා drive pulley එකයි driven pulley. සරලවම සරලවම ඉතින් එක පුලියක් ඇන්ජිමෙන් කරකවනවා,ඒ පුලිය බෙල්‍ට් එකෙන් අනික් පුලියට සම්බන්ද වෙනවා ඒ පුලියේ ඇක්සලය රෝද කරක්වනවා කියලා හිතන්න. දැන් බලන්න මේකේ වාසි ගොඩයි. පුලි දෙකයි බෙල්ට් එකෙන් වැඩේ ක්ලෝස්.. හෙන පොඩී.. කොටස් ප්‍රමානේ අඩුයි. කෑලි අඩුයි. හරි ශෝක් නේ?
සෝක් නෑ😂😅 මේ සීවීටී තාක්ශනය සොයාගත්තේ 1879 මිල්ටන් රීවෙස් විසින්.. සුද්ද කෝපි වවන කාලේ..හැබැයි මනුශ්‍ය වර්ගයාට මේ සෙල්ලම දාන්න පුලුවන් බෙල්ට් එකක් හදාගන්න මේ මෑතක් වනතෙක්ම ඉන්න උනා. ඉදල ඉදල අන්තිමට හදලා මේවා වාහන වලට යොදන්න ගත්තා. ඉතින් මේ "සංකීර්නව ෆැබ්‍රිකේට් කරන සරල තාක්ශනය" තාම පෘතිවිය මත රිලයබලියියේ සම්මානය අරන් නෑ.. තාමත් මේ සීවීටී තියෙන්නේ කලුසුදු ටීවී යුගයේ. තව කාලයක් යනකොට මනුශ්‍ය වර්ගයා හොද සීවීටී කාර් හදයි. එහෙනම් ඇයි සීවීටී හදන්නේ..වර්තමානේ හදන සීවීටී වල වාසි තමා වාහනේ හරියට ඉලෙක්ට්‍රික් මෝටරේකින් යනවා වගේ ස්මූත්. මොකද ගියර මාරු වෙනවා දැනෙනෑ. හොද ඉන්දන කාර්‍යක්ශමතාවක් දෙනවා. ඒ එක්කම අනික් පැත්තෙන් ඒ සේරම සතෙන් සතේ ඉතුරු කරපුවා එක පාර හොස් ගාලා කෙලවෙලා යනවා සීවීටී රෙපෙයාර් එක ආවහම. කතා දෙකක් නෑ වාහන වල අනාගතය cvt, හැබැයි මුහුද හත් ගව්වක් තියලා දැන්ම cvt අමුඩ ගහපුවා ගන්න එපා. හැකිතාක් cvt නොවන ඔප්ශන් ඇති අවස්තාවල ඒවට යන්න
එතකොට cvt ට්‍රිප්ට්‍රොනික් කරලා තියෙන්නේ කෝමද? ඒක වෙන්නෙ කම්පියුටර් එක හරහා ඩිෆයින් කරනවා මෙන්න මේ ගියර් රේශියෝ එක මේ ගියර් එක කියලා. එහෙම කරලා ඒ පොසිශන් ඒකෙම අල්ලන් ඉන්නවා
එතකොට මොකක්ද ඩුවල් ක්ලච්. ඩුවල් ක්ලච් කියන්නේ තවත් ගියර පද්දතිය සංකීර්න කරලා එෆිශන්සිය සහ පෆෝමන්ස් වැඩිකරගන්න පුලුවන් තාක්ශනයක්. ඩුවල් ක්ලච් වලදි කරන්නේ වෙනස් ක්ලච් දෙකක් භාවිතා කරලා ඔත්තේ සහ ඉරට්ටේ ගියර වෙන වෙනම මාරු කිරීම (පහත රූපය බලන්න). සරලවම කිව්වොත් මැනුවල් ගියර් පෙට්ටි දෙකක් එකක් ඇතුලේ හයි කරලා එක යුනිට් එකක් විදිහට වැඩ කරන්න හදලා ඒ දෙක වෙන වෙනම ක්ලච් මගින් පාලනය කිරීම. මේකේ වාසි තමා වේගෙන් ගියර මාරු කිරීමට හැකිවීම සහ ඒ මගින් හොද ඉන්දන කාර්‍යක්ශමතාවක් ඇති කිරීම. සාමාන්‍ය වාහනේක ක්ලච් එක වගේම මේකෙත් ක්ලච් එක ගෙවෙනවා. ගෙවුනහම මාරු කරන්න ඕන
ඉතින් ඇයි ඩුවල් ක්ලච් ලෙඩ
මේක ගැන මම වෙනම ලියන්නම්. ඩුවල් ක්ලච් ලෙඩ නෑ. ලෙඩේ තියෙන්නේ ලංකාවේ ටැක්ස් ක්‍රමේ. ඒකට අනුව ලංකාවට අපි ගෙන්නන්න ඕන අපිට ඕන වාහනේවත් ලංකාවේ මාර්ග පද්දතියට ගැලපෙන වාහනේවත් නෙමේ "ඇන්ජින් දාරිතාව අඩුම මරනේ". ලෝකේ වාහන හදන්නැතුව නෙමේ ලංකාවට කිරිබෝතලයක කිරිටික පුරවන්න බැරි CC වැල වාහන එන්නේ. එහෙම වෙන්නේ මේ ටැක්ස් ක්‍රමේ නිසා. ඉතින් ජුකී මැසිමක් සයිස් ඇන්ජිමක් ලොකු වාහනේකට තියල ඒක ඇඩ්වාන්ස් කරලා දුවන්න හදල එව්වහම මෙහෙ මෙහෙ නොගැලපෙන ඩ්‍රයිව් කන්ඩිශන් එක්ක ඒක කොහෙන් හරි කෙලවෙන්න එපැයි.
අන්න ඒක තමා ප්‍රදානම හේතුව ලංකාවට ගේන හුගාක් අලුත් වාහන ෆේල් වෙන්න. උබල අපි අසරන ටැක්ස් එකේ අති විශාල මුදල නිසා නෙමේ මේ ට්‍රැක්ස් ක්‍රමය නිසා එන කුරුම්බැට්ටි මැසිං සයිස් වාහන නිසාත්, ඒජන්ට් හරහා ලංකාවට ගෙන්නන්නේ නැතුව එක එක කල්ලතෝනි jdm මොඩල් ගෙනල්ලා මේකට පුරවන නිසාත් අපි තුං හතර පැත්තකින් හෙන අවාසනාවන්තයි ලාංකිකයෝ විදිහට.
ඉතින් ඕං ආච්චිටත් තේරෙන්න ලිව්වා.. ප්‍රශ්න තියෙන ඒවා දාන්න මම ඒවා මතක් තියන් වෙනම පෝස්ට් එකක් ලියන්නම්. වෙන වෙනම උත්තර දුන්නහම අනික් අයට බලාගන්න අපහසු නිසා. (නිසාන් cvt post එකේ ඒක උනා)
- කෝසල එදිරිසිංහ