The Tyre House

The Tyre House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Tyre House, Tire Dealer & Repair Shop, Kegalle.

🔴ඇරලා යන්න කලින් මේ පිළිබඳ දැනුවත් වෙන්න👇ආරක්ෂිත ගමනකට ඔබේ වාහනයේ ටයර් වල ආයු කාලය සහ උපරිම වේගය සඳහා  සඳහන් කර ඇති ඉංග්...
22/03/2024

🔴ඇරලා යන්න කලින් මේ පිළිබඳ දැනුවත් වෙන්න👇
ආරක්ෂිත ගමනකට ඔබේ වාහනයේ ටයර් වල ආයු කාලය සහ උපරිම වේගය සඳහා සඳහන් කර ඇති ඉංග්‍රීසි අක්ෂරය දැන ගැනීම ඉතා වැදගත් වේ.

සෑම ටයරයකම සයිඩ් එකෙන් වේගය ශ්‍රේණිගත කිරීම L සිට H දක්වා අක්ෂරයකින් දක්වා ඇති බව ඔබ දන්නවාද?

මීට අමතරව, ටයරයේ ආයු කාලය පැත්තක ඉලක්කම් හතරකින් දක්වා ඇත, පළමු ඉලක්කම් දෙකෙන් නිෂ්පාදනය කරපු මාසය සහ අවසාන අංක දෙකෙන් නිෂ්පාදිත වර්ෂය දක්වයි. ටයරයක වලංගු භාවය සාමාන්‍යයෙන් නිෂ්පාදනය කළ දින සිට වසර දෙක තුනක් පමණ වන බව සැලකිල්ලට ගැනීම වැදගත්.

එමනිසා, අනතුරු වළක්වා ගැනීමට ඔබේ ටයර්වල අධික වේගයේ පීඩනයට ඔරොත්තු දිය හැකි බව සහතික කරගැනීම ඉතා වැදගත් වේ.

බොහෝ ටයර් පුපුරන්නේ වේගය වැඩි වීම නිසා වන අතර, ඔබේ ටයර්වල සඳහන් අකුර පරීක්ෂා කිරීමෙන් මෙය වළක්වා ගත හැක. සෑම ටයරයක්ම නිශ්චිතව වේගය ශ්‍රේණිගත කිරීමක් ඇත,

🔴L අකුරෙන් අදහස් කරන්නේ උපරිම වේගය කිලෝමීටර 120 කි.
🔴M අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 130 කි.
🔴N අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 140 කි
🔴P අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 150 කි.
🔴Q අක්ෂරයේ තේරුම කිලෝමීටර 160 කි.
🔴R අකුරේ තේරුම කිලෝමීටර් 170 කි.
🔴H අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 210 ට වැඩි යන්නයි.

ඔබේ ටයරයේ උපරිම වේගය සඳහා වන අක්ෂරය සහ Expire date පිළිබඳව දැනුවත්ව සිටීම ඔබටත් ඔබේ පවුලේ අයගේ ආරක්ෂාවටත් ඉතා වැදගත්.

ටයර් ගැන අපි මොනවද දන්නේ?අපි අර ජාතිය හොඳයි මේ ජාතිය හොඳයි කීවට ඇත්තටම අපි ටයර් ගැන දන්න දෙයක් දැනන් ඉදලා නෑ කියලා ඔබට ම...
24/06/2023

ටයර් ගැන අපි මොනවද දන්නේ?

අපි අර ජාතිය හොඳයි මේ ජාතිය හොඳයි කීවට ඇත්තටම අපි ටයර් ගැන දන්න දෙයක් දැනන් ඉදලා නෑ කියලා ඔබට මේ post 1 කියෙව්වම තේරෙයි

ටයර් එකේ ගහල තියෙන ඉලක්කම් මොනවාද ?

පහත රෑපෙට අනුව අපි උදාහරණ බලමු

185-ටයර් එකේ පළල
බැලූන් size mm

75- ටයර් උස
රිම් කෙළවර සිට ටයර් එක බිම ගෑවෙන උස

R-Radial ටයර් එක නිපදවීමේ ක්‍රමය
සමහර වාහනවල R යෙදීම වෙනුවට

B ~Bias belt-
. . D~Diagobal

14~ටයර් එකේ විෂ්කම්භය
රිම් size

82~දැරිය හැකි බර ප්‍රමාණය
S- ගමන් කළ හැකි වේගය

වේගය සදහා වෙනම chart 1 අපි පහතින් සදහන් කරන්නම්

අවසානයේ කුඩා කොටුවේ ඇති ඉලක්කම් 4න් පිලිවෙලින් නිෂ්පාදිත වර්ෂයේ සතියත් දෙවන ඉලක්කමි 2න් නිෂ්පාදනය වර්ෂයත් පෙන්නුම් කරනවා

ටයර් කට්ට රටාව

විවිධ විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකූලව කට්ට රටා සහිත ටයර් වෙළඳාපොලට නිකුත් කරලා තියෙනවා.

ප්‍රධාන වශයෙන් වර්ග 3 යි

1.Symmetrical
2.Asymmetrical
3.Directiona

1.Symmetrical

එකම කට්ට රටාව සහිත දෙපැත්තම මාරු කර ධාවනයට යෙදිය හැක

වාසි- ලාභදායි වීම
ආයු කාලය ඉහළයි
කෙළින් මාර්ගයක ගමන් කිරීමේ දි සුවපහසුව
tyre rotation කළ හැක

අවාසි- පරණ තාක්ෂණයක් වීම
තෙත පරිසරයට සුදුසු නැත.ඝර්ෂණය අඩු වීම
sports car සදහා සුදුසු නැත

2.Asymmetrical
ඇතුළත සහ පිටත කට්ට රටා එකිනෙකට වෙනස් වේ.
පිට පැත්තේ කට්ට රටාව ඇතුළු පැත්තේ කට්ට රටාවට වඩා වෙනස් වේ.

වාසි- ව0ගු ගැනීමේදි හොඳ ඝර්ෂණයක් තිබීම.ඇතුල් කට්ට රටාව නිසා වතුර ඉවත්කර හොඳින් Grip වේ.

අවාසි -මිලෙන් අධික වීම
ආයු කාලයඅඩුයි

3.Directional

ලාක්ෂණික ඊතල හැඩය

වාසි-ඉතා විශාල ඡල පරිමාවක් වේගයෙන් ඉවත් කර ඉතා හොද ඝර්ෂණ බලයක් ලබා දීම

අවාසි -මිළ ඉතා අධික වීම
අඩු කල් පැවැත්ම

ටයරයක් පරිස්සමින් පාවිච්චි කරන්න නම් Tyre Rotation එක අනිවා කරන්න ඕනෙ

මොකද Front wheel 1 ගෙවෙන විදිය සහ back wheel 1 ගෙවෙන.විදිහේ ලොකු වෙනසක් තියෙනවා

පහත අපි දාන Diagram 1 හොඳට බලන්න

Address

Kegalle
71000

Website

Alerts

Be the first to know and let us send you an email when The Tyre House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share