Nilanga Radiator Works

Nilanga Radiator Works you can buy us brand new and recondition complete radiators,radiator tanks,coolent,radiator fans.

01/08/2026

NISSAN SUNNY N16/B15

01/08/2026
24/05/2026

187/1A, පහළ බියන්විල, කඩවත pizza hut ඉදිරිපිට
0778001581

24/05/2026

ඔබේ වාහනයේ රේඩියේටර් මූඩිය කියන්නේ නිකන්ම නිකන් සරල පියනක් නෙවෙයි. එය එන්ජිම විනාශකාරී ලෙස අක්‍රිය වීම වළක්වන ප්‍රධාන ආරක්ෂකයා ලෙස ක්‍රියා කරනවා. මෙය ක්‍රියා කරන්නේ කොහොමද?

- රේඩියේටර් මූඩිය මඟින් සිසිලන පද්ධතිය තුළ නිශ්චිත පීඩනයක් (PSI) පවත්වා ගෙන සිසිලනකාරකයේ (Coolant) තාපාංකය ඉහළ නංවනවා.

- රේඩියේටර් මූඩිය සමස්ත සිසිලන පද්ධතිය (Closed System) සහ අතිරේක ටැංකිය (Atmospheric Pressure) අතර valve ලෙස ක්‍රියා කරනවා. මූඩිය ලෙඩ වුණොත් මොකද වෙන්නේ?

- රේඩියේටර් මූඩියේ ඇති වෑල්ව නිසි පරිදි ක්‍රියා නොකිරීම නිසා සිසිලන පද්ධතියේ පීඩනය පවත්වා ගැනීමට නොහැකි වීමෙන්, සිසිලන දියර (Coolant) ඉක්මනින් නටා ඉක්මණින් වාෂ්ප වෙලා යනවා. මේ නිසා දියර අඩු වීමෙන් එන්ජිම අධික ලෙස රත් වෙනවා.

- එන්ජිම දිගින් දිගටම අධික ලෙස රත් වීම නිසා සිලින්ඩර් හෙඩ් එක ඇඹරීමට (Warping) හෝ හෙඩ් ගෑස්කට් එක පිලිස්සෙන්න පුළුවන්. මෙය ඉතා වියදම් අධික අලුත්වැඩියාවක්.

- මූඩියේ ඇති පීඩන සහන වෑල්වය (Pressure relief valve) ජෑම් වී ඇත්නම්, පද්ධතිය තුළ අධික පීඩනයක් ගොඩනැගිලා රේඩියේටර් හෝස් බට හෝ රේඩියේටරයම පිපිරීමට ඉඩ තියනවා.

- මූඩියේ රබර් සීල් (Seal) එක දිරාපත් වී ඇත්නම්, එන්ජිම ක්‍රියාත්මක වන විට රේඩියේටරය තුළ ඇතිවන පීඩනය නිසා මූඩිය වටා සිසිලන දියර කාන්දු වෙන්න පුළුවන්.

අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර:
➡ රේඩියේටර් මූඩිය රේඩියේටර් කටට හොදින් ගැළපෙන ප්‍රමාණයෙන් හා හැඩයෙන් යුක්ත විය යුතුයි. රේඩියේටර් මූඩිය මත සඳහන් කර ඇති පීඩන අගය (උදා: 0.9 kg/cm² හෝ 1.1 kg/cm² ) ඔබේ වාහනයේ නිෂ්පාදකයා නිර්දේශ කර ඇති අගයට සමාන විය යුතුයි.

➡ මූඩියේ ඇති රබර් වළලු (Gaskets) ඉරී හෝ දිරා පත්වී නොමැති බව සහ ඒවා නම්‍යශීලී බව තහවුරු කර ගත යුතුයි. කිසියම් හිරවීමක් හෝ දිරාපත්වීමක් ඇත්නම් වහාම මූඩිය ප්‍රතිස්ථාපනය කල යුතුයි.

➡ මූඩියේ ඇති පීඩන වෑල්වය සහ වැකියුම් වෑල්වය නිසි පරිදි ක්‍රියා කරන්නේදැයි පරීක්ෂා කළ යුතුයි.

➡ රේඩියේටරයේ මූඩිය සවි කරන මතුපිට පිරිසිදුව පවතින්නේද යන්න සහ අතිරේක ටැංකියේ සිසිලනකාරක මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යනවාද කියලා නිරීක්ෂණය කල යුතුයි.

රේඩියේටර් මූඩිය එන්ජිමේ ජීව කාලය තීරණය කරන පීඩන නියාමකයක් නිසා මෙම කුඩා උපාංගයේ දෝෂයන් නොසලකා හැරීමෙන් බලාපොරොත්තු නොවන ආකාරයේ වියදම් වෙන්න පුළුවන්.

ඔබේ මිතුරන්වත් මේ ගැන දැනුවත් කරන්න මේ ලිපිය Share
කරන්න!
මේ වගේ වැදගත් තොරතුරු දැන ගන්න cardealz.lk වෙත පිවිසෙන්න.

𝐂𝐚𝐫𝐝𝐞𝐚𝐥𝐳.𝐥𝐤
Sell with confidence, buy with trust!

14/04/2026
23/06/2025

Address

296/B, Pahalabiyanwila
Kadawatha
221005

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Nilanga Radiator Works posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share