Leasing ගුරු

Leasing ගුරු වාහන සිහිනය බොද නොවන්නට අපෙන් ඔබට අත්වැලක්...

මේ වෙලාවෙ එලි‍යට ‍‍යනවනන් ගෙදර ති‍යෙන cash ටිකක් අරන් ‍යන්න! Lankapay පැත්තෙ තාක්ශණික දෝශ‍යක් නිසා මේ වෙද්දි බැංකු බොහොම...
07/12/2025

මේ වෙලාවෙ එලි‍යට ‍‍යනවනන් ගෙදර ති‍යෙන cash ටිකක් අරන් ‍යන්න!

Lankapay පැත්තෙ තාක්ශණික දෝශ‍යක් නිසා මේ වෙද්දි බැංකු බොහොම‍යක වගේ ( Update : සි‍යලුම බැංකු )

- බැංකු අතර Online Transactions කරන්න බැරි වෙ‍යි! හැබැ‍යි ඒ බැංකුවෙම තවත් account එකකට Transfer කරන්න ගැටලුවක් නෑ

- වෙනත් බැංකුවම ATM එකකින් සල්ලි ගන්න එක වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන්

- Lankapay Cards වලින් සහ JCB card වලින් POS machine වල ගනුදෙනු කරන්න බැරි වෙ‍යි

හදිසි වැඩකට ගිහිල්ල ATM එකෙන් සල්ලි ගන්න බැරුව කරදර වෙනවට වඩා දැනගෙන ඉන්න එක හොඳ‍යි!

වාහන ගැසට් එකට රැවටුනාද? වාහන ආනයනය පිළිබඳ ඊයේ රජය ප්‍රකාශයට පත් කළ අංක  2421/04 ගැසට් එක කර්මාන්ත සඳහා (industrial purp...
29/01/2025

වාහන ගැසට් එකට රැවටුනාද?

වාහන ආනයනය පිළිබඳ ඊයේ රජය ප්‍රකාශයට පත් කළ අංක 2421/04 ගැසට් එක කර්මාන්ත සඳහා (industrial purpose) මිස, පෞද්ගලික වාහන ආනයනයට අදාල නොවේ.

2020 දී වාහන ආනයනයට අදාල HS Code සියල්ලම තාවකාලිකව තහනම් කර තිබුණි. 2024 දී රනිල් වික්‍රමසිංහ රජය කාර්මික වාහන ආනයනය සඳහා අවසර ලබාදීමට තීරණය කළේය. නමුත්, එම තාවකාලික තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කර තිබුණේ නැත. රජය පසුගිය 24 දා තීරණය අරගෙන අංක 2421/04 අංකයෙන් ජනාධිපතිතුමා අත්සන් කර ඇත. වාහන ගේන ගැසට් එක යැයි දැන් සංසරණය වන්නේ ඒ ගැසට් එකය.

වැට්, සෙස්, පැල්, ආරක්ෂක බද්ද ආදී බදු වෙනුවට එන්ජින් ධාරිතාවය අනුව (වංචනිකව වෙනස් කළ නොහැකි ආකාරයට) නිෂ්පාදන බද්දක් හඳුන්වා දෙනු ලැබීය. එයට හේතුව CIF අගය මත ගණනයේ දී වංචා සිදු කිරීමයි. වාහන ආනයනයේදී ප්‍රධාන බදු මුදල් තීරණය වන්නේ එංජින් ධාරිතාව (CC) මත වන කොම්පොසිට් ටැක්ස් එකය.

හැබැයි යම් සීමාවකට (රු. ලක්ෂ 35ට වැඩි) ඉහළ වාහන සඳහා සුඛොපභෝගී බද්ද (සුපර් ලක්ෂරි ටැක්ස්) පැනවීම එයට අමතරව සිදුවිය. IMF කොන්දේසි අනුව සෑම වසරකට බදු මිල (රටේ පවතින උද්ධමනය, ආදී ආර්ථික සාධක මත) සංශෝධනයට යටත් කිරීමට තීරණය විය.

දැන් 2025 න් පසුව නව ගැසට් දෙකක් අච්චු ගසා ඇත. එකක් බදු සංශෝධන ගැසට් එක ය. දෙවැන්න, පසුගිය රජයේ තීරණය මත ඊයේ නිකුත් කළ ‘කාර්මාන්ත වාහන’ තාවකාලික තහනම ඉවත් කිරීමේ ගැසට් එකය.

ආණ්ඩුව මේ මොහොතේ පුද්ගලික වාහන ගෙන්වීමට තවමත් සලකා බලමින් සිටින්නේ මෙයට පෙර තිබූ බදු ක්‍රමයට අමතරව වැට් බද්ද ක් එකතු කරමිනි. මේ දෙකම අවසන් වරට වාහන ආනයනයට අදාල නොවීය.

මෙය ගණනය කරන්නට හදන්නේ තවත් සංකීර්ණ ක්‍රමයකට ය. CIF අගය මත දැනට ගහන සියළුම බදු එකතු කර, එයට CIF අගයට තවත් 10% ක් අගයක් එකතු කර එයට 18% ක වැට් බද්දක් පැනවීම අනිවාර්යයෙන්ම සිදු වේ.

මෙයට අමතර තවත් කුමන හෝ බද්දක් (උදා - කස්ටම් ඉම්පෝට් ටැක්ස් CID) ක් පැනවීම බොහෝ විට අපේක්ෂිතය. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (2.5%) අය කිරීමක් නොකර එයට වැඩි ආදායමක් ලැබෙන කුමන හෝ නමකින් ක්‍රියාත්මක වීමේ ඉඩ වැඩිය.

වාහන ආනයනය සඳහා ඩොලර් බිලියනයක මුදල් වැඩ කිරීමට රජය/මහබැංකුව සුදානම් වේ. ඒ නිසාම නව වාහන සඳහා අත්තිකාරම් ගෙවීමේ දී පරිස්සම් සහගතවීම වැදගත්ය.

රජය වාහන පුද්ගලික වාහන ආනයනයට අවසර ලබා දෙනු ඇත්තේ මේ සියළු බදු පිළිබඳ අවසන් තීරණය ලබා ගැනීමෙන් පසුවය. එතෙක්, කාර්, ඩබල් කැබ්, ජීප් ආදී පුද්ගලික වාහන ගෙන්වීමේ ‘තාවකාලික තහනම’ එලෙසම ක්‍රියාත්මක ය.

ආසන 25 ට වැඩි බස්, ආසන 10 සිට 16 දක්වා වෑන්, ඩබල් කැබ්, හා ලොරි යන වාහන ඛාණ්ඩ හතරක් හැර අනෙක් කිසිවක් තවමත් ආනයනයට අවසර නැත ................................

රජිත් කීර්ති තෙන්නකෝන්..
ගෙන් උපුටා ගැනීමකි....

වාහන කළුකඩ මිළ පිළිබඳව වාහන ආනයන සීමා කළ අවස්ථාවේ Leasing ගුරු අප විසින් අනාගතය දකිමින් පළ කරන ලද එකල ලිපියක්..
17/01/2025

වාහන කළුකඩ මිළ පිළිබඳව වාහන ආනයන සීමා කළ අවස්ථාවේ Leasing ගුරු අප විසින් අනාගතය දකිමින් පළ කරන ලද එකල ලිපියක්..

ඉදිරියේදී මේ රටවල් පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය තහනම් කරයි.By 2025:Norway 🇳🇴 By 2029:Belgium 🇧🇪 By 2030: Germany 🇩🇪...
07/09/2024

ඉදිරියේදී මේ රටවල් පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය තහනම් කරයි.

By 2025:
Norway 🇳🇴

By 2029:
Belgium 🇧🇪

By 2030:
Germany 🇩🇪
Greece 🇬🇷
Iceland 🇮🇸
Israel 🇮🇱
Netherlands 🇳🇱
Sweden 🇸🇪
Denmark 🇩🇰

By 2035:
Canada 🇨🇦
Chile 🇨🇱
China 🇨🇳
Italy 🇮🇹
Japan 🇯🇵
South Korea 🇰🇷
Portugal 🇵🇹
Thailand 🇹🇭
UK 🇬🇧
USA 🇺🇸

By 2040:
Austria 🇦🇹
Croatia 🇭🇷
Egypt 🇪🇬
El Salvador 🇸🇻
India 🇮🇳
Ireland 🇮🇪
Mexico 🇲🇽
New Zealand 🇳🇿
Pakistan 🇵🇰
Poland 🇵🇱
Spain 🇪🇸
Turkey 🇹🇷

ලංකාව මේක 2022 දීම පටන් ගත්ත, අලෙවිය විතරක් නෙමේ ගෙන්නන එකත් නැවැත්තුව. කවුද කියන්නේ ලංකාවේ ඉන්නේ දුර දකින නායකයෝ නෙමේ කියල.

Shone waik පිටුවෙන්

JAGUAR XJ එදා සිට අද දක්වා..❤️අපගේ සමූහය සමග එකතුවීමට..https://facebook.com/groups/526534431238259/ඔබට අපගේ Leasing ගුරු...
27/06/2024

JAGUAR XJ එදා සිට අද දක්වා..❤️

අපගේ සමූහය සමග එකතුවීමට..

https://facebook.com/groups/526534431238259/

ඔබට අපගේ Leasing ගුරු page එක මගින් දැනුමට යමක් එකතු කර ගැනීමට හැකි වී ඇතිනම් අපගේ Page එක Follow කිරීමට සහ Review එකක් දැමීමට අමතක නොකරන්න ( අහිංසක ඉල්ලීමකි..)

ශ්‍රී ලංකාව තුළ 90 දශකයේ රජ කෙරූ වෑන් රථ..1. Toyota Hiace1961 දී ප්‍රථම වරට ජපානයේදී එළිදුටු ටොයෝටා මාදිලියේ හයිඒස් වෑන්...
25/06/2024

ශ්‍රී ලංකාව තුළ 90 දශකයේ රජ කෙරූ වෑන් රථ..

1. Toyota Hiace

1961 දී ප්‍රථම වරට ජපානයේදී එළිදුටු ටොයෝටා මාදිලියේ හයිඒස් වෑන් රථය ලංකාව තුල වඩාත් ප්‍රචලිත වුනේ එහි තුන්වැනි සංස්කරණය වෙන h50, h60 සහ h70 කාණ්ඩයේ වාහන පෙළයි. මෙහි නිෂ්පාදන වර්ෂ ලෙස 1982 – 1989 කාලය සඳහන් වුනත් ලංකාවට මේ වාහන ගෙන්වන ලද්දේ 90 දශකය මුල් භාගය තුළදීයි. මේ වාහන පෙළ වෙනස් වෙන්නේ h50 මාදිලිය (short wheel base) දිගින් අඩු මාදිලිය ලෙසත්, h60 මාදිලිය(long wheel base) දිග මාදිලිය ලෙසත්, h70 මාදිලිය (super long wheel base) උපරිම දිගින් වැඩි මාදිලිය ලෙසට බෙදමින්.

ලංකාව තුල වඩාත්ම ජනප්‍රිය මාදිලිය වුනේ h60 කාණ්ඩයේ වෑන් රථයි. එයිනුත් h61 කාණ්ඩයේ වෑන් රථය වඩාත් ජනප්‍රිය වෙනවා. Shell මොඩ්ල් නමින් හඳුන්වන්නේ මේ වාහන මාදිලියයි. 2000සීසී එන්ජින් ධාරිතාවක් සහිතව, ආසන 12 (සීට් පේලි 3) පැමිණි මේ වාහනය වර්තමානයේ මිලෙන් රුපියල් මිලියන 1.9 සිට 2.5 දක්වා පරාසයකට මිල විහිදෙනවා.


2. ISUZU Fargo

වෙළඳ උවමනාවන් (commercial use) සඳහා ඉසුසු සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ෆාර්ගෝ වෑන් රථයේ පළමු පරම්පරාවේ (First Generation) වාහන ලංකාවට පැමිණෙන්නේ 90 දශකය මුල භාගයේදීයි. සාමාන්‍යයෙන් බර අදින්නට හොඳින් හැකියාව පවතින මේ වෑන් මොඩලය ලංකාවට ගෙන ආ පසුව ලංකාවේ කාර්මිකයින් විසින් ආසන පේලි 2 සහ 3 මාදිලි ලෙසට වෙනස් කර ලංකාවේ වෙළඳ පොලට නිකුත් කරනු ලැබුවා.

ෆාර්ගෝ හි පළමු පරම්පරාවේ වෑන් රථය මැනුවල් ගියර් පද්ධතියකින් සහ 1950සීසී එන්ජින් ධාරිතාවකින් යුතුව නිෂ්පාදය කර ඉදිරිපස වායුසමීකරණයෙන් යුතු වෙනවා. එහෙත් ලංකාව තුල නම් ඩුවල් ඒසී කරන ලද වෑන් රථ සොයා ගන්නට අපහසු නැහැ.

මෙහි වර්තමාන මිල රුපියල් 500,000 – 1000,000 දක්වා විහිදෙනවා.

දෙවැනි පරම්පරාවේ (Second Generation) ෆාර්ගෝ වෑන් රථ ලංකාවට පැමිණෙන්නේ 1995න් පසුවයි. එය අන්තර්ජාලය තුල ඉසුසු සමාගමෙන් නිෂ්පාදනය කළා යැයි කියුවත් ලංකාවට එන්නේ නිසාන් කැරවෑන් වෑන් රථයක් ලෙසටයි.


3. Nissan Vanette

Cab over වෑන් මාදිලියට අයිති Nissan Vanette මුලින්ම නිෂ්පාදනය වන්නේ 1978දියි. මුල්ම කාලේ ඩට්සන් වැනට්, නිසාන් සනී වැනට්, නිසාන් චෙරි වැනට් යන නම් වලින් ප්‍රචලිත වෙන පළමු පරම්පරාවේ වැන් රථ ලංකාවට එන්නේ හරිම අඩු ප්‍රමාණයක්.

එහෙත් ලංකාවට 90 දශකයේදී පැමිණෙන්නේ Nissan Vanette හි දෙවෙනි තුන්වෙනි සහ සිව් වෙනි පරම්පරාවේ වැනට් වෑන් රථ යි. 1200cc සිට 2000cc දක්වා පැතිරෙන වැනට් වල එන්ජින් ධාරිතාව සමඟ තවමත් පැරණි මාදිලියේ වාහන වලට හොඳම ඉල්ලුම තිබෙනවා, වර්තමානයේ මිලෙන් රුපියල් මිලියන 1.6 සිට 3.0 පමණ මිල පරාසයක් ඇතුලත හොඳම වර්ගයේ වැනට් වෑන් රථයක හිමි කරුවෙක් වන්නට ඔබට පහසුවෙන්ම හැකියාවක් තිබෙනවා.

4. Nissan Caravan

ඉසුසු සමාගමේ ෆාර්ගෝ වැන් රථය වගේම වෙළඳ උවමනාවන් (commercial use) සඳහා නිසාන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කැරවෑන් වෑන් රථය අදටත් ජනප්‍රියත්වයේ ඉහලින්ම තිබෙනවා. Nissan Urvan, Nisan King Van සහ Nissan HOMY යන නම් වලින් හඳුන්වන වෑන් 90 දශකයේ මෙරටට ගෙන්නූ මේ කැරවෑන් මාදිලියේ වෑන් අතරට වැටෙනවා. මේ වාහනය වර්තමානයේ මිලෙන් රුපියල් මිලියන 2.5 සිට 4.5 දක්වා අතර පරාසයකට විහිදෙනවා.

ඩීසල් ඉන්ධන වලින් ධාවනය වෙන මේ මාදිලියේ වැන් රථ වල එන්ජින් ධාරිතාව 2000 – 2500 cc දක්වා විහිදෙන බව කියන්නටම අවශ්‍යයි. ජ්‍යාත්‍යන්තරය තුල E24 යන මාදිලි අංකනයෙන් හඳුන්වන මේ වාහනය දැනටත් ලංකාවේ මහා මාර්ග වල රජ කරන වෑන් එකක් වෙනවා.

5. Nissan Serena

ඉස්සර සදහටම ඔබ මගේ කියලා වෑන් එකක් හැඳින්වුවා මතකද? ආ ඒ තමා මේ නිසාන් සෙරීනා වෑන් එක. MPV එහෙමත් නැතිනම් multi-purpose vehicle මාදිලියට අයත් වෙන වාහනයක්. Passenger vehicle එකක් ලෙස ඊට ගැලපෙන ලෙසටම නිපදවා අපේ රටට එවුවත් ලංකාවේ කුමක්දෝ හේතුවක් නිසා වාහන ලෝලීන් අතර ජනප්‍රිය වුනේ නැහැ. අධිකව හීට් වීම, වායුසමීකරණ පද්ධතියේ දෝෂ වැනි දේවල් පැමිණෙන නිසා මේ මාදිලියේ ඉල්ලුම තව තවත් පහල බැස්සා.

එකල වාහන ලෝලීන් අතර පැතිරුණු ආරංචියක් තමා මේ වාහන මාදිලිය අසමත් මාදිලියක් බවත් නිසාන් සමාගම විසින් නැවත මේ වාහන එකතුකිරීම අරඹා ඇති බවත්. නමුත් අන්තර්ජාලයේ අපි කරුණු සොයා බැලුවත් එවැනි ආරංචියක් ගැන හෝඩුවාවක් වත් නැහැ,.

එන්ජින් ධාරිතාව 1600cc, 2000cc, 2300cc ලෙස වර්ග කිහිපයක්ම වෙළඳපොළට නිකුත් කෙරෙන සෙරීනා වෑන් රථය වර්තමානයේ රුපියල් මිලියන 1.3 සිට 2.4 පමණ මිල පරාසයකින් යුතුව මිලදී ගන්නට හැකියාව තිබෙනවා.

6. Toyota Townace / Liteace

නිසාන් වැනට් මාදිලිය වගෙම cab over වාහන මාදිලියට අයත් වෙන ටවුන්ඒස් සහ ලයිට්ඒස් මාදිලි එකම අත්තේ පිපුණු මල් දෙකක් ලෙසට සම කරන්නට හැකියි. එක හා සමාන එන්ජින් මාදිලි කිහිපයක් සහිතව එන මේ වාහන 1200cc 1600cc 2000cc එන්ජින් ධාරිතාවලින් යුතු වෙනවා. බොහෝ විට ගැසොලින් වලින් ධාවනය වෙන මේ වාහනය ඩීසල් එන්ජින් සහිතව නිකුත් කල අවස්ථාත් තිබෙනවා.

විශේෂයෙන්ම ලංකාවට ගෙන එන ලද බොහොමයක් මේ වර්ගයේ වාහන තිබෙන්නේ ඩීසල් වාහන බව මතක තබා ගැනීම වැදගත්. M30, M40, M50, M60, M70, M80 මාදිලි සහ R20, R30, R20, R30 rebodied මාදිලියේ වාහන ලංකාව තුල වඩාත් ජනප්‍රිය වූ බව කියන්නට පුළුවන්. මේ වාහන තවමත් ලංකාවේ මහාමාර්ග වල ධාවනය වෙනවා. මිලෙන් ගත කල රුපියල් මිලියන 1.5 සිට 3.0 දක්වා පරාසයකට මේ වාහන සියල්ලම විහිදෙන බව කියන්නට පුළුවන්.

අපගේ සමූහය සමග එකතුවීමට..❤️

https://www.facebook.com/groups/526534431238259/

ඔබට අපගේ Leasing ගුරු page එක මගින් දැනුමට යමක් එකතු කර ගැනීමට හැකි වී ඇතිනම් අපගේ Page එක Follow කිරීමට සහ Review එකක් දැමීමට අමතක නොකරන්න ( අහිංසක ඉල්ලීමකි..)

හරි පොතයි හොර පොතයි අඳුනගන්න.වාහනයක පොතක් බලන්නේ කොහොමද?ගොඩක් අය හිතාගෙන ඉන්නේ වාහනයක පොත හෙවත් ලියාපදිංචි සහතිකය බලන්න ...
24/06/2024

හරි පොතයි හොර පොතයි අඳුනගන්න.

වාහනයක පොතක් බලන්නේ කොහොමද?

ගොඩක් අය හිතාගෙන ඉන්නේ වාහනයක පොත හෙවත් ලියාපදිංචි සහතිකය බලන්න තමන් හොඳට දන්නවයි කියලයි. බලමු ඔබ කොච්චර දුරට හරිද කියලා. ගොඩක් අය පොතක් අරගෙන බලන්නේ අයිතිකරුගේ නම ලිපිනය, පරම අයිතිය, වාහනයේ නිෂ්පාදිත වර්ෂය, ලියාපදිංචිය වාගේ සරලම දේවල් විතරයි. ඔය ටික පොතේ මුද්‍රණය කරලම තියෙනවනෙ. ඕවා බැලූවා කියලා අපිට වාහනයේ නිරවුල් භාවය පිළිබඳව කිසිම නිගමනයකට එන්න බෑ. අපි වාහනයක පොතක් අරන් එහි අංක එකේ සිට සටහන් මෙහෙම බලමු.


ලියාපදිංචි කිරීමේ අංකය – කියලා දෙන්න ඕන නෑනෙ. කවුරුත් දන්නවනෙ.


⛔ චැසියේ අංකය

පොතේ තියෙන චැසි අංකයත්, වාහනයේ තියෙන චැසි අංකයත් පරීක‍ෂා කරන්න. චැසි අංකය වාහනයේ දෙතැනක තියෙනවා. එකක් චැසියේම කොටා තිඛෙන එකක්. ඒක තමයි කියවගන්න ඕනෑ. එහි අංකවල සුළු හෝ වෙනසක් තිඛෙනවා නම් මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යොමුකර නිරවුල් කරගන්නම ඕනෑ. බිංදුවට ඕ අකුර, නවයට පී අකුර, එක ට හතේ ඉලක්කම වාගෙ වැරදි පොතේ තියෙන්න පුලූවන්. ඒවා හදාගන්න ඕනෑ. 2004 වසරේ ලියාපදිංචි කළ බඩී වෑන්වල එහෙම වැඩිපුරම තියෙන්නේ චැසියේ මුල් කොටස විතරයි. දැන් මේකත් අපි හදාගන්න ඕනෑ.

චැසි අංක කොටන්න යන්න කවුරුහරි උපදෙස් දුන්නොත් හොඳවයින් දෙකක් කියන්න. ඒක නීති විරෝධීයි. එහෙම කොටලා තිඛෙන වාහන ගන්නත් එපා. දැන දැන ඇයි ප්‍රශ්ණවලට යන්නෙ?


⛔ වර්තමාන අයිතිකරු

“මම තමයි වර්තමාන අයිතිකාරයා” කිව්වට බෑ. ඔප්පු කරගන්න සාධක ඔබ සොයාගන්න. අයිඩී එක බලන්න. ලිපිනය බලන්න. හොරු ජාවාරම් කරන්නෙත් ඔය විදිහටම නිසා බොහොම කල්පනාවෙන් තේරුම් ගන්න වෙනවා. ඔහු විස්තර ඉල්ලද්දී මගහරිනවා නම්, හදිසි කරනවා නම්, කාර්ය බහුල බවක්ම පෙන්වනවා නම්, කේන්ති ගන්නවා නම්, ඔබත් එක්ක කතා නොකර කෝල් කර කරම ඉන්නවා නම් අතහැරලා එන එක තමයි හොඳ. ඔබ වියදම් කරන්න යන්නේ ලක‍ෂ ගණනක්. වරද්දා ගත්තොත් ගොඩ එන්න පුලූවන්ද?

ඒ වගේම ලිපිනය කියවලා බලන්න. මුහුදුබඩ ප්‍රදේශවල වැඩි කළක් පාවිච්චි කළ වාහන දිරා යාමේ ප්‍රවනතාව වැඩියි. දිරන්නේ අහුමුළු. ලිපිනය දැක්කහම දිරුම් ගැන වැඩිපුර බලන්න. වාහනයේ වර්තමාන හිමිකරු සමාගමක් බව පොතේ සඳහන් වෙනවා නම් පැවරුමට අදාලව තවත් අමතර ලියකියවිලි අවශ්‍ය වෙනවා. පැවරුම් ලේඛණවල එම්බෝස් සීල් හෙවත් තෙරපුම් මුද්‍රාව තිබිය යුතුයි. තෙරපුම් මුද්‍රාව භාවිත නොකරන සමාගමක් නම් ඒ බවට වෙනම ලිපියක් ඕනෑ. සමාගමේ ලියාපදිංචි සහතිකයේ පිටපතක්. ෆෝම් 48 හෝ ෆෝම් 20 ලේඛණය. මෙම පැවරුමට විරුද්ධ නොවන බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට සමාගම මගින් ලියනු ලබන ලිපිය.



⛔ පොත ඩුප්ලිකේට්ද?

කොන්දේසි/විශේෂ සටහන් – පොත ඔරිජිනල් දල ඩුප්ලිකේට්ද කියලා මෙතන තියෙනවා. පොත DUPLICATE නම් එක් දින පැවරුම් ලබා ගැනීම අසීරුයි. ඒ නිසා ලීසිං ගියොත් අයිතිකරුට චෙක් එක දෙන්නේ සාමාන්‍ය පැවරුමකට පස්සෙ. කාලය ගත වෙනවා. සමහර මුල්‍ය ආයතන ඩුප්ලිකේට් සහතිකය සහිත වාහනවලට ණය මුදල් අනුමත කරන්නේ නැහැ. හැබැයි ඩුප්ලිකේට් පොත් සහිත හොඳ තත්ත්වයේ වාහන වෙළඳපළේ අනන්ත හමුවෙනවා. ඒත් ඉහත ලියකියවිලි ගැටළු හින්දා වටිනාකම අඩුවෙන් ගන්නත් පුලූවන්. විකුණන්න වෙන්නෙත් එහෙමයි. මෙම වාහනය ගෙන්වලා තියෙන්නේ බදු සහන යටතේ නම් ඒ ගැන මෙතැන තියෙනවා. ඒ නිසා ලියාපදිංචි දිනය බලන්න. එතැන් පටන් අවුරුදු හතරක් හෝ පහක් යනතුරු පැවරුම කරන්න බැහැ. එක්කෝ පැවරුම කරනවා නම් බදු ගෙවන්න වෙනවා. ඕවා නොදැන ගත්තොත් කරදරයි.



⛔ ෆිනෑන්ස් තියෙන වාහනයක්ද?

පරම අයිතිකරු.- ලීසිං තිඛෙනවා නම් එක පාරටම බයවෙන්න එපා. ලීසිං අවසන් කළ බවට වන ඩිලීෂන් ලෙටර් එක තිඛෙනවද බලන්න. ඒ ලියුමේ තියෙන වාහන අංකයත්, ලීසිං සමාගමේ නාමයත්, මෝටර් ප්‍රවාහන කොමසාරිස්ට එඩ්රස් කළ ලියුමක්ද බවත් චෙක් කරගන්න.



⛔ එන්ජින් අංකය බලමු.

එන්ජින් අංකය හොයාගන්න ටිකක් අමාරුයි. ඒත් ඒකත් චෙක් කරලා ගැළපෙනවද කියලා බලලම ගත්තොත් තමයි හොඳ. එන්ජින් එකක් අලූතෙන් තියලා ආර්එම්වී එකේ රෙජිස්ටර් කරලා නැති වාහන තියෙනවා. ඒවා රෙජිස්ටර් කරගන්න ඕනෑ. එන්ජින් එක ගත්ත බිලත් ඉදිරිපත් කරන්න ඕනෑ. 7 සිට 28 දක්වා පොතේ මුද්‍රිත තොරතුරු කියැවීමෙන් වාහනයේ නිරවුල්භාවය සමබන්ධ නිගමනවලට එන්න සාධක නැහැ.



⛔ ඉන්ෂුවරන්ස් කන්ඩම් වාහනයක්ද?

පෙර අයිතිකරුවන් අතර රක‍්ෂණ සමාගමක නාමයක් දැක්කොත් හරි පරෙස්සමෙන්. හොඳට බලන්න. ඉතා කෙටි කලකින් රක‍්ෂණ සමාගම මෙම වාහනය නැවත පැවරීමක් කර තිබේ නම් දෙවරක් සිතන්න. මෙය ඉන්ෂුවරන්ස් කන්ඩම් කළ වාහනයක් විය හැකියි. දැඩි අනතුරුවල දී රක‍ෂණ සමාගම් එම වාහන වන්දි ගෙවා ලබාගෙන අඩු මුදලට විකුණා දමනවා. ඇත්තෙන්ම ඒවා නැවත අලත්වැඩියා කර

පාව්චිචියට සුදුසු ඒවා නොවෙයි. ඒත් අපේ සමහර අය එවැනි වාහන අඩු ගානට ගෙනත් හොයන්න බැරිවෙන්න හදලා විකුණා දමනවා. මෙවැනි අලත්වැඩියාවන්වල ආයුෂ අඩුයි. යළි යළිත් කැඩී යාම්, වෙනස් වීම් සිදුවෙනවා. වාහනය අනතුරු දායකයි. 19 සහ 27 – ලීසිං ගන්නවා නම් නිෂ්පාදිත වර්ෂයත්, පළමු ලියාපදංචියත් බලන්න.

මොකද ලියාපදිංචියෙන් වසරක් තුළ පවරන වාහනයකට දැන් ලීසිං ලබාගන්න පුලූවන් සියයට පනහක් විතරයි. ලියාපදිංචියෙන් වසරක් ඉක්ම ගිහින් නම් සියයට හැත්තෑවක් පුලූවන්. පොතේ අක‍්ෂර රටා ගලපා බැලීමල ලොට් අංක පිරික්සීම, පොත මුද්‍රණය කළ දිනය බැලීම ආදියෙන් යම් යම් නිගමනවලට එන්න පුලූවන් වෙන්නේ ඒ ගැන හොඳ දැනුමක් සහ නිරන්තර අධ්‍යයනයක් ඇති අයට විතරයි...

අපගේ සමූහය සමග එකතුවීමට..

https://facebook.com/groups/526534431238259/

ඔබට අපගේ Leasing ගුරු page එක මගින් දැනුමට යමක් එකතු කර ගැනීමට හැකි වී ඇතිනම් අපගේ Page එක Follow කිරීමට සහ Review එකක් දැමීමට අමතක නොකරන්න ( අහිංසක ඉල්ලීමකි..)

එකට පටන් ගන්න...එකට අවසන් කරන්න ☺️හැමෝටම තාත්තාගෙන් හෝ අම්මාගෙන් හිමිවන නිවාසක් හෝ ඉඩමක් නැත, නමුත් එය කමක් නැත.සෑම යුවළ...
24/06/2024

එකට පටන් ගන්න...එකට අවසන් කරන්න ☺️

හැමෝටම තාත්තාගෙන් හෝ අම්මාගෙන් හිමිවන නිවාසක් හෝ ඉඩමක් නැත, නමුත් එය කමක් නැත.

සෑම යුවළකටම මධුසමය සදහා බාලි හෝ සිංගප්පූරැ යා නොහැක.නමුත් එය කමක් නැත.

සෑම යුවළකටම දැනටමත් ගරාජය තුළ තමන්ටම හිමි මෝටර් රථයක් නැත.නමුත් එය කමක් නැත.

ඒ මක්නිසාද යත් එක්ව ඔබට ආසාවන් ජය ගත හැකි නිසාය, භෞතික දෑ උපයා ගත හැකි නිසාය. අපට එක්ව සිහින සැබෑ කර ගත හැකි නිසාය.

ඒ ආදරය, ගෞරවය, අවංකබව නොපසුබට උත්සාහය සමගය. ඒ නිසා එකට පටන් ගන්න සහ අත් නොහරින්න! ♥️

උපුටාගැනීමකි..

අපගේ සමූහය සමග එකතුවීමට..

https://facebook.com/groups/526534431238259/

ඔබට අපගේ Leasing ගුරු page එක මගින් දැනුමට යමක් එකතු කර ගැනීමට හැකි වී ඇතිනම් අපගේ Page එක Follow කිරීමට සහ Review එකක් දැමීමට අමතක නොකරන්න ( අහිංසක ඉල්ලීමකි..)

ඔයා නිවසක් හදන්නද යන්නේ....ලංකාවේ අපිට නිවසක කියන්නෙම සංස්කෘතික අංගයක් වගේ...ඒ කියන්නේ සැමට නිවසක් වගේ සංකල්පයක් තියෙනවා...
23/06/2024

ඔයා නිවසක් හදන්නද යන්නේ....

ලංකාවේ අපිට නිවසක කියන්නෙම සංස්කෘතික අංගයක් වගේ...
ඒ කියන්නේ සැමට නිවසක් වගේ සංකල්පයක් තියෙනවා ...හැමෝම උත්සාහ කරන්නේ කොහොම හරි තමන්ගෙම කියලා පැළක් හරි අටව ගන්න....🤝🤝❤️

හැබැයි ඔන්න ඔතනදී බහුතරයකට වරදින තැනක් තියෙනවා ...පටන් ගන්නේ පැලක් හරි කියලා...නමුත් ඇදගන්නේ මන්දිරයක්...මන්දිරයක් හදන්න තියෙනවා නම් හොදයි අවංකවම....

නිවසක් හදන්න පෙර මේ ටික බලන්නම ඕනේ.....

💎 මුලින්ම තමන්ට අවශ්‍ය ආකාරය පිලිබද සැලසුම් කරගන්න...අන්තර්ජාලය මගින් හෝ තොරතුරු ලබා ගන්න...මේක ටික කලක් වැය වෙන්න පුළුවන් ......මොකද විටින් විට වෙනස් කීරීම ඉල්ලන් කෑමක්...

💎හොද ගෘහනිර්මාණශිල්පියෙක් හමුවෙලා සැලසුම ග්ණ්න අදහස දෙන්න...මොකද ඒ සදහා යන වියදමට ලෝභ වෙන්න එපා..සැලසුම අනුව තමයි වැඩේ කොර නොවී කරගන්න පහසු වෙන්නෙ....

💎ඔහුට කියාසිටින්න තමන්ගේ අවශ්‍යතා වගේම ඒ සදහා දැරිය හැකි වියදම ගැන.....ලක්ශයක් මාසෙට ආදායම තියාගෙන කෝටියක ගෙයක් ඇදගත්තොත් කී කාලයක් හදන්නද.....

💎ඔයා කැමති නම් හොද නැකතක් හදාගන්න..ඒ ගැන විශ්වාස නැත්නම් ගැටලුවක් නෑ...මන් දන්න බහුතරයක් ධනවතුන් නම් වැඩ කරලා තියෙන්නෙ නැකත් අනුව....ඔවුන් ඒක ලෝකෙට කිව්වෙ නැති උනාට....

💎 ඔයාට මාසෙට යොදවන්න පුළුවන් මුදල ගනනය කරගන්න....කොටින්ම ඔයාගේ ආදායමෙන් සීයට පනහක් වගේ තමයි ඔයාට මේකට යොදවන්න වෙන්නෙ..සමහර විට ඊට යෙදවිය හැකි ප්‍රමාණය අඩු වෙනවා....

💎අනාගතයේ උපයන මුදල් ගැන සිහින මවාගෙන අත්තිවාරම දාගන්නම එපා....කොටි වල්ගේ අල්ලගත්තා වගේ...

💎හැමෝගෙන්ම නොව්නත් ගෙවල් හදපු අය කිපදෙනෙක්ගෙන් අත්දැකීම් අහලා දැනගන්න..භාණ්ඩ ගන්න ලාභදායි ස්ථාන ගැන වගේ....

💎වැදගත්ම දේ ගේ හදලා ඉවර කරන්න බලාපොරොත්තු වෙන වසර ගාන සහ වසරකට නිමාකරන දේ සටහනක් තබාගන්න...නැත්නම් ජීවිත කාලේම හද හද ඉන්න වෙයි...

💎ඒ වගේම මතක තියාගන්න ඔයා ඇස්තමේන්තු ක්ල මුදලට වඩා අවම තව සීයට 40 ක් වත් එයට එකතු වෙන බව.....

💎හොද කාර්මික ශිල්පීන් හොයාගන්න....වැඩ චාටර් කරන අය උනොත් ඔයාට ගෙවල් හැදිලි එපා කරවයි.....

💎ගේත් එක්කම ටික ටික ගෙමිදුල හදාගන්න plan කරන්න..එතකොට ගේ හදලා ඉවර වෙනකොට ගෙමිදුල ලස්සන වේවී.....

💎ඔයා ඔරලෝසුව බැදන හාමු වගේ ඉන්නේ නැතිව උදැල්ල අරන් ඔයත් වැඩේට බහින්න....

💎 ඒ වගේම ජිවීත කාලේම ඔයාට අතුපතු ගාලා,paint කරලා නඩත්තු කරගන්න පුළුවන් ප්‍රමාණයට හදාගන්න ...අනුන් එක්ක තරගෙට හදන්න එපා...

💎කැමති නම් වාස්තු වලට අනුව හදන්න....

💎නිවසේ කාමර ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න...

ඉතින් ඔන්න වගේ කාරනා ගැන අවදානය යොමු කලොත් ඔයාගේ හීනෙට සීරුවෙන් අපූරුවට යන්න පුළුවන් .නැත්නම් ජීවිත කාලේම හද හද ඉන්න වෙයි...සමහර විට ඉතිරි බාගේ හදන්න වෙන්නෙ දරුවන්ට...අනික මතක තියාගන්න ඔයා හදන කැදැල්ලේ දරුවන් ඉන්නත් පුළුවන් ...යන්නත් පුළුවන් ...කොටින්ම කිව්වොත් තමන්ට පුලුවන් තරම් room එකයි,kitchen එකයි හරි කොටින්ම ගේකට ඇති....

✍️Himali Kolonne - උපුටාගැනීම

අපගේ සමූහය සමග එකතුවීමට..

https://facebook.com/groups/526534431238259/

ඔබට අපගේ Leasing ගුරු page එක මගින් දැනුමට යමක් එකතු කර ගැනීමට හැකි වී ඇතිනම් අපගේ Page එක Follow කිරීමට සහ Review එකක් දැමීමට අමතක නොකරන්න ( අහිංසක ඉල්ලීමකි..

රාත්‍රී කාලයේ පාළු මාවත් වල රිය පදවන ඔබට...ජනාකීර්ණ නොවන, රාත්‍රී කාලය සහ පාලු මාවත් හි රිය පදවන අවස්ථාවක මේ වගේ දෙයක් ද...
23/06/2024

රාත්‍රී කාලයේ පාළු මාවත් වල රිය පදවන ඔබට...

ජනාකීර්ණ නොවන, රාත්‍රී කාලය සහ පාලු මාවත් හි රිය පදවන අවස්ථාවක මේ වගේ දෙයක් දුටු වහාම ඔබ විසින් කල යුත්තේ එතන කල්පනා කරමින් හෝ රථයෙන් බැස නිරීක්ශණයන් කරමින් හෝ කාලය ගත කිරීම නොව රථය වහාම දීර්ඝ වේගවත් පිටුපස ධාවනයක් හෙවත් රිවර්ස් කිරීමයි. ඉන් හැකි පලමු අවස්ථාවේදීම ආපසු හරවා පැමිණි දෙසට ධාවනය කල යුතුයි.

මේ කාලය අතරතුර කවුරුන් හෝ අදාල ක්‍රියාවලියට භාධා කර මාර්ගය අවහිර කරන්නේ නම් ඔබගේ සහ ඔබගේ මවගේ, දියණියගේ, බිරිදගේ ජීවිතය මෙන්ම අනුමාන කල හැකි අපරාධය සම්බන්ධයෙන් පුද්ගලික ආරක්ශාවේ අයිතිය, භාවිතා කිරීමට ඔබට අවකාශය ඇත.

එවන් අවස්ථාවකදී පදවන වාහනය ඔබගේ ආයුධය වේ ..

(උපුටාගැනීමකි - මුල් හිමිකරුට අපගේ ප්‍රණාමය)

අපගේ සමූහය සමග එකතුවීමට..

https://facebook.com/groups/526534431238259/

ඔබට අපගේ Leasing ගුරු page එක මගින් දැනුමට යමක් එකතු කර ගැනීමට හැකි වී ඇතිනම් අපගේ Page එක Follow කිරීමට සහ Review එකක් දැමීමට අමතක නොකරන්න ( අහිංසක ඉල්ලීමකි..)

"ලොවෙ ප්‍රථම, සුලං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය ලංකාවෙන්"ඔහු නමින් නිලංග සෙනෙවිරත්න ඈපා. තවමත් යොවුන් වියේ පසුවන තරුණ ඉංජ...
22/06/2024

"ලොවෙ ප්‍රථම, සුලං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය ලංකාවෙන්"

ඔහු නමින් නිලංග සෙනෙවිරත්න ඈපා. තවමත් යොවුන් වියේ පසුවන තරුණ ඉංජිනේරු මහත්මයෙක්. කණගාටුවට කරුණ නම් ඔහුගේ මේ විශිෂ්ඨ සොයා ගැනීම ගැන මාධ්‍යය මගින් නිසි සැලකිල්ලක් නොලැබීමයි.

පැයට කි.මී. 60ක වේගයෙන් ධාවනය කල හැකි මෙහි blue prints සඳහා අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.

Nilanga: To clear the facts, as to my knowing this car Runs on Kinetic energy of the air sucked in from the front turbines to power up a specially designed engine. Special mechanism is used to maximize the turbine efficiency and rotation. The prevailing air powered cars founded up-to this car; uses compressed Air to power up pistons in the engine, which proved to be dangerous.Its just like running a car with a car bomb. But this Sri Lankan car proved to be 100% safe as to the developer. Its equal to a windmill built in to run the engine.

ඔබට මේ ගැන උනන්දුවක් ඇත්නම් හෝ ඔහුට දිරි දීමක් ලෙස මාධ්‍යය හරහා මෙයට නිසි අවධානයක් ලබා දිය හැකි නම් ඔහුව සම්බන්ධ කරගත හැකි ආකරයන් පහතින් දක්වා ඇත.

Nilanga Senevirathne,
N.S.E Automobile Engineers
59 / A, Rathnawali Road, Kalubowila,Sri Lanka
Telephone: +94-06-2182147
Mobile : +94-77-6493957
Fax: +94-11-2785590

රටේ දේවල් අගය කරනවා නම් මෙය share කරන්න...
( උපුටා ගැනීමකි...)

අපගේ සමූහය සමග එකතුවීමට..

https://facebook.com/groups/526534431238259/

ඔබට අපගේ Leasing ගුරු page එක මගින් දැනුමට යමක් එකතු කර ගැනීමට හැකි වී ඇතිනම් අපගේ Page එක Follow කිරීමට සහ Review එකක් දැමීමට අමතක නොකරන්න ( අහිංසක ඉල්ලීමකි..)

First owner නෙවෙයි best owner තමයි වැදගත්..LH30 ජපනත් කොර ඒකටනම්..♥️🙂අපගේ සමූහය සමග එකතුවීමට.. https://facebook.com/grou...
22/06/2024

First owner නෙවෙයි
best owner තමයි වැදගත්..
LH30 ජපනත් කොර ඒකටනම්..♥️🙂

අපගේ සමූහය සමග එකතුවීමට..

https://facebook.com/groups/526534431238259/

ඔබට අපගේ Leasing ගුරු page එක මගින් දැනුමට යමක් එකතු කර ගැනීමට හැකි වී ඇතිනම් අපගේ Page එක Follow කිරීමට සහ Review එකක් දැමීමට අමතක නොකරන්න ( අහිංසක ඉල්ලීමකි..)

Address

Ja-Ela

Opening Hours

Monday 07:30 - 23:00
Tuesday 07:30 - 23:00
Wednesday 07:30 - 23:00
Thursday 07:30 - 23:00
Friday 07:30 - 23:00
Saturday 09:00 - 17:00
Sunday 10:00 - 17:00

Telephone

+94754020323

Website

Alerts

Be the first to know and let us send you an email when Leasing ගුරු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share