21/10/2025
හ්ම්"" ලා නිල් පැහැ දුහුල් ගවුමක් ලස්සන ලා රෝස පාට කම්මුල්.කඩා හැලුනු රැලි කොන්ඩය..මොකක්දෝ හදිස්සියකින් වගේ කලබල ගමන..ස්ටේශමේ සිටි කිහිපදෙනාගේම අවදානයට ලක්වෙච්ච මේ චූටි කෙල්ල අභිශේක් හමුවීමට පැමිණෙන බව ඔහු හීනෙකින්වත් සිතූ දෙයක්නම් නෙවෙයි.........කලබලේ වටපිට බලමින් ඇය සොයන්නේ දින කිහිපයකට පෙර ඇමතුමක් ලබාදී ඇයව,මුන ගැසීමට පැමිණෙන ලෙසට ආයාචනා කල ඔහුයි..මොකක්දෝ හැඟීමකින් අභිශේක්ගේ හිත පිරී තිබුනත් එම හැඟීම කුමක්දැයි ඔහුටත් ප්‍රෙහෙලිකාවක්...කිසිම දිනක නාඳුනන ගෑණු ලමයෙක් සමඟ වචන දෙකක් හෝ කතා නොකර සිටි අභිශේක් ඇයගේ පසුපසින් ගොස් ඇයගේ උරහිසට අත තබා "මිස් කාවද හොයන්නේ" කියලා අහනවා.ඔහුගේ අත්ලේ උනුසුම තදින්ම ඇයට දැනෙන්වා.තරු කැට මෙන් දුදුලන දෑසින් ඇය අභිශේක් දෙස හැරී බලනවා...දෙදෙනාගේ දෙනෙත් හමුවන විට ඔවුන්ගේ වචන මුවග ගොලු වෙනවා...තප්පර කීපයක් ඔවුන් සිටින්නේ ලොකු නිහඬතාවකින්...දැඩි නිහඬතාවකින් පසු ඇය කටහඬ අවදි කරනවා...."අයියේ...ඔයා මගෙ වචනෙ විස්වාස කරලා මාව බලන්න ආවා එහෙනම්....."අභිශේක් තාමත් දෙගිඩියාවෙන්.මෙච්චර හුරුපුරුදු කමින් ඔහු සමග මුහුනෙන් මුහුන බලාගෙන මේ කතා කරන්නේ කවුද.මේ ලස්සන කෙල්ල කවුද ....අභිශේක් දැන් බලා සිටින්නේ මේ කතාවේ දැන් ඊලඟට සිද්ද වෙන්න යන්නේ මොකක්ද කියලයි.........මීලඟ කොටසට>>>>>>>>>