21/02/2021
එදා කලු ගල් උණුකරලා බුදුන්වහන්සේගේ සිවුරේ රැල්ල ඇහැට පේන්නේ නැති විදිහට සකස් කරපු ගල්වඩුවන් ගැන නොදන්නවා වුනාට,
යෝධ ඇලේ අදටත් ඇති නැම්ම ගැන නොදන්නවා වුනාට,
සුද්දා කැලේ ඉන්නකොට මෙහේ තට්ටු හතේ මාළිගා තිබ්බා කියලා නොදන්නවා වුනාට,
අකුණු සන්නායක ගැන කතාකරද්දි චෛත්‍යයක වටේ ඉන්න අයෙකුට කිසිදිනක අකුණක් නොවදින ලෙස චෛත්‍යයේ හැඩය සකස් කරලා ඇතිබව නොදන්නවා වුනාට,
සුද්දාට අදටත් ප්‍රහේලිකාවක් වුන වැව් තාක්ෂණයෙන් අපේ රටේ මිනිස්සු කුඹුරු අස්වද්දලා පිටරටට වී යැව්ව බව නොදන්නවා වුනාට,
මිනිස්සු සියගානකටවත් උස්සන්න බැරි ගල් කුළුණු සිය දහස් ගනනක් උස් කදු මුදුන් වලට අරන් යන්න අපේ මිනිස්සුන්ට තාක්ෂණය තිබ්බ කියලා නොදන්නවා වුනාට,
වතුර මෝටර් නැතුව අඩි සිය ගනනක් උස ගල්කුළු වලට වතුර පොම්පකරන වතුර මල් පවා හදන්න පුළුවන් තාක්ෂණයක් අපේ උන්ට තිබුනා කියලා නොදන්නවා වුනාට,
සීටී ස්කෑන්,එක්ස් රේ පාවිච්චි නොකර නාඩි බලා , අංගලක්ෂණ බලා රෝග නිධානය සොයා එයට ප්‍රතිකාර කරලා නිට්ටාවටම සුවකරලා දුන්නත් සතපහක් වත් ඒකට අය නොකරපු වෙද මහත්තුරු හිටියා කියලා නොදන්නව වුනාට
☝️☝️☝️☝️👆👆
"සුද්දා ගල විද්ද එක ගැන නම් හොදට දන්නවා"
මෙහෙවු ජාතියක් අද කුණු ගොඩකට යටවී මිය යමින් සිටියි...!
දැන්වත්
අපේ කම සොයා යමු
නැත්නම් වැළලෙමු...
- උපුටා ගැනිමකි -