Slick - Sri Lanka

Slick - Sri Lanka Slick Premium Graphite Grease, engineered for heavy-duty performance and tested to 288°C under ASTM D566.

Verified in ISO 17025:2017 accredited labs, Slick ensures extended equipment life, smooth operation, and reliability in extreme conditions.

To support disaster-relief efforts, we’re offering free graphite grease for all humanitarian operation vehicles. Stay sa...
02/12/2025

To support disaster-relief efforts, we’re offering free graphite grease for all humanitarian operation vehicles. Stay safe and strong !

Call - +94714180296

ස්ලික් ග්‍රැෆයිට් ග්‍රීස් - ඉහළ කාර්යක්ශමතාවක් සහ දීර්ඝ කල් පැවැත්මක් 🚀වාහන හා කාර්මික ලිහිසිකාරක ක්ෂේත්‍රයේ නවීනතම අත්ද...
18/09/2025

ස්ලික් ග්‍රැෆයිට් ග්‍රීස් - ඉහළ කාර්යක්ශමතාවක් සහ දීර්ඝ කල් පැවැත්මක් 🚀

වාහන හා කාර්මික ලිහිසිකාරක ක්ෂේත්‍රයේ නවීනතම අත්දැකීම ග්‍රැෆයිට් ග්‍රීස් සමඟින් ලබා ගන්න. අධික පීඩන හා උෂ්ණත්ව තත්ත්වයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අපගේ දියුණු සංයෝග, මිනිරන් වල අද්විතීය ග්‍රැෆීන් ස්ථර ව්‍යුහය උපයෝගී කර ගනිමින් අසමසම ආරක්ෂාවක් සහ කාර්යක්ෂමතාවක් සපයයි.

🔰 වැඩි දියුණු කල ලිහිසිකාරක විද්‍යාව සරලව

ග්‍රැෆයිට් වල ද්විමාණ ග්‍රැෆීන් ස්ථර, අඩු ඝර්ෂණ පටලයක් ලෝහ මතුපිට සාදයි. මෙය ලෝහ-ලෝහ ස්පර්ශය, තාපය සහ ගෙවීම් විශාල ලෙස අඩු කරයි. මෙම ආරක්ෂිත බාධකය සාම්ප්‍රදායික ලිහිසි තෙල් වලට වඩා බෙහෙවින් වැඩි වන අධික පීඩන හා උෂ්ණත්ව යටතේ ස්ථාවර කාර්ය සාධනයක් සහතික කරයි.

🔰 ප්‍රධාන වාසි

✅ උපකරණ වල ආයු කාලය දීර්ඝ කිරීම:
ඝර්ෂණය සහ ගෙවීම් සැලකිය යුතු ලෙස අඩු කිරීමෙන්, ලෝහ උපාංග වල ආයු කාලය දීර්ඝ වන අතර, නඩත්තු කාලය සහ ප්‍රතිස්ථාපන පිරිවැය අඩු කර සැලකිය යුතු ඉතිරියක් ලබා දෙයි.

✅ ඉහල කාර්යක්ෂමතාව:
ඝර්ෂණය නිසා සිදුවන බලශක්ති හානිය අවම කිරීමෙන් යන්ත්‍රෝපකරණ ක්‍රියාකාරිත්වය වඩාත් සුමට හා කාර්යක්ෂම කරයි. මෙය බලශක්ති ඉතිරිකිරීම් සහ අඩු මෙහෙයුම් උෂ්ණත්වයන්ට මඟ පාදයි.

✅ බහුකාර්ය යෙදුම්:
මෝටර් රථ, බර යන්ත්‍රෝපකරණ සහ අධික කාර්මික පරිසරයන්හි අද්විතීය අවශ්‍යතා සපුරාලීම සඳහා විවිධ NLGI ශ්‍රේණිවලින් සහ විශේෂිත සංයුතිවලින් ලබා ගත හැකිය.

✅ ආන්තික පරිසර තත්ව වල විශ්වාසනීයත්වය:
අධික උෂ්ණත්වය, ජලය හෝ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන විට වාෂ්ප වීම හා බිඳ වැටීමට ප්‍රතිරෝධය දක්වමින්, අනෙකුත් ලිහිසි තෙල් අසාර්ථක වන තැන්වලදී ස්ථාවර ලිහිසි කිරීමක් පවත්වා ගනී.

✅ පිරිවැය-ඵලදායී විසඳුමක්: නඩත්තු කාලය දීර්ඝ කිරීම, අමතර කොටස් ප්‍රතිස්ථාපනය අඩු කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මගින් දිගුකාලීන ඉතිරිකිරීම් ලබා දෙන බුද්ධිමත් ආයෝජනයකි.

✅ ඔබේ වාහන හා කර්මාන්ත වල මෙහෙයුම් සුමට කරන්න:
නිසි ලෙස යෙදීම සහ අඛණ්ඩව ලිහිසිකාරක යෙදීම උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. අපගේ ග්‍රැෆයිට් ග්‍රීස් අධික ලිහිසි තෙල් යෙදීම වැළැක්වීමට සහ බාහිර අපද්‍රව්‍ය වලින් ඵලදායීව ආරක්ෂා කිරීමට උපකාරී වන අතර, ලෝහ උපාංග ක්‍රියාකාරිත්වය සුමටව හා විශ්වාසනීයව ක්‍රියාත්මක වන බව සහතික කරයි.

පරීක්ෂණ මගින් විද්‍යාත්මකව ඔප්පු කරන ලද විශ්වසනීයත්වය, උසස් කාර්ය සාධනය සහ අඩු නඩත්තු කිරීමක් මෙන්ම වැඩි දියුණු කළ ඵලදායිතාවයක් සහිත අනාගතයක් සඳහා ග්‍රැෆයිට් ග්‍රීස් තෝරා ගන්න.

ඔබගේ ආයතනයටත් slick ග්‍රැෆයිට් ග්‍රීස් සාම්පල නොමිලේ ගෙන්වා ගැනීමට පහත පෝරමය පුරවන්න.

https://forms.gle/BPUU7QAwaJMmmbm7A

Officially We are the Number  #1 !!!We are proud to announce that Slick - Premium Graphite Grease has achieved a Recorde...
12/11/2023

Officially We are the Number #1 !!!

We are proud to announce that Slick - Premium Graphite Grease has achieved a Recorded temperature of 288 degrees Celsius for ASTM D566 (ISO 2176) Material Quality Tests, as defined and established by the American Society for Testing and Materials.

All standardizing tests were conducted in ISO 17025:2017 Accredited Laboratories.

This accomplishment is the outcome of a continuous research and development process over the last five years.

We take pride in being the sole Sri Lankan company that delivers graphite based processed and value-added finished products directly to end consumers in Sri Lanka.

✅ ලෝකයේ හොඳම අපේ මිනිරන් වලින් ✅ අපේ විද්‍යාඥියන් විසින් සකසන ලද ✅ ඇමරිකානු තත්ව සහතික ලත්✅ ලංකාවේ වෙළඳපොලේ ඔබට මිලදීගත්...
16/03/2022

✅ ලෝකයේ හොඳම අපේ මිනිරන් වලින්
✅ අපේ විද්‍යාඥියන් විසින් සකසන ලද
✅ ඇමරිකානු තත්ව සහතික ලත්
✅ ලංකාවේ වෙළඳපොලේ ඔබට මිලදීගත් හැකි
✅ එකම මිනිරන් අගය එකතු කල නිෂ්පාදනය

Slick - Sri Lanka Graphite Grease

නොමිලේ Slick - Sri Lanka Premium මිනිරන් ග්‍රීස් ගෙන්වා ගන්න___________________________________________2021 කියන්නෙ අපේ ...
31/01/2022

නොමිලේ Slick - Sri Lanka Premium මිනිරන් ග්‍රීස් ගෙන්වා ගන්න
___________________________________________

2021 කියන්නෙ අපේ නිමැවුම් වලට හොඳ අවුරුද්දක්. ලංකාවෙ වෙළඳපොලට හදන එකම මිනිරන් නිමැවුමට ASTM International කියන ජාත්‍යන්තර මට්ට්මේ තත්ව සහතිකය ලබාගන්න අපිට පුළුවන් උනා.

ඒ විතරක් නෙවෙයි, අවුරුදු එක හමාරක් තිස්සෙ කොළඹ, කොළඹින් පිට කරපු ප්‍රායෝගික භාවිත පර්‍යේශණ සාර්ථක වෙලා, වෙනද එක එක ඉල්ලපු අපේ ගණුදෙනුකාර මහත්වරු දැන් දෙක දෙක මිලට ගන්න තත්වයට ඇවිත් තියනවා.

අධික උෂ්ණත්ව හා පීඩන තත්ව වලට ගැලපෙන්න විද්‍යානුකූලව නිපදවපු; ඇමරිකානු ජ්‍යාතන්තර තත්ව සහතික වලින් පිදුම් ලබපු; ලංකාවෙ මිනිරන් වලින් ලංකාවෙදිම හදන එකම Graphite ග්‍රීස් එක ඔයාගෙ කර්මාන්ත ශාලාවට, ගරාජ් එකට නොමිලයේ අදම ඕඩර් කරන්න.

පහල ලින්ක් එකේ තියන ෆෝම් එක පුරවන්න.
https://forms.gle/hW8tErP5q2RmrxLp7

නැත්නම් 0789051755 වට්ස්ඇප් අංකයට පණිවිඩයක් තියන්න.

Slick Electra is the newest addition to our product range on our 1st Anniversary !!!
10/09/2021

Slick Electra is the newest addition to our product range on our 1st Anniversary !!!

Slick - Sri Lanka විසින් නිශ්පාදනය කරනු ලබන දෙවන අගය එකතු කරන ලද මිනිරන් තාක්ෂණෝපාදනය (Technopreneural Graphite Value Ad...
20/09/2020

Slick - Sri Lanka විසින් නිශ්පාදනය කරනු ලබන දෙවන අගය එකතු කරන ලද මිනිරන් තාක්ෂණෝපාදනය (Technopreneural Graphite Value Addition) ලෙස Slick - Scientist විද්‍යාගාර තත්වයේ මිනිරන් (Lab Grade Micro Graphite Powder) අද සිට වෙළඳපලට ඉදිරිපත් කරන්නේ හද පිරි සතුටිනි.

ලෝකයේ හොඳම ස්වාභාවික කාබන් ප්‍රභවය සහිත රට ලෙස ලොව සුපතල ශ්‍රී ලංකාව වසර 70කට ආසන්න කාලයක් විශ්වවිද්‍යාලය වල, පාසල් වල, උසස් තාක්ෂණික ආයතන වල විද්‍යාත්මක හා පර්‍යේශන අවශ්‍යතා සඳහා graphite carbon powder ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා ඇමරිකාව වැනි රටවල් වලින් ආනයනය කර ඇත.

නමුත් අද සිට ශ්‍රී ලංකාවේ එම අවශ්‍යතාවය ද සපුරා විදේශීය ඉල්ලුමට සරිලන නිශ්පාදනයක් වානිජ වශයෙන් නිපදවීමට හැකිවීම ශ්‍රී ලංකීය අප සැමගේ ජයග්‍රහණයකි.

සියලු නවෝත්පාදන ආයතන හා උසස් තාක්ෂණික ආයතන සඳහා මේ නිශ්පාදනය ලබාදීමට අපිට හැකියාව පවතියි.

එමෙන්ම අපේ දේශීය සම්පත් වල වටිනාකම හා එයට අගය එකතු කිරීමට ඇති හැකියාව පාසල් මට්ටමේ සිට සිසු සිසුවියන්හට ලබාදීමේ අරමුණින් මෙම නිශ්පාදනයේ නිදර්ශක අවශ්‍ය සෑම පාසල් විද්‍යාගාරයක් සඳහාම නොමිලයේ ලබාදීමට අප තීරණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු.

අපි දැනුම් කේන්ද්‍රීය නිශ්පාදනය ආර්ථිකයකයට අවශ්‍ය දැනුම රටපුරා විහිදුවාලීමට ඇපකැප වෙමු.

වැඩි විස්තර සඳහා අමතන්න - 0714180296

#අපිටපුලුවන්

We are proudly unveiling our first productSlick - Premium Multipurpose Graphite Grease The first Ever Value added Graphi...
12/09/2020

We are proudly unveiling our first product

Slick - Premium Multipurpose Graphite Grease

The first Ever Value added Graphite Product which any Sri Lankan could buy.

This product is engineered with the best raw materials and technology available and will compite with other renowned brands in International market with Made In Sri Lanka brand.

For further Details - +94 71 41 80 296 /
+94 78 905 17 55

අපි හොඳම දේවල් පිටරටට දීල බාල දේවල් පාවිච්චි කලේ ඉස්සර...ලංකාවෙ හැමෝටම ගන්න පුලුවන් ගාණකට ලෝකෙ හොඳම දෙයක් ළඟදීම...අපි රට...
05/09/2020

අපි හොඳම දේවල් පිටරටට දීල බාල දේවල් පාවිච්චි කලේ ඉස්සර...

ලංකාවෙ හැමෝටම ගන්න පුලුවන් ගාණකට ලෝකෙ හොඳම දෙයක් ළඟදීම...

අපි රටටයි වාහනේටයි එක පාර ආදරේ කරමු !!!

#අපිටපුළුවන් #අගයඑකතුකරමු

 #අපිටපුළුවන්   #අගයඑකතුකරමු
04/09/2020

#අපිටපුළුවන් #අගයඑකතුකරමු

Address

Samagi Mawatha
Beliatta
82400

Alerts

Be the first to know and let us send you an email when Slick - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share